The Leader News
BREAKING
ලෝකය හොල්ලන AI රැල්ල බිඳ වැටුණොත් ආසියාවට වෙන දේ●නව ව්‍යවස්ථාවට සාකච්ඡා ජනවාරියේ: පළාත් සභා ඡන්දය මුලින්ම●ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු●රියාද් ගුවන් තොටුපොළ ප්‍රහාරය: අනතුරු ඇඟවීමේ පද්ධතිය නිහඬ වූයේ ඇයි?● IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●සාලයේ ටීවී එකෙන් පැතිරෙන අලුත්ම AI අවදානම●කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

හෙල්මට් නෑ කියා දෙමළ තරුණයකුට සන්නද්ධ හමුදා පොලිස් ප්‍රහාරයක්

T

The Leader Desk

November 29, 2022 • 3:28 PM

හෙල්මට් නෑ කියා දෙමළ තරුණයකුට සන්නද්ධ හමුදා පොලිස් ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය ප්‍රාදේශිය කාර්යාලයේ සම්බන්ධිකාරක ටී කනගරාජ් පවසන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බවයි.
  • යාපනය, මානිප්පායි, ආලඩි හන්දියේදී නොවැම්බර් 28 වැනි සඳුදා රාත්‍රියේ පොලීසියේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ හා යුද හමුදාවේ සන්නද්ධ සෙබළුන් තරුණයකුට බිම දමාගෙන පහර දෙන ආකාරය ප්‍රදේශවාසීන් විසින් වීඩියෝ ගත කර තිබේ.
  • පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ හිස් වැසුමක් නොමැතිඳව යතුරු පැදියේ පිටු පස වාඩි වී ගමන් ගත් අයකුට අමානුෂික ලෙස පහර දෙන ලද බවයි.
  • තමන් කළ වරදට දඩ කොලයක් නිකුත් කරන ලෙස එම තරුණයා පොලීසියට පැවසීමත් සමග දෙපිරිස අතර බහින් බස් වීමක් ඇති වී පොලීසිය තරුණයාට පහර දීමත් සමග එම ස්ථානය ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබළුන් කිහිප දෙනෙක්ද එම තරුණයාට පහර දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය ප්‍රාදේශිය කාර්යාලයේ සම්බන්ධිකාරක ටී කනගරාජ් පවසන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බවයි.

යාපනය, මානිප්පායි, ආලඩි හන්දියේදී නොවැම්බර් 28 වැනි සඳුදා රාත්‍රියේ පොලීසියේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ හා යුද හමුදාවේ සන්නද්ධ සෙබළුන් තරුණයකුට බිම දමාගෙන පහර දෙන ආකාරය ප්‍රදේශවාසීන් විසින් වීඩියෝ ගත කර තිබේ.

“ගහන්න එපා” කියමින් ආයාචනය කරමින් එතනට මැදිහත් වන තරුණයකුට අසභ්‍ය වචනයෙන් බැන වැදී “පලයන් අහකට කන් නැතුව” යනුවෙන් එලවනු එහි දැක්වේ.

නිල ඇඳුමින් යුත් සෙබළකු බිම වැටී සිටින අයකු මත ඉඳගෙන සිටින විට තවත් සෙබළකු පැමිණ පා පැහැර දෙන ආකාරයද දැක ගත හැක.

“කෑම්ප් එකට කෝල් එකක් ගනිං. මේකා අරං යනවා දැන්” යනුවෙන් තවෙකෙක් කියනවාද ඇසේ.

පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ හිස් වැසුමක් නොමැතිඳව යතුරු පැදියේ පිටු පස වාඩි වී ගමන් ගත් අයකුට අමානුෂික ලෙස පහර දෙන ලද බවයි.



මානිප්පායි, ආලඩි හන්දියේදී ශ්‍රී ලංකා පොලීසිය රාජකාරියේ යෙදී සිටියදී එම ස්ථානයෙන් ගමන් ගත් යතුරු පැදියක පිටුපස වාඩිවි සිටි තරුණයා ආරක්ෂක හිස් වැස්මක් නොපැලඳ සිටීම සම්බන්ධයෙන් පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ. තමන් කළ වරදට දඩ කොලයක් නිකුත් කරන ලෙස එම තරුණයා පොලීසියට පැවසීමත් සමග දෙපිරිස අතර බහින් බස් වීමක් ඇති වී පොලීසිය තරුණයාට පහර දීමත් සමග එම ස්ථානය ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබළුන් කිහිප දෙනෙක්ද එම තරුණයාට පහර දී තිබේ. එම ස්ථානයෙන් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ද ඔහුට පහර දීමට එක්වු බවට ප්‍රදේශ වාසීන් චෝදනා කරයි.



එම ස්ථානයට ප්‍රදේශවාසීන් එක් රැස් වීමත් සමග පහර කෑමට ලක්ව තුවාල ලබා සිටි තරුණයා මානිපායි පොලීසිය වෙත රැගෙන ගොස් ඇති අතර නොවැම්බර් 29 වැනි අඟහරුවාදා යාපනය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.

අද උදෑසන යාපනය ශික්ෂණ රෝහලට ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පහරකෑමට ලක්වු තරුණයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ පහරකෑමට ලක් වු 28 වියැති තරුණයා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

 

 

 

 

xgsdfg

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...