ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝන ගැන නැගෙන දේශීය හා විදේශීය චෝදනා සමාජ ක්‍රියාකාරිනියන්ට එරෙහිව

දියත් කෙරෙන පොලිස් ප්‍රචණ්ඩත්වය මගින් සනාථ කෙරෙන බව මෙරට පැරණිතම වෘත්තීය සමිතියක් අවධාරණය කර තිබේ.

පෞද්ගලික අංශයේ කම්කරුවන් බහුතරයක් නියෝජනය කරන ලංකා වෙළෙඳ, කාර්මික සහ  පොදු සේවක සංගමය [CMU] විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ මානව හිමිකම් කඩ කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකුලව හා නීත්‍යානුකුලව පියවර ගන්නා ලෙසයි.

 

ත්‍රස්ත පනත යටතේ රඳවා සිටින ශිෂ්‍ය නායකයන් දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා නිරෝෂා ඩැනියෙල් හා ප්‍රියන්ති ප්‍රනාන්දු සමාජ ක්‍රියාකාරිනියන් දෙදෙනා විසින් පසුගිය 13 වැනිදා පැවැත්වූ කළුතර සිට කොළඹ දක්වා වූ පා ගමනට කළුතර දී හා පානදුරේ දී පොලිසිය බාධා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ භාෂණයේ නිදහස උල්ලංඝණය කිරීමක් බව CMU වැඩ බලන ප්‍රධාන ලේකම් සෙල්ලයියා පලනිනාදන් විසින් යවන ලද ලිපියේ දැක්වේ.



CMU වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ජනාධිපති වික්‍රමසිංහට අවධාරණය කරන්නේ අයිතීන් කඩ කරනු ලැබූ සමාජ ක්‍රියාකාරිනියන් දෙදෙනාට පොලිසීය මගින්
සාධාරණ වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.

එමෙන්ම එම අවස්ථාවේදී උසස් පොලිස් නිලධාරීන්ගේ තාඩන පිඩනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරියට ද වන්දි මුදලක් ලබා දී, කාන්තාවන් හිංසනයට පත් කරන මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියා නතර කිරීමට නීති රෙගුලාසි හඳුන්වා දෙන ලෙස ද එම ලිපිය මගින් ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමය ඉල්ලා ඇත.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්