The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට

Awara

Awara

October 12, 2026 • 2:40 PM

ක්‍රිකට් පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
  • පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප නොකරන බවත්, එහි අඩංගු ඇතැම් වගන්ති සංශෝධනයකින් තොරව සම්මත වුවහොත් ක්‍රිකට් පරිපාලනයේ පැවැත්මට හා ස්වාධීනත්වයට බාධා එල්ල විය හැකි බවත් පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙයි.
  • ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව වැනි ප්‍රමුඛ පෙළේ රටවල පාලක මණ්ඩල ඡන්ද විමසීම්වලදී සමාජ ශාලා ඡන්ද අයිතිය මෙහෙයවන ආකාරය සලකා බලා මෙරට ව්‍යුහය ද සංශෝධනය විය යුතු බවට තර්ක කෙරේ.
  • විධායකය හා දේශපාලන අධිකාරිය සම්බන්ධ වගන්ති: ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අනුශාසක (Patron) ලෙස නම් කිරීම සහ සාමාජිකයන් හත්දෙනෙකුගෙන් යුත් නාමයෝජනා කමිටුවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ එකඟතාව මත දෙදෙනෙකු පත් කිරීමට ඇති විධිවිධාන පිළිබඳව විමතිය පළ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානී, නීතිඥ ආචාර්ය චානක සේනානායක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප නොකරන බවත්, එහි අඩංගු ඇතැම් වගන්ති සංශෝධනයකින් තොරව සම්මත වුවහොත් ක්‍රිකට් පරිපාලනයේ පැවැත්මට හා ස්වාධීනත්වයට බාධා එල්ල විය හැකි බවත් පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙයි.

පෙත්සමෙන් මතු කෙරෙන ප්‍රධාන ගැටලු මොනවාද?

පෙත්සම්කරු විසින් ප්‍රධාන වශයෙන් කරුණු තුනක් කෙරෙහි අධිකරණයේ අවධානය යොමු කරවා තිබේ:

1- ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන නගරයට පමණක් සීමා වීම:
දැනට කෙටුම්පත් කර ඇති ආකාරයට ක්‍රිකට් පරිපාලනය දිවයින පුරා විමධ්‍යගත නොවී කොළඹ කේන්ද්‍ර කරගත් ව්‍යුහයකට සීමා වීමේ අවදානමක් පවතින බව නිරීක්ෂණය වේ. ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාව වැනි ප්‍රමුඛ පෙළේ රටවල පාලක මණ්ඩල ඡන්ද විමසීම්වලදී සමාජ ශාලා ඡන්ද අයිතිය මෙහෙයවන ආකාරය සලකා බලා මෙරට ව්‍යුහය ද සංශෝධනය විය යුතු බවට තර්ක කෙරේ.

2- විධායකය හා දේශපාලන අධිකාරිය සම්බන්ධ වගන්ති:
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අනුශාසක (Patron) ලෙස නම් කිරීම සහ සාමාජිකයන් හත්දෙනෙකුගෙන් යුත් නාමයෝජනා කමිටුවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ එකඟතාව මත දෙදෙනෙකු පත් කිරීමට ඇති විධිවිධාන පිළිබඳව විමතිය පළ කර ඇත.

3- පාලක මණ්ඩලය විසුරුවා හැරීමේ බලය (44 වැනි වගන්තිය):
විෂයභාර අමාත්‍යවරයාට පවතින පාලක මණ්ඩලය විසුරුවා හැර තාවකාලික ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට බලය පැවරෙන 44 වැනි වගන්තිය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ස්වාධීනතා නිර්ණායක සමඟ ගැටිය හැකි බව නීති විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

පසුබිම සහ ජාත්‍යන්තර බලපෑම

මූල්‍ය අක්‍රමිකතා චෝදනා හමුවේ පසුගිය අප්‍රේල් මස ෂම්මි සිල්වා ප්‍රමුඛ විධායක සභාව ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් නමදෙනෙකුගෙන් යුත් 'ක්‍රිකට් පරිවර්තන කමිටුවක්' පත් කිරීමට පියවර ගැනිණි. ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා මාස හයකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා තිබිණි.

කෙසේ වෙතත්, සාමාජික රටවල දේශපාලන මැදිහත්වීම් හෝ අන්තර්වාර පාලන කමිටු පිළි නොගන්නා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC), මීට පෙරද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි තීන්දු ගෙන තිබේ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස 2027 සමාරම්භක කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ඉන්දියාව වෙත පැවරීමටද ජාත්‍යන්තර මණ්ඩලය පියවර ගත්තේය.

අදාළ නීති කෙටුම්පත සම්මත කිරීමට පෙර එහි ඇති නීතිමය හා ව්‍යවස්ථාපිත ගැටලු නිරාකරණය කරගැනීම ක්‍රීඩාවේ අනාගත පැවැත්මට තීරණාත්මක වනු ඇතැයි නීති හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ විශ්වාස පළ කරති.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...