මේ දවස් වල ජනාධිපති වික්‍රමසිංහ ගේ ලයින් එක තනිකරම ඉන්ටර්නැෂනල් වෙලා තියෙන්නේ .


විදෙස් සමුළු, සාකච්ඡා වලත් ප්‍රධාන පෙළේ කතිකයෙක් වෙලා. එක පැත්තකින් ගෝලීය දකුණේ රටවල වොයිස් එක බවට පත්වෙද්දී, අනිත් පැත්තෙන්  ලෝක බලවතුන්ට පවා හරි වැරැද්ද ටිකක් තද ටෝන් එකකින් ප්‍රසිද්ධියේ කියලා දෙන තැනක ඉන්නේ.


ආසියාතික ජාතිකයින්ට කුඩම්මා ගේ සැලකිලි ඇයි?


 මේ පාර ජනාධිපති වික්‍රමසිංහ ජර්මනියට ගියේ , බර්ලින් ගෝලීය සමුළුව අමතන්න. ඒ වැඩේ ආරම්භක දේශනය තිබුණේ ජනාධිපති වික්‍රමසිංහ ට. ඒ දේශනය ටිකක් තද වැඩි බව තමයි ජාත්‍යන්තර කටයුතු ගැන උනන්දු උදවිය කියන්නේ. ඒ අස්සේ ජනාධිපති වික්‍රමසිංහ ගේ ඊටත් වඩා සැර කතාවක් ගැනත් ඔන්න එළියට ඇවිත්. ඒ ජර්මන් සංචාරය අවස්ථාවේ ජර්මනියේ DW News නාලිකාව සමග තිබුන ඉන්ටවිව් එකේදී.

 මේ ඉන්ටවිව් එකේදී ජනාධිපති වික්‍රමසිංහ කෙලින්ම කියනවා, විවිධ සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශන කෙරෙන්න ඕන කියන අදහස තමන් පිළිගන්නේ නෑ කියලා. ඒ වගේම අහනවා ජර්මනිය , බ්‍රිතාන්‍ය වගේ රටවල් ඒ රටවල සිදුවන සිදුවීම් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කරනවද කියලා .  ඒ එක්කම අහනවා, ලංකාව ඇතුළු ආසියාතික ජාතීන්ට දෙවැනි පන්තියේ ආකල්පයකින් සලකන්නේ ඇයි කියලත්.

බ්‍රිතාන්‍යය, ජර්මනිය වගෙ රටවලත් ජාත්‍යන්තර පරීක්ෂණ තියනවාද?


මේ සාකච්ඡාව ඇතුලේ ජනාධිපති වික්‍රමසිංහ ටිකක් රළු තැනක ඉඳලා ෆේස් කරන ගතියක් තියෙන්නේ . කොහොමටත් නිවේදකයා ප්‍රශ්න අහන විදියෙත් අවුලක් තියෙනවා .

කොහොම නමුත් ජනාධිපති වික්‍රමසිංහ කෙලින්ම කියනවා, මානව හිමිකම් කොමිසමේ වාර්තා ලංකා රජය ප්‍රතිකේෂ්ප කර ඇති බව. ඒ වගේම තමන් ජනාධිපති වී අවුරුද්දක් ඉක්මයන තැන කවුරුත් බඩගින්නේ නැති බව. ඒ විතරක් නෙවෙයි , පාස්කු ප්‍රහාරය ඇතුළුව විදෙස් මාධ්‍ය ලංකාව ගැන උස්සගෙන දුවපු බොහෝ කාරනා , උස්සලා පොලවේ ගහන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්මුඛ සාකච්ඡාව පාවිච්චි කරනවා.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්