The Leader News
BREAKING
Top Ad
පුවත්

පිටු 17ක තීන්දුවෙන් පසු 'ශානිට' සලේගේ පවුලෙන් සහ නීතිඥයාගෙන් හදිසි මානුෂීය ආයාචනා!

T

The Leader Desk

June 11, 2026 • 3:44 AM

පිටු 17ක තීන්දුවෙන් පසු 'ශානිට' සලේගේ පවුලෙන් සහ නීතිඥයාගෙන් හදිසි මානුෂීය ආයාචනා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රේල් 22 දා ඉල්ලපු රිපෝට් එක අප්‍රේල් 21 දා ලියවුණේ කොහොමද?
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ගේ නෛතික සහ මානුෂීය සටන දැන් අලුත්ම හැරවුමකට ලක්ව ඇත.
  • ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිටු 17කින් යුත් තීරණාත්මක නියෝගයක් නිකුත් කිරීම සහ ඊට සමගාමීව සුරේෂ් සලේ ගේ බිරිඳ මනෝරි සහ නීතිඥ අසිත් සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත හදිසි ලිපි දෙකක් යොමු කිරීමත් සමඟය.
  • පිටු 17ක නියෝගය: කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ, සැකකරු කෘෘර වදහිංසාවලට ලක්ව ඇති බවට මෙතෙක් අධිකරණය විසින් කිසිදු ස්ථාවර නිගමනයකට පැමිණ නැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


* අප්‍රේල් 22 දා ඉල්ලපු රිපෝට් එක අප්‍රේල් 21 දා ලියවුණේ කොහොමද? - මුල්ලේරියාවේ මානසික වාර්තාවේ දින වකවානු අවුල උසාවිය මතු කරයි!

* "උපවාසය නතර කරන්න මට පුළුවන්, මට දිනපතා සලේ මුණගැහෙන්න දෙන්න" - නීතිඥ අසිත් සිරිවර්ධනගෙන් හදිසි ඉල්ලීමක්!


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ගේ නෛතික සහ මානුෂීය සටන දැන් අලුත්ම හැරවුමකට ලක්ව ඇත.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිටු 17කින් යුත් තීරණාත්මක නියෝගයක් නිකුත් කිරීම සහ ඊට සමගාමීව සුරේෂ් සලේ ගේ බිරිඳ මනෝරි සහ නීතිඥ අසිත් සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත හදිසි ලිපි දෙකක් යොමු කිරීමත් සමඟය.

පිටු 17ක නියෝගය:

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ, සැකකරු කෘෘර වදහිංසාවලට ලක්ව ඇති බවට මෙතෙක් අධිකරණය විසින් කිසිදු ස්ථාවර නිගමනයකට පැමිණ නැති බවයි. මීට පෙර ඉදිරිපත් වූ මුල්ලේරියාව ජාතික මානසික වෛද්‍ය ආයතනයේ වාර්තාව පූර්ණ වෛද්‍ය වාර්තාවක් නොවන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, එහි ඇති බරපතළ තාක්ෂණික දෝෂයක්ද හෙළි කළේය.

"පූර්වගාමී මහේස්ත්‍රාත්තුමා වෛද්‍ය වාර්තාව කැඳවීමට නියෝග කරන්නේ ඉකුත් අප්‍රේල් 22 වැනිදා. නමුත් එම වාර්තාවේ දිනය ලෙස සඳහන් වන්නේ අප්‍රේල් 21 වැනිදා. නියෝගය දෙන්න කලින් වාර්තාව හැදෙන්නේ කොහොමද?" මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේය.

එමෙන්ම එම වාර්තාවට අත්සන් තබා ඇති සෙසු වෛද්‍යවරුන් සිව්දෙනා විශේෂඥ වෛද්‍යවරුන් නොවන බවත්, ඔවුන් එහි අත්සන් තබා නොමැති බවත් නියෝගයේ දැක්වේ.

පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක්

මේ හේතුවෙන් අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවේදී වධ හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ  (ජුනි 10) පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කළේ ය.

එම වෛද්‍ය මණ්ඩලයට විශේෂඥ මනෝ වෛද්‍යවරුත් තුන් දෙනෙකු සහ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් දෙදෙනකු පත් කරන බවත් නියෝගයේ සඳහන් විය.

ඒ අනුව අදාළ වෛද්‍ය පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය තුසිත මෙන්ඩිස්, චිත්තාහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලයිකා අමරසිංහ වාස්, වජිර ධර්මවර්ධන යන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් අධිකරණය විසින් පත් කරන ලදී.

එම වෛද්‍ය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.

එම වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය.

"උසාවියට බෑ, ශානිට පුළුවන්!" - බිරිඳ සහ නීතිඥයා CID යට ලියයි

රෝහල්ගතව මාරාන්තික උපවාසයක නිරත වන සුරේෂ් සලේ මුණගැසීමට බිරිඳට සහ පුත්‍රයාට අවස්ථාව දෙන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ, සැකකරු PTA පනත යටතේ සිටින බැවින් ඊට නියෝග දීමට මහේස්ත්‍රාත් අධිකරණයට නෛතික ප්‍රතිපාදන නොමැති බව පවසමිනි.

එසේ උසාවි දොර වැසෙද්දී, සලේ ගේ බිරිඳ මනෝරි සලේ සහ නීතිඥ අසිත් සිරිවර්ධන සෘජුවම ලිපි මඟින් CID අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත මානුෂීය ආයාචනයක් ඉදිරිපත් කර ඇත.

නීතිඥ අසිත් සිරිවර්ධන සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ සලේ තමන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බවයි. "ඔහු අත්අඩංගුවට පත් වූ වහාම මුලින්ම කතා කළේ මට. මට ඔහු වෙත දිනපතා ප්‍රවේශ වීමට අවස්ථාව දුන්නොත්, නීතිමය පිළියම් කෙරෙහි විශ්වාසය තබා මෙම මාරාන්තික උපවාසය නතර කිරීමට ඔහුව පොළඹවා ගැනීමට මට පුළුවන්," යැයි නීතිඥවරයා පවසයි.

siriwardhana letter
සුරේෂ් සලේ ගේ බිරිඳ මනෝරි සලේ ද ශානි අබේසේකර ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට හෝ තම පුත්‍රයාට දිනපතා සැකකරු බැලීමට අවස්ථාව දෙන ලෙසයි. 

 
පවුලේ සාමාජිකයන්ගේ උපකාරය මෙම අවස්ථාවේදී ඔහුගේ මානසික ශක්තිය වර්ධනය කිරීමට සහ උපවාසය පිළිබඳ තීරණය වෙනස් කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් වන බව ඇය පෙන්වා දෙයි.
manori 06 10
උපායමාර්ගික සමබරතාවය :

එක් පසෙකින්, පැරණි වෛද්‍ය වාර්තාවල තිබූ දින වකවානු අවුල් සහ තාක්ෂණික දෝෂ මතු කරමින්, විමර්ශන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මතු කළ "රංගන" චෝදනාවට පිටු 17ක නියෝගය හරහා සාධාරණත්වයක් ඉටු වී ඇත. අනෙක් පසින්, සැකකරුගේ පාර්ශවය පවසන මානුෂීය හිමිකම් සොයා බැලීම වෙනුවෙන් ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට උසාවිය පියවර ගෙන තිබේ.

නීතිය සහ මානුෂීයත්වය අතර දෝලනය වන සලේගේ ඉරණම තීරණය කිරීමේ බලය දැන් වෘත්තීයමය වශයෙන් කළුබෝවිල රෝහලේ වෛද්‍ය මණ්ඩලය සතුව ඇති අතර, පරිපාලනමය වශයෙන් CID අධ්‍යක්ෂ ශානි අබේසේකර සතුව පවතී. ජූලි 1 වැනිදා උසාවියට එන වාර්තාව මෙරට ආරක්ෂක ක්ෂේත්‍රයේ තීන්දුව ලියනු ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...