ඒ වෙනුවෙන් එම සංවිධානය විසින් පලස්තීන ආක්‍රමණයට විරුද්ධ ව ලංකාවේ සිවිල් සංවිධාන සහ නිදහස අගයන සාමාන්‍ය ජනතාව සමග එක්ව එළඹෙන සිකුරාදා (15) සාමකාමී විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇත.
ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවට නිදහස් පලස්තීනයක් සඳහා වන ව්‍යාපාරයේ සාමාජිකයින් වන අමීන් ඉසඩීන්, හුසේන් ශාමිල්, ටාසි දහ්ලාන්, ඇන්ග්ලිකන් ෆ්‍රැන්සිස්කන් නිකායේ සාමාජිකයෙකු වන සහෝදර ලයනල් පීරිස්, සමස්තලංකා ජමියතුල් උලමා සභාවේ මහ ලේකම් අර්කම් නුරාමිත්, සමඟි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන අය සහභාගී වී සිටියහ.
මෙහිදී මේ වන විට පලස්තීනයේ දරුවන් ආහාර නොමැතිව දිනෙන් දින මරණයට පත්වෙමින් තිබේ. මෙවන් වූ අමානුශිකත්වයක් ඔබ අනුමත නොකරන්නේ නම් 15 වන සිකුරාදා ප.ව. 3.00 ට බොරැල්ල කනත්ත වටරවුමේ සිට බොරැල්ල කැම්බල් රථගාල දක්වා යන සාමකාමී විරෝධතා පා ගමනට එක්වන ලෙස ඔවුන් ජනතාව වෙත ආරාධනා කර සිටියේය.
මෙම පාගමන සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති Ramzy Razeek මෙසේ පවසයි.
පලස්තීන ප්‍රශ්නය ආගමික ප්‍රශ්නයක් හෝ ජාතීන් අතර ප්‍රශ්නයක් නොවේ. එය ලෝකයේ ජීවත්වන සියලු පීඩිත ජනතාවගේ නිදහස් අපේක්ෂාවන් පිළිබඳ ප්‍රශ්නයකි.
"පලස්තීන නිදහස් සටන ජයගන්නා තෙක් අපගේ නිදහස් සටන සම්පූර්ණ නොවනු ඇත" යනුවෙන් නෙල්සන් මැන්ඩෙලා පැවසුවේ ඒ නිසාය.
අද පලස්තීන ජනතාව මත බලෙන් පටවා ඇති යුද්ධය බටහිර නව යටත් විජිතවාදී ආක්‍රමණයට විරුද්ධ යුද්ධයකි.
එය කිසිසේත්ම ආගම් දෙකක් හෝ ජාතීන් දෙකක් අතර යුද්ධයක් නොවේ.
ඒ නිසා ලෝකයේ ජීවත් වන සියලුම ජනතාව ජාති ආගම් භේදයකින් තොරව පලස්තීන නිදහස් සටනට සහයෝගය දැක්විය යුතු අතර නව යටත් විජිත වාදයේ පලස්තීන ආක්‍රමණයට විරුද්ධව හඬ නැගිය යුතුය.
එය නිදහස අගයන, ආක්‍රමණයට විරුද්ධ සෑම මිනිසෙකුගේම මගහැර යා නොහැකි මානුෂීය වගකීමකි.
පලස්තීන ආක්‍රමණයට විරුද්ධ ව ලංකාවේ සිවිල් සංවිධාන සහ නිදහස අගයන සාමාන්‍ය ජනතාව එකට අත්වැල් බැඳ පා ගමනක් සංවිධානය කර ඇත.
ලොව පුරා පලස්තීන අරගලයට සහයෝගය දක්වන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සමඟ ශ්‍රී ලාංකික අපත් එක් වෙමු.
අගෝස්තු 15 - සවස 3.00 ට
බොරැල්ල කනත්තේ සිට කැම්බල් පාර්ක් දක්වා වූ පා ගමනට ජාති - ආගම් - පක්ෂ - පාට භේදයකින් තොරව සියලු දෙනා එකට අත්වැල් බැඳ ගනිමු.





