The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
පුවත්

බලහත්කාරයෙන් කෝවිඩ් මළසිරුරු පුළුස්සා දැමීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

T

The Leader Desk

December 2, 2022 • 5:48 PM

බලහත්කාරයෙන් කෝවිඩ් මළසිරුරු පුළුස්සා දැමීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි.
  • මේවා ආදාහනය කරන්න කියලා එතුමා ප්‍රකාශ කළා." සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන් පසුගියදා පාර්ලිමේන්තුවේදී එම ඉල්ලීම කළේ ගිය ආණ්ඩුවේ බලවතුන් එම අමානුෂික පිළිවෙත හෙළා දැකීමට මේ ආණ්ඩුව යටතේ ඉදිරිපත් වීම සමගිනි.
  • දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේ වසංගත සමයේ ඇතැම් විශේෂඥවරියන්ගේ ප්‍රකාශ ජාතීන් අතර අසමානතාවයක් ඇති කිරීමට හා ගැටුම් ඇති වීමට හේතු වු බවයි.
  • කෝව්ඩ් 19 මෘත දේහ පුළුස්සා දැමීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට ඇති වගකීම මගහැර යන්නට විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි ද එදින පාර්ලිමේන්තුවේදී උත්සාහයක් දරනු දැකගත හැකිවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි.

" එතුමා කිව්වා පසුගිය කාලේ කෝවිඩ් මරන ආදාහනයද, භුමදානයද කියන ප්‍රශ්නයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර උදවිය අපිට වැරදි උපදෙස් දුන්නා. මේවා ආදාහනය කරන්න කියලා එතුමා ප්‍රකාශ කළා."

සමගි ජන බලවේගයේ මන්ත්‍රී  මුජිබුර් රහුමාන් පසුගියදා පාර්ලිමේන්තුවේදී එම ඉල්ලීම කළේ ගිය ආණ්ඩුවේ බලවතුන් එම අමානුෂික පිළිවෙත හෙළා දැකීමට මේ ආණ්ඩුව යටතේ ඉදිරිපත් වීම සමගිනි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේ වසංගත සමයේ  ඇතැම් විශේෂඥවරියන්ගේ ප්‍රකාශ ජාතීන් අතර අසමානතාවයක් ඇති කිරීමට හා ගැටුම් ඇති වීමට හේතු වු බවයි.

" අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්තුතිවන්ත වෙනවා, නිලධාරීන්ට. හැබැයි ඇතැම්  විශේෂඥයන් විසින් දුන්න වැරදි උපදෙස් නිසා ජාතීන් අතර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා."



දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ  ප්‍රකාශය පදනම් කරගනිමින් පරීක්ෂණයක් ඉල්ලා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් වැඩි දුරටත් චෝදනා කළේ, ආදාහනය නොව භුමදානවලට ඉඩ දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ලබා දී තිබුනද පැවැති ආණ්ඩුව රටේ ආගමික කොටසකට ඉතාම අයුතු සහගත ලෙස සලකා බලහත්කාරයෙන් ආදාහනය කළ බවයි.



කෝව්ඩ් 19 මෘත දේහ පුළුස්සා දැමීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට ඇති වගකීම මගහැර යන්නට විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි ද එදින පාර්ලිමේන්තුවේදී උත්සාහයක් දරනු දැකගත හැකිවිය.

ksdfඑම අවිද්‍යාත්මක තීරණයේ වගකීම ඔහු විසින් එල්ල කර තිබුනේ විශේෂඥ වෛද්‍යවරුන් වෙතයි.

"චන්න පෙරේරා කියලා වෛද්‍යවරයෙක්, එතුමාගේ කමිටි එක යටතේ ඉදගෙන මෙත්තිකා විතානගේ කියන මහත්මිය ජනමාධ්‍ය හරහා ඇවිල්ලා කිව්වා මේක වැලලුවොත් අවුරුදු කෝටි ගානකට පස්සෙත් මේ වෛරස් එක කඩාගෙන ඇවිල්ලා රට විනාශ වෙන්න ඉඩ තියනවා කියලා කිව්වා. "

එවැනි අසත්‍ය ප්‍රචාර සමාජගත කරන්නට කටයුතු කළ බවට ඇතැම් මාධ්‍ය චෝදනාවට ලක්කළ  එවක ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය වු වත්මන් විදේශ කටයුතු අමාත්‍යවරයා එම ප්‍රතිපත්තිය නිසා ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාව කොන් වූ බවටද මැසිවිලි නැගීය.

යටත් විජිත සමයේ නිරෝධායන නීති විරුද්ධවාදීන් මර්දනය සඳහා වසංගත සමයේ යොදාගැනීම සම්බන්ධයෙන් එවක අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කවර වගකීමක් උසුලන්නේද යන්න ජනාධිපති නීතිඥ අලි සබ්රි පැහැදිලි කළේ නැත.


ලංකාවට අපකීර්තියක්

ජාතිවාදී ප්‍රතිපත්තියක් බවට නැගුනු දෙස් විදෙස් විවේචන නොතකා අවුරුද්දක් තිස්සේ බලහත්කාරයෙන් පවත්වාගෙන ගිය සියලු කෝවිඩ් මළ සිරුරු පිළිස්සීමේ ප්‍රතිපත්තිය එවකට පැවැති ආණ්ඩුව විසින් වෙනස් කරනු ලැබුවේ 2021 මාර්තුවේ දීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයට හරස්ව යමින් ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින්  2020 ආරම්භයේ පටන් නියම කර තිබුනේ කෝවිඩ් මළ සිරුරු ආදාහනය කරන ලෙසයි.

එය යුක්ති සහගත කිරීමට ආණ්ඩුව විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවක මතය වූයේ කෝවිඩ් ආසාදිත මළ සිරුරු භුමදාන කිරීමෙන් භූගත ජලධාරා කෙලෙසෙන බවයි. එය පදනම් විරහිත අවිද්‍යාත්මක අභුතයක් සේ ලොව ප්‍රකට වයිරස් විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් ඇතුළු විද්වතුන් විසින් බැහැර කරනු ලැබුවද ආණ්ඩුව එය කිසිසේත් මායිම් කළේ නැත.



කොරෝනාබාධිතව මියයන ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ඉස්ලාමීය වත් පිළිවෙත් වලට පටහැනිව ආදාහනය කිරීමත්, වසංගත මර්දනය බාර රාජ්‍ය බලධාරීන් මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මුස්ලිම් විරෝධී වෛරය ඇවිලවීමත් ජාතිවාදී ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර හා දේශීය මානව හිමිකම් සංවිධානවල ගර්හාවට ලක්වුණි.



කෝවිඩ් 19 ආසාදිතව මළවුන්ගේ දේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජනවාර්ගිකත්වය කේන්ද්‍රකරගත් ප්‍රතිපත්තියක් ලෙස හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් කණ්ඩායමක් විසින් නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව දියත් කෙරුණු පළමු දැවැන්ත මහජන උද්ඝෝෂණය වන දෙමළ දේශපාලන නායකත්වයෙන් 2021 පෙබරවාරි මුල දින පහක් තිස්සේ කිලෝමීටර් 700ක් දුර  ගමන් කළ P2P නමින් ප්‍රකට පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා වූ පාද යාත්‍රාවේ දී මුස්ලිමුන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව ඉහළින්ම විරෝධය පලවිය.

ඉන් දින කීපයක් ඇවෑමෙන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කොරෝනාබාධිත මළ සිරුරු ඕට්ටමාවඩි සුසානයේ පමණක් භූමදානයට රජය හේතු දැක්වීමකින් තොරවම අවසර දුන්නේය.

අවිද්‍යාත්මක පදනමක පිහිටා පවත්වාගෙන යනු ලැබූ බලහත්කාර ආදාහන ප්‍රතිපත්තියෙන් මහත් දුකට හෙලනු ලැබූ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට කවර සහනයක් සලසන්නේද යන්න ආණ්ඩුව තවමත් ප්‍රකාශයට පත් කර නැත. 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...