The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

දෙමළ බෞද්ධ උරුමය මකා සිංහල බෞද්ධ ඉතිහාසයක් බිහි කිරීමට විරෝධයක්

T

The Leader Desk

May 10, 2023 • 2:40 PM

දෙමළ බෞද්ධ උරුමය මකා සිංහල බෞද්ධ ඉතිහාසයක් බිහි කිරීමට විරෝධයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බවට රජයට චෝදනා එල්ල වී තිබේ.
  • දෙමළ නිජභූමියේ දැවැන්ත සංස්කෘතික සංහාරයක් සිදු කරමින් සිටින බවට දෙමළ ජාතික සභාව කැඳවා තිබූ විරෝධතාවයට එක්ව සිටි නීතිඥ කනගරත්නම් සුගාස් එහිදී ආණ්ඩුවට චෝදනා එල්ල කළේය.
  • වසර 2000 ට පමණ පෙර යාපන අර්ධද්වීපයේ භාවනා ප්‍රගුණ කරමින් සහ ධර්මය වනපොත් කරමින් සිටිය දී දුර්භික්ෂ තත්වයක් නිසා අපවත් වූ රහතන්වහන්සේලා 60 කට අධික සංඛ්‍යාවකගේ ධාතූන්වහන්සේලා මෙහි තැන්පත් කර ඇති බවට බෞද්ධයන් අතර මතයක් පවති.
  • බෞද්ධ සංකේත "කන්දරෝඩෙයි ගම්මානයේ පැරණි බෞද්ධ සංකේත තියනවා කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොඩි පොඩි චෛත්‍ය හදලා ඒක නඩත්තු කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බවට රජයට චෝදනා එල්ල වී තිබේ.

දෙමළ ජාතික සභාවේ සංවිධානත්වයෙන් මැයි 7 වැනිදා විරෝධතා දැක්වු දෙමළ ජනතා නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් චෝදනා කළේ යාපනය කන්දරෝඩෙයි පුරා විද්‍යා භුමියේ අලුතින් ඉදිකළ අට්ටාලයක් තුළ මේ වන විට බුදු පිළිම තැන්පත් කර, කුඩා දාගැබ් සංකීර්ණයක් පිහිටි භුමියේ අලුතින්  බෞද්ධ විහාරයක් ගොඩනැගිමේ කටයුතු සිදු වන බවයි.

"අපේ ගමේ බෞද්ධ විහාර එපා, අපේ ගමට බෞද්ධ විහාරයක් මොකටද?, ජාතිවාදය අත්හරින්න - බෞද්ධ ධර්මය පිළිපදින්න," ආදී සටන් පාඨ දෙමලෙන්, සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් කියමින් ප්‍රදේශයේ ජනයා දියත් කළ විරෝධයට දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් හා  නීතිඥ කනගරත්නම් සුගාෂ් ද එක්ව සිටිනු දක්නට ලැබිණි.

00122

001220

001221

දෙමළ නිජභූමියේ දැවැන්ත සංස්කෘතික සංහාරයක් සිදු කරමින් සිටින බවට දෙමළ ජාතික සභාව කැඳවා තිබූ විරෝධතාවයට එක්ව සිටි නීතිඥ කනගරත්නම් සුගාස් එහිදී ආණ්ඩුවට චෝදනා එල්ල කළේය.

" රනිල්-රාජපක්ෂ ආණ්ඩුව දෙමළ නිජභූමිය ඉතා බරපතළ සහ ක්‍රමානුකූලව කොල්ලකමින් දැවැන්ත සංස්කෘතික සංහාරයක් සිදු කරමින් සිටිනවා. මේකට ඉඩ දුන්නොත් තව අවුරුදු 10කින් දෙමළ මාතෘභූමිය සම්පූර්ණයෙන්ම සිංහල බෞද්ධකමට හරවනවා."

අක්කර භාගයක පමණ වපසරියක් තුළ කුඩා දාගැබ් කිහිපයක්ම දැකිය හැකි උතුරේ පිහිටි ‌ඓතිහාසික භුමිය දකුණේ සිංහල බෞද්ධයන් විසින් කදුරුගොඩ විහාරය ලෙසත් උතුරේ දෙමළ ජනයා විසින් කන්දරෝඩෙයි ලෙසත් හඳුන්වනු ලැබේ.



මේ දාගැබ් බාර හාරාදිය පිණිස කළ ථූප හෝ සොහොන් යැයි හැටේ දශකයේ ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා කොමසාරිස්ව සිටි ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුරේ උපකල්පනය කරයි. වසර 2000 ට පමණ  පෙර යාපන අර්ධද්වීපයේ භාවනා ප්‍රගුණ කරමින් සහ ධර්මය වනපොත් කරමින් සිටිය දී දුර්භික්ෂ තත්වයක් නිසා අපවත් වූ රහතන්වහන්සේලා 60 කට අධික සංඛ්‍යාවකගේ ධාතූන්වහන්සේලා මෙහි තැන්පත් කර ඇති බවට බෞද්ධයන් අතර මතයක් පවති.



දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මැයි 7 වැනිදා යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කළේ කන්දරෝඩෙයි භුමිය දෙමළ බෞද්ධයන්ට අයත් නමුත් එය සිංහල බෞද්ධයන්ට අත්පත්කරගැනීම සදහා  හිටපු පාර්ලිමේන්තු නියෝජිතයන් මැදිහත්වී ඉඩමක් මිලදී ගෙන විහාරස්ථානයක් ඉදි කෙරෙමින් පවතින බවයි.


බෞද්ධ සංකේත

"කන්දරෝඩෙයි ගම්මානයේ පැරණි බෞද්ධ සංකේත තියනවා කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොඩි පොඩි චෛත්‍ය හදලා ඒක නඩත්තු කරනවා. ඒවා ඇත්තටම දෙමළ බෞද්ධාගමේ. දෙමළ බෞද්ධාගමෙන් ගත්ත එකක් තමයි මේක. ඉතින් ඒක සිංහල බෞද්ධ කියලා කියන්න ඒකට එහා පැත්තේ පෞද්ගලික ඉඩම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මිලදී අරගෙන බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට භාර දීලා, විහාරයක් හදන්න අවශ්‍ය දේවල් ගෙනල්ලා තියෙනවා."

විහාරස්ථානය ඉදිකිරීම වෙනුවෙන් ඉඩම මිලදී ගෙන භික්ෂුවකට පුජා කළ ජනතා නියෝජිතයන් කවුදැයි ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් එහිදී හෙළි කර නැත.

දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් උතුරේ බෞද්ධ විහාර ඉදිකරන බවට ගෙවීගිය මාසයකටත් අඩු කාලයක් තුළ  අවස්ථා දෙකකදී යුද හමුදාවට සහ රජයට චෝදනා එල්ල වී තිබුනි.



කන්කසන්තුරේ වලිකාමම් උතුරේ යුද හමුදාව විසින් අලුතින් ඉදි කර තිබෙන තිස්ස විහාරස්ථානය සමීපයේ මැයි 3 වැනිදා  සිට දින තුනක් විරෝධතා දියත් කළ දෙමළ ජනයා චෝදනා කළේ තමන්ට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් ප්‍රාදේශිය ඉඩම් බලධාරියාගේ අනුමැතියකින් තොරව යුද හමුදාවේ අනුග්‍රහයෙන් එම චෛත්‍ය ඉදිකර ඇති බවයි.



යාපනයේ නාවට්කුලියේ ශ්‍රී සමිද්ධි සුමන විහාරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ මාර්තු 18 වැනි සෙනසුරාදා විරෝධතා දියත් කළ දෙමළ ජනතා නියෝජිතයන් ඇතුළු පිරිස අවධාරණය කර කළේ නාවට්කුලි බෞද්ධ විහාරය දෙමළ ජනතාවගේ දේශයක බෞද්ධ ආක්‍රමණයේ ලකුණක් යන්නයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරාධිතයා ලෙස එම පිංකමට සහභාගී වීම සම්බන්ධයෙන් ද විරෝධතා දැක්වීමට එක්ව සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් එහිදී  මාධ්‍ය වෙත කියා තිබුනේ නාවට්කුලියේ සැලසුම් සහගතව සිංහල ජනාවාසයක් නිර්මාණය කර බෞද්ධ ආරාමයක් ද පිහිටුවා ඇති අතර එයට සිය විරෝධය පළ කරන බවයි.

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...