The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

අරගලකාරී දෙමළ අම්මලාට වන්නියේදී පොලිස් හිරිහැර

T

The Leader Desk

November 22, 2022 • 12:25 PM

අරගලකාරී දෙමළ අම්මලාට වන්නියේදී පොලිස් හිරිහැර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමළ ජනතාව රවට්ටන්න එපා, අතුරුදහන් කළ අපේ ඥාතීන් කෝ යනුවෙන් ප්‍රශ්න කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ රැදී සිටින මොහොතේ එම කාර්යාලයට ඇතුල්වීමට විරෝධතාකරුවන් ගත් උත්සාහය පොලිසිය විසින් වළකා තිබුනේ දෙමළ මව්වරුන් පීඩාවට පත් වන ආකාරයෙනි.
  • ජනාධිපතිවරයා පිටව යෑමෙන් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා පැවැත්වීමට දෙමළ මව්වරුන්ට පොලීසිය ඉඩ ලබා දුන් බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
  • මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවි බිම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු කෙරෙහි ද එහිදී අවධානය යොමු වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
  • බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන්ට අත් කළ ඉරණම හෙළි කරන ලෙස අඛණ්ඩ හා දීර්ඝතම අරගලයක් සිදු කරමින් උතුරේ මව්වරුන් සිදු කරන ඉල්ලීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වු බවක් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබේ.


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොවැම්බර් 19 වැනි සෙනසුරාදා පෙරවරුවේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකට සහභාගී ව සිටියදී ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේදී විරෝධතා දැක්වු බලහත්කාරයෙන් අතුරුදහන් කළ වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් වල මව්වරුන් චෝදනා කළේ උතුරු, නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වුවන්ට යුක්තිය ඉටු කරන බවට රනිල් වික්‍රමසිංහ අගමැති සමයේදී  ලබා දුන් පොරොන්දු මේ තාක් ඉටු කර නොමැති බවයි.


දෙමළ ජනතාව රවට්ටන්න එපා, අතුරුදහන් කළ අපේ ඥාතීන් කෝ යනුවෙන් ප්‍රශ්න කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ රැදී සිටින මොහොතේ එම කාර්යාලයට ඇතුල්වීමට විරෝධතාකරුවන් ගත් උත්සාහය පොලිසිය විසින් වළකා තිබුනේ දෙමළ මව්වරුන් පීඩාවට පත් වන ආකාරයෙනි.


ජනාධිපතිවරයා පිටව යෑමෙන් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා පැවැත්වීමට දෙමළ මව්වරුන්ට පොලීසිය ඉඩ ලබා දුන් බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත්  පවසති.



amma

පළාත් මට්ටමින් කමිටු 08ක්


ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක් පත් කිරීමට කටයුතු කරන බව පැවසු  ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරු පළාතේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග සහ කෘෂි ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී පැවසු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය  පවසන්නේ.


උතුරු පළාතේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි මෙම සංවර්ධන කමිටු රැස්වීම කැඳවා තිබූ අතර එම දිස්ත්‍රික්කයන්හි මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් හමුවේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙතෙක් විසඳුම් ලැබී නොමැති ගැටලු රැසක් උතුරේ පවතින අතර  සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.


මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවි බිම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු කෙරෙහි ද එහිදී  අවධානය යොමු වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.


බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන්ට අත් කළ ඉරණම හෙළි කරන ලෙස අඛණ්ඩ හා දීර්ඝතම අරගලයක් සිදු කරමින් උතුරේ මව්වරුන්  සිදු කරන ඉල්ලීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වු බවක් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ නැත.


රජයේ ආරක්ෂක අංශ වලට අමතරව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය  උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීම කලක් තිස්සේම දෙමළ ජනතාවගේ විරෝධයට හේතුවී තිබේ.  


එකම සමීපතමයකු


යුද්ධයේ අවසාන දින වලදී රජයේ ආරක්ෂක අංශ භාරයට පත් වීම මෙන්ම සියතින්ම භාරදීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.


ඔවුන්ට අත්වු ඉරණම සෙවීම සදහා  වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරු මෛත්‍රී රනිල්  ආන්ඩුව විසින් 2018 පෙබරවාරි 28 අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවන ලද නමුත් ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට එම කාර්යාලයට  මේ තාක් හැකිවී  නැත.


මෙරට  අතුරුදහන් කිරීම් පිළිබඳව වැඩිම චෝදනා එල්ලවී තිබෙන්නේ රජයේ ආරක්ෂක අංශ වෙතය.


අතුරුදහන් තැනැත්තන් පිළිබඳ OMP කාර්යාලය විසින් ගණන් බලා ඇති පරිදි අඩුම වශයෙන් 21,000 ක් යුද සමයේත් ඉන් පසුවත් අතුරුදහන් වී ඇත.


ඒ අතරින් යුද්ධාවසානයෙදී යුද හමුදාවට භාරවීමෙන් පසු ආගිය අතක් නැතියවුන්ගේ ඉරණම හෙළි කරදෙන ලෙස ඥාතීන් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් ද කළ ඉල්ලීම ප්‍රමුඛත්වයෙහි ලා සැලකීමට එම කාර්යාලය නිර්දේශ කර තිබුනේ 2018 අගෝස්තුවේය.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...