The Leader News
BREAKING
ලෝකය හොල්ලන AI රැල්ල බිඳ වැටුණොත් ආසියාවට වෙන දේ●නව ව්‍යවස්ථාවට සාකච්ඡා ජනවාරියේ: පළාත් සභා ඡන්දය මුලින්ම●ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු●රියාද් ගුවන් තොටුපොළ ප්‍රහාරය: අනතුරු ඇඟවීමේ පද්ධතිය නිහඬ වූයේ ඇයි?● IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●සාලයේ ටීවී එකෙන් පැතිරෙන අලුත්ම AI අවදානම●කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

පොලිසියේ කාන්තා හිංසනයට එරෙහිව CMU ජනපතිට ලියයි

T

The Leader Desk

November 18, 2022 • 7:35 PM

පොලිසියේ කාන්තා හිංසනයට එරෙහිව CMU ජනපතිට ලියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දියත් කෙරෙන පොලිස් ප්‍රචණ්ඩත්වය මගින් සනාථ කෙරෙන බව මෙරට පැරණිතම වෘත්තීය සමිතියක් අවධාරණය කර තිබේ.
  • පෞද්ගලික අංශයේ කම්කරුවන් බහුතරයක් නියෝජනය කරන ලංකා වෙළෙඳ, කාර්මික සහ පොදු සේවක සංගමය [CMU] විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ මානව හිමිකම් කඩ කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකුලව හා නීත්‍යානුකුලව පියවර ගන්නා ලෙසයි.
  • CMU වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ජනාධිපති වික්‍රමසිංහට අවධාරණය කරන්නේ අයිතීන් කඩ කරනු ලැබූ සමාජ ක්‍රියාකාරිනියන් දෙදෙනාට පොලිසීය මගින් සාධාරණ වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.
  • එමෙන්ම එම අවස්ථාවේදී උසස් පොලිස් නිලධාරීන්ගේ තාඩන පිඩනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරියට ද වන්දි මුදලක් ලබා දී, කාන්තාවන් හිංසනයට පත් කරන මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියා නතර කිරීමට නීති රෙගුලාසි හඳුන්වා දෙන ලෙස ද එම ලිපිය මගින් ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමය ඉල්ලා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

දියත් කෙරෙන පොලිස් ප්‍රචණ්ඩත්වය මගින් සනාථ කෙරෙන බව මෙරට පැරණිතම වෘත්තීය සමිතියක් අවධාරණය කර තිබේ.

පෞද්ගලික අංශයේ කම්කරුවන් බහුතරයක් නියෝජනය කරන ලංකා වෙළෙඳ, කාර්මික සහ  පොදු සේවක සංගමය [CMU] විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ මානව හිමිකම් කඩ කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකුලව හා නීත්‍යානුකුලව පියවර ගන්නා ලෙසයි.

 

ත්‍රස්ත පනත යටතේ රඳවා සිටින ශිෂ්‍ය නායකයන් දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා නිරෝෂා ඩැනියෙල් හා ප්‍රියන්ති ප්‍රනාන්දු සමාජ ක්‍රියාකාරිනියන් දෙදෙනා විසින් පසුගිය 13 වැනිදා පැවැත්වූ කළුතර සිට කොළඹ දක්වා වූ පා ගමනට කළුතර දී හා පානදුරේ දී පොලිසිය බාධා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ භාෂණයේ නිදහස උල්ලංඝණය කිරීමක් බව CMU වැඩ බලන ප්‍රධාන ලේකම් සෙල්ලයියා පලනිනාදන් විසින් යවන ලද ලිපියේ දැක්වේ.



CMU වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ජනාධිපති වික්‍රමසිංහට අවධාරණය කරන්නේ අයිතීන් කඩ කරනු ලැබූ සමාජ ක්‍රියාකාරිනියන් දෙදෙනාට පොලිසීය මගින්
සාධාරණ වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.

එමෙන්ම එම අවස්ථාවේදී උසස් පොලිස් නිලධාරීන්ගේ තාඩන පිඩනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරියට ද වන්දි මුදලක් ලබා දී, කාන්තාවන් හිංසනයට පත් කරන මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියා නතර කිරීමට නීති රෙගුලාසි හඳුන්වා දෙන ලෙස ද එම ලිපිය මගින් ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමය ඉල්ලා ඇත.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...