වැරදි විදේශ ප්‍රතිපත්ති හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කළමනාකරණය තුළ අනාගතයේදී දකුණු ආසියාවේ යුක්රේනය

බවට ශ්‍රී ලංකාව පත්වෙන එක වැඩි ඈතක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

 'නිදහස ජනතා සභාව' ප්‍රධාන කාර්යාලයේ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  මහාචාර්යවරයා මෙසේද පැවසිය.

" මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා හිතුමතේ ලංකාව ඉන්දියානු කරනයකට ලෑස්ති වෙනව ස්වාධීන රටක් ලෙස නොකලයුතු විදිහට.

 ඉන්දියාව කියන්නේ අපේ ඓතිහාසික මිතුරෙක් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ..

ඒ හිතවත්කම් සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ අපිට කිසි ප්‍රශ්නයක් නෑ.

මේ අක්‍රමවත් සිද්ධීන් සම්බන්ධව කාදිනල්තුමා කතා කරලා තිබ්බා. එතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා.



''ලංකාවයි ඉන්දියාවයි එකතු කරල පාලමක් හදන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සාහ කරනවා. මේක කරන්න පුලුවන් දෙයක්ද ? අපි දිවයිනක් . මේ පිළිබඳව අපේ ව්‍යවස්ථාව තුළත් පැහැදිලි කිරීමක් දක්නට ලැබෙනවා. අපේ භූමිය පිළිබඳව සඳහන් කරලා තියෙනවා.  අපේ දිවයිනේ ගොඩබිම සීමා ජල සීමා අපේ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. කච්චතිව් දූපත පිළිබඳ සාකච්ඡාවේ දී ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා වුණා. මම ඉල්ලනවා අපේ ව්‍යවස්ථා විශාරදයින් ගෙන් නීති විශාරදයින්ගේන්  ඔබ තුමාලා මේ පිලිබදව අවධානය යොමුකරන්න.''



 මෙහෙම දෙයක් හිතු මතේට ජනාධිපතිවරයාට කරන්න පුලුවන්ද ? රජයට කරන්න පුලුවන්ද ?

කරුණාකරලා විශේෂඥයින් මේකට මැදිහත් වෙන්න ඕනේ.. මේක බරපතළ තත්ත්වයක් රට සහ රටේ අනාගතය සම්බන්ධව .

ඉන්දියාව අපගේ ඓතිහාසික මිතුරෙක් එසේ වුවද, මේ රජය ජනාධිපතිවරයා ඉන්දියානු සම්බන්ධය කළමනාකරණය කරන ආකාරය ඉතාම ප්‍රශ්නකාරී ස්වරූපයක් ගන්නවා.

පසුගියදා ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා අත්සන් කල ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තුව හෝ ජනතාව දැනුවත් කලාද ? නැහැ .


ඉන්දීය අදානි සමාගමට මන්නාරම් ප්‍රදේශයේ ඉඩම්...  

මේ අතරින් විදුලිබල ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කළොත්,  500 M W සඳහා අදානි සමාගමට මන්නාරම් ප්‍රදේශයේ ඉඩම් ලබාදීමට 2022 මාර්තු 7 වැනිදා ජනාධිපති ගෝඨාභය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ 2022 මාර්තු 11 වැනිදා ගිවිසුම අත්සන් කරනවා.

ඔබට මතක නම් මේ පිළිබඳව අපි කෝප් කමිටුවේ දී ප්‍රශ්න කලාම ලේකම්වරයා මුළු රටම හිනස්සන උත්තරයක් ලබා දුන්නා. එහෙම තත්ත්වයක තියෙද්දී .

යළිත් වරක් ඒ ඉහත ව්‍යාපෘතිය සඳහා ම 2023 /8/ 14 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් යළි ඉදිරිපත් කරනවා ( 38/2023/PE ) මේ අනුව මන්නාරමෙන් MW 280 පුනරින් වලින් MW 234 කුත් නිෂ්පාදනය සඳහා අදානි සමාගමට අවස්ථාව ලබා දෙන්න අවසරය දෙනවා .



පසුගිය ගෝඨාභයගේ රජයත් මේ රජයත් මේ එකම ව්‍යාපෘතිය දෙයාකාරයකින් ඉදිරියට ගෙන යන්න උත්සාහ කරනවා මේක පිළිබඳ රහසක් තියෙනවා.. මේකෙ පැටලීමක් තියෙනවා..



මෙසේ එක සමාගමක් සඳහා කටයුතු කිරීම විදුලිබල පනතේ 43 /4 අනු වගන්තියට පටහැනියි. ඉහළම ලංසු කැඳවා දෙන්නට එහි උපදෙස් තියෙද්දි මෙහෙම එකම company යක් අරමුණු කරන්නේ කොහොමද ?.

එහෙම කරන්නට  G to G එහෙම නැත්තං රජයෙන් රජයට  ගිවිසුම් ගත වීමක් කරන්න සූදානම්ලු .. එහෙම කොහොමද කරන්නේ අදානි සමාගම ඉන්දීය රජයේ එකම නියෝජිතයා විදියට පිළිගන්නේ..

ඉන්දීය රජය එහෙම පිළිගැනීමක් හෝ සහතිකයක් නිකුත් කරලා තියෙනවද ?

මේ පිළිබඳව නීතිපතිවරයාගෙත් අවධානය යොමු විය යුතු යැයි අපි අදහස් කරනවා .



මේක ඉතාම බරපතළ තත්ත්වයක් ඉන්දියාව අදානි සමාගම සේ සලකා කටයුතු කිරීමට අපිට තියෙන අයිතිය කුමක්ද ? ඉන්දියාව ඊට අනුමැතිය ලබාදී තිබෙනවාද ? නැත්නම් වෙනත් පෞද්ගලික වරදාන වරප්‍රසාද මත මේ දේ කරනවද  ?



 එහෙම ලයිස්තුවක් තියෙනවද අදාළ සමාගම ඉන්දීය රජය ලෙස අපි භාරගන්නවද මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය යුතුයි .

පසුගියදා ඉන්දීය සංචාරයේදී ජනාධිපතිවරයා ගිවිසුම් වගයක් අත්සන් කලා. පුනර්ජනනීය බලශක්ති සම්බන්ධව ..මේ වගේ තිබුනෙ මොනවද කියලා ජනාධිපතිවරයා හෝ විදුලිබල ඇමතිවරයා රටට පැවසිය  යුතුයි.

විදුලිබල පනත ට අනුව විදුලිය බෙදාහැරීම (transmission )කරන්න පුළුවන් විදුලිබල මණ්ඩලයට පමණයි.

නමුත් ඒකත් දැන් අදානි සමාගමට දෙන්නට සූදානමක් තියෙනවා.
 
 උපපොළවල් දෙකක ධාරිතාව  පුළුල් කිරීමේ අරමුණින් කියලා මේ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා .

බෙදාහැරීම මේ ආකාරයට පෞද්ගලික සමාගමකට දෙන්නට සූදානමක් තියෙනව ද ? අමාත්‍යවරයා පිළිතුරු ලබාදිය යුතුයි.

මේ අනුව අපට ප්‍රශ්න කිහිපයක්  මතු වෙනවා .

ගෝඨාභය ජනාධිපතිවරයා ගේ ගිවිසුම ඉදිරියට යනවද

එහෙම නැත්නම් මේ කියනා ආකාරයට අලුතින් ගිවිසුමක් ඉදිරියට යනවද

8/14 වැනිදා කැබිනට් පත්‍රිකාවේ තියෙන තොරතුරු රටට කියනවද

රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගිහිල්ලා අත්සන් කරපු ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කවදාද?

විවෘත ලංසු තැබීම කින් තොරව අදානි එකම නියෝජිතයා සේ සලකා කටයුතු කරනවාද?

විදුලි සම්ප්‍රේෂණ කටයුතු පෞද්ගලික අංශයට අදාල ට ලබා දෙන්නට කටයුතු කරනවාද?



මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ගිහිල්ලා ජනාධිපතිතුමා පහු ගිය දවසේ කතා කීපයක් කරා. ඒ වගේම සංවර්ධන කමිටුවේ ලොකු ප්‍රශ්න ඇති වුණා. ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනම සමාගමකට පවරන්නට යනවා කියලා කතාවක් තියෙනවා..



මේ විදිහට අත්තනෝමතික විදිහට රටේ ස්වාධීනත්වයට  බලපෑම් එල්ල විය හැකි එල්ල විය හැකි ආකාරය තීන්දු වලට යොමු වෙන්නට කටයුතු කරන්න පුලුවන් ද ?

 මේක ජනතාව තේරුම් ගත යුතු බරපතළ තත්ත්වයක්.

මේ රජයට ආර්ථික වැඩපිළිවෙලක් නැහැ..  රනිල්ගේ තියෙන ආර්ථික වැඩපිළිවෙළ දැන් කල් ඉකුත් වූවක්. 2002 හා 2015 දීමේ වැඩපිළිවෙළ ඔහු ඉදිරිපත් කරල පරාජයට පත්වෙලා අසමත් වූවක් .

ඒ නිසා රටට නව දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙළක් අවශ්‍යයි.  අපි ඒක මේ වන විට සමාජ ගත කරලා තියෙනවා .

එම වැඩපිළිවෙළ සම්බන්ධව අපි විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කර පොදු වේදිකාවක් තනා මේ රජය පරාද කිරීමට අවශ්‍ය සියලු වැඩකටයුතු  සූදානම් කරනවා ඒක අපේ වගකීම '' යයි ද මහාචාර්ය චරිත හේරත් පැවසිය. 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්