BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

සරත් ෆොන්සේකා මරන්න ආ විත්තිකරුවන් දෙදෙනාට වසර 17කට පසු ඇප: කොන්දේසි සපිරීමට නොහැකිව යළි රිමාන්ඩ්!

T

The Leader Desk

July 31, 2026 • 3:13 PM

සරත් ෆොන්සේකා මරන්න ආ විත්තිකරුවන් දෙදෙනාට වසර 17කට පසු ඇප: කොන්දේසි සපිරීමට නොහැකිව යළි රිමාන්ඩ්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභියාචනාධිකරණ නියෝගයකට අනුව කොළඹ මහාධිකරණයෙන් ඇප ලැබුණද මුදල් හා ශරීර ඇප තැන්පත් කිරීමට අපොහොසත් වෙති
  • මරාගෙන මැරෙන බෝම්බකාරියක යොදවා ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 17ක දීර්ඝ රක්ෂිත බන්ධනාගාර කාලයකින් පසුව ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය පියවර ගෙන තිබේ.
  • රාගල විසින් ශම්මුගලිංගම් සූරියකුමාර් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් ‘ධනුෂ්’ යන විත්තිකරුවන්ට මෙලෙස ඇප නියම කරන ලදී.
  • කෙසේ වෙතත්, අධිකරණය මගින් නියම කරන ලද රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපය සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4 තැන්පත් කිරීමට විත්තිකරුවන් අසමත් වීම හේතුවෙන් ඔවුන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

2006 යුද හමුදා මූලස්ථාන මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළව අධිචෝදනා 230ක් යටතේ පැවැති නඩුවක තීන්දුවක්


දීර්ඝ රක්ෂිත බන්ධනාගාරගතවීම සහ ඇප නියෝගය

හිටපු යුද හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා ඝාතනය කිරීමේ අරමුණින් එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක යොදවා ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 17ක දීර්ඝ රක්ෂිත බන්ධනාගාර කාලයකින් පසුව ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය පියවර ගෙන තිබේ.

අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයකට අනුව, කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධි සී. රාගල විසින් ශම්මුගලිංගම් සූරියකුමාර් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් ‘ධනුෂ්’ යන විත්තිකරුවන්ට මෙලෙස ඇප නියම කරන ලදී.

කෙසේ වෙතත්, අධිකරණය මගින් නියම කරන ලද රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපය සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4 තැන්පත් කිරීමට විත්තිකරුවන් අසමත් වීම හේතුවෙන් ඔවුන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කළේය. ඇප කොන්දේසිවලට අමතරව විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීම සහ සතියේ 2 වන සහ 4 වන ඉරිදා දිනවල ත්‍රස්ත මර්දන කොට්ඨාසයට වාර්තා කිරීමද නියම විය.


2006 යුද හමුදා මූලස්ථාන ප්‍රහාරයේ පසුබිම

2006 අප්‍රේල් 25 වන දින කොළඹ යුද හමුදා මූලස්ථාන පිවිසුම් දොරටුව අසලදී ‘දුර්ගා’ නමැති එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් මෙම ප්‍රහාරය එල්ල කරන ලදී. ප්‍රහාරයෙන් එවකට යුද හමුදාපතිවරයා බරපතළ ලෙස තුවාල ලැබූ අතර, ඔහුගේ ආරක්ෂක අංශ සාමාජිකයන් සහ සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

මෙම සිදුවීමට අදාළව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 230ක් යටතේ නඩුව පවරා තිබූ අතර, අදාළ චෝදනාවලට නියම කළ හැකි උපරිම දඬුවම වන්නේ වසර 20ක සිරදඬුවමකි.

සම්බන්ධිත සෙසු නඩු තත්ත්වය

අදාළ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුවට අමතරව හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය කිරීමට අනුබල දීම සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේද නඩු පවරා තිබුණි.

ඊට අදාළව ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන නඩුවෙන් මොවුන් නිදහස් වී ඇති අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධ නඩුවේ ඇප නියෝගය අගෝස්තු 7 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන සෙල්වරාසා කිරුබාකරන් හෙවත් ‘මොරිස්’ වෙනත් නඩුවකට වැරදිකරු වී සිරදඬුවම් විඳිමින් සිටින බැවින් ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැත.

 
අධිකරණය හමුවේ පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක පෙනී සිටි අතර, විත්තිය වෙනුවෙන් නීතිඥ සුරංග බණ්ඩාර සහ නීතිඥ ආනෝල්ඩ් ප්‍රියන්තන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...