The Leader News
BREAKING
ලංකාසයින් දත්ත අවදානම: ඔබේ ගිණුම්වල ආරක්ෂාව සහතිකද?●අමෙරිකානු කොංග්‍රසයට දශක තුනකට පසු වැඩිම කළු ජාතික නියෝජනයක්●Diginote - ලාෆ්ස් ගෑස් අලාභය 88%කින් නගී: ක්‍රිප්ටෝවලටත් ප්‍රාග්ධන ලාභ බදු●පන්දුව පළුදු කිරීමට බෝතල මූඩි පාවිච්චි කළ බව ෂොයිබ් අක්තාර් පිළිගනී●තාර හිඟයෙන් අධිවේගී සිහිනයට බාධා: දේශීය මුදල් තිබුණත් විදෙස් සැපයුම් හරස් වෙයි●තෙල්-ගෑස් ගැටුමෙන් COP31 දේශගුණ සමුළුව අර්බුදයක●සංවර්ධන ව්‍යාපෘති ප්‍රගතිය 27%කට සීමා වූයේ ඇයි?●අයවැය විසඳුම් නැතැයි කියමින් වෛද්‍ය සංගමය වෘත්තීය සටනකට සැරසෙයි●කබැල්ලෑවා ඝාතනය කළ වීඩියෝව ඔස්සේ හඹා ගිය පොලිසිය තිදෙනෙකු අල්ලයි●අධිකරණය පොලිසියට බයද? නීතියේ ආධිපත්‍යය අර්බුදයක●
Top Ad
පුවත්

අරුන්දක ගෙන ආ චීනාව පිටුවහල් කිරීමට නියෝග

T

The Leader Desk

May 23, 2023 • 5:00 PM

අරුන්දක ගෙන ආ චීනාව පිටුවහල් කිරීමට නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය භාරයට ගත් චීන ජාතිකයාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර තිබේ.
  • අදාළ චීන ජාතිකයා පසුගිය 18 වන දින රාත්‍රී ඩුබායි හි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
  • එහිදී එම චීන ජාතිකයා සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්‍රයක් ද තිබි ඇති බව අනාවරණය වීමත් සමඟ ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබීය.
  • මේ අතර ආරක්ෂක අංශ භාරයේ රඳවා තබාගැනීමට පියවර ගැනීමත් සමඟ ඔහු ගුවන් තොටුපොළ තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය භාරයට ගත් චීන ජාතිකයාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර තිබේ.

අදාළ චීන ජාතිකයා පසුගිය 18 වන දින රාත්‍රී ඩුබායි හි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී එම චීන ජාතිකයා සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්‍රයක් ද තිබි ඇති බව අනාවරණය වීමත් සමඟ ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබීය.

මේ අතර ආරක්ෂක අංශ භාරයේ රඳවා තබාගැනීමට පියවර ගැනීමත් සමඟ ඔහු ගුවන් තොටුපොළ තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් ඔහුව මුදාහැරීමට පියවර ගෙන තිබුණු අතර නැවත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ නියෝගයකට අනුව ඔහුව නැවත ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශයක්ද සටහන් කරගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හා විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව එම චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර ඇත.



රාජ්‍ය ඇමති අරුන්දක ගෙන් ප්‍රකාශයක්

ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතිකයාගේ ගුවන් ගමන් බලපත්‍රය ව්‍යජ එකක් බව හඳුනාගෙන ඔවුන් රටට ඇතුළුවීම වළක්වනු ලැබුවේය. එම සිදුවීම වාර්තා වන්නේ පසුගිය 18 වැනිදා බ්‍රහස්පතින්දාය.

එම අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබු අතර මෙම පුද්ගලයා  ගුවන්තොටුපල නිලධාරීන්ට අල්ලස් දීමට ද තැත් කර තිබූ බව ආගමන විගමන නිලධාරීහු ප්‍රකාශ කළහ.

නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා, මොහු ආයෝජකයකු බවත්, රටට පැමිණියේ තමන්ගේ නිවාස ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට බවත් දන්වා ඔහු නිදහස් කරන ලෙස ආගමන විගමන පාලකවරයා වෙත ලිඛිතව ඉල්ලා තිබිණ.

fgfgඅරුන්දික ඇමතිගේ ලිඛිත ඉල්ලීම

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...