The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
පුවත්

රනිල් ජර්මනියේ දී බටහිරට අභියෝග කරයි! - (සුවිශේෂ වීඩියෝවක්)

T

The Leader Desk

October 3, 2023 • 4:43 AM

 රනිල් ජර්මනියේ දී බටහිරට අභියෝග කරයි! - (සුවිශේෂ වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස් වල ජනාධිපති වික්‍රමසිංහ ගේ ලයින් එක තනිකරම ඉන්ටර්නැෂනල් වෙලා තියෙන්නේ .
  • එක පැත්තකින් ගෝලීය දකුණේ රටවල වොයිස් එක බවට පත්වෙද්දී, අනිත් පැත්තෙන්  ලෝක බලවතුන්ට පවා හරි වැරැද්ද ටිකක් තද ටෝන් එකකින් ප්‍රසිද්ධියේ කියලා දෙන තැනක ඉන්නේ.
  • ඒ දේශනය ටිකක් තද වැඩි බව තමයි ජාත්‍යන්තර කටයුතු ගැන උනන්දු උදවිය කියන්නේ.
  •   මේ ඉන්ටවිව් එකේදී ජනාධිපති වික්‍රමසිංහ කෙලින්ම කියනවා, විවිධ සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශන කෙරෙන්න ඕන කියන අදහස තමන් පිළිගන්නේ නෑ කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):


විදෙස් සමුළු, සාකච්ඡා වලත් ප්‍රධාන පෙළේ කතිකයෙක් වෙලා. එක පැත්තකින් ගෝලීය දකුණේ රටවල වොයිස් එක බවට පත්වෙද්දී, අනිත් පැත්තෙන්  ලෝක බලවතුන්ට පවා හරි වැරැද්ද ටිකක් තද ටෝන් එකකින් ප්‍රසිද්ධියේ කියලා දෙන තැනක ඉන්නේ.


ආසියාතික ජාතිකයින්ට කුඩම්මා ගේ සැලකිලි ඇයි?


 මේ පාර ජනාධිපති වික්‍රමසිංහ ජර්මනියට ගියේ , බර්ලින් ගෝලීය සමුළුව අමතන්න. ඒ වැඩේ ආරම්භක දේශනය තිබුණේ ජනාධිපති වික්‍රමසිංහ ට. ඒ දේශනය ටිකක් තද වැඩි බව තමයි ජාත්‍යන්තර කටයුතු ගැන උනන්දු උදවිය කියන්නේ. ඒ අස්සේ ජනාධිපති වික්‍රමසිංහ ගේ ඊටත් වඩා සැර කතාවක් ගැනත් ඔන්න එළියට ඇවිත්. ඒ ජර්මන් සංචාරය අවස්ථාවේ ජර්මනියේ DW News නාලිකාව සමග තිබුන ඉන්ටවිව් එකේදී.

 මේ ඉන්ටවිව් එකේදී ජනාධිපති වික්‍රමසිංහ කෙලින්ම කියනවා, විවිධ සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශන කෙරෙන්න ඕන කියන අදහස තමන් පිළිගන්නේ නෑ කියලා. ඒ වගේම අහනවා ජර්මනිය , බ්‍රිතාන්‍ය වගේ රටවල් ඒ රටවල සිදුවන සිදුවීම් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කරනවද කියලා .  ඒ එක්කම අහනවා, ලංකාව ඇතුළු ආසියාතික ජාතීන්ට දෙවැනි පන්තියේ ආකල්පයකින් සලකන්නේ ඇයි කියලත්.

බ්‍රිතාන්‍යය, ජර්මනිය වගෙ රටවලත් ජාත්‍යන්තර පරීක්ෂණ තියනවාද?


මේ සාකච්ඡාව ඇතුලේ ජනාධිපති වික්‍රමසිංහ ටිකක් රළු තැනක ඉඳලා ෆේස් කරන ගතියක් තියෙන්නේ . කොහොමටත් නිවේදකයා ප්‍රශ්න අහන විදියෙත් අවුලක් තියෙනවා .

කොහොම නමුත් ජනාධිපති වික්‍රමසිංහ කෙලින්ම කියනවා, මානව හිමිකම් කොමිසමේ වාර්තා ලංකා රජය ප්‍රතිකේෂ්ප කර ඇති බව. ඒ වගේම තමන් ජනාධිපති වී අවුරුද්දක් ඉක්මයන තැන කවුරුත් බඩගින්නේ නැති බව. ඒ විතරක් නෙවෙයි , පාස්කු ප්‍රහාරය ඇතුළුව විදෙස් මාධ්‍ය ලංකාව ගැන උස්සගෙන දුවපු බොහෝ කාරනා , උස්සලා පොලවේ ගහන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්මුඛ සාකච්ඡාව පාවිච්චි කරනවා.

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් ජර්මනියේ දී බටහිරට අභියෝග කරයි! - (සුවිශේෂ වීඩියෝවක්) | The Leader