BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

1983 කළු ජූලිය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් ඉල්ලා පාර්ලිමේන්තුවට යෝජනාවක්

T

The Leader Desk

August 22, 2026 • 4:27 PM

1983 කළු ජූලිය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් ඉල්ලා පාර්ලිමේන්තුවට යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 40කට පසු සත්‍ය සෙවීම සහ හානි තක්සේරුව වෙනුවෙන් මන්ත්‍රී අඩෙක්කලනාදන්ගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්
  • 132/2026 අංකයෙන් ඇතුළත් කර ඇත.
  • එම ගැටුම්කාරී වාතාවරණයේදී දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්ව, දස දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන්ව සරණාගතයන් බවට පත්වූ අතර, නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල දේපළ ප්‍රමාණයක් ගිනිබත් කර විනාශයට පත් කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

වැලිකඩ සමූල ඝාතනය සහ දේපළ හානි ගැන ස්වාධීන පරීක්ෂණයක් මෙන්ම පුනරාවර්තනය වැළැක්වීමට නිර්දේශ ඉල්ලයි

1983 වසරේ සිදුවූ 'කළු ජූලි' ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සහ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් සත්‍ය සෙවීම, සිදුවූ හානි තක්සේරු කිරීම සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමිර්තනාදන් අඩෙක්කලනාදන් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව 2026 සැප්තැම්බර් 11 වන සිකුරාදා දිනැති පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ 'යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත වැඩකටයුතු' යටතේ P. 132/2026 අංකයෙන් ඇතුළත් කර ඇත.

යෝජනාවේ මූලික පදනම සහ කරුණු දැක්වීම

අදාළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මඟින් පෙන්වා දෙන්නේ, 1983 කළු ජූලිය සහ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතන ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් මෙරට ජාතික ඒකාබද්ධතාව, සමාජ ව්‍යුහය සහ ආර්ථිකය දැඩි පසුබෑමකට මෙන්ම කැළලකට ලක්වූ බවයි.

එම ගැටුම්කාරී වාතාවරණයේදී දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්ව, දස දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන්ව සරණාගතයන් බවට පත්වූ අතර, නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල දේපළ ප්‍රමාණයක් ගිනිබත් කර විනාශයට පත් කෙරිණි.

මෙම සිදුවීම් මාලාව සිදුවී වසර හතළිහකට වැඩි කාලයක් ගතවී ඇතත්, ඊට වගකිවයුතු හෝ ඒවා මෙහෙයවූ පාර්ශ්ව මෙතෙක් නිසි ලෙස හඳුනාගෙන නොමැති බවත්, සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා දේපළ හානි සම්බන්ධයෙන් පුළුල් හා ස්වාධීන විමර්ශනයක් මෙතෙක් සිදුව නොමැති බවත් මන්ත්‍රීවරයා සිය යෝජනාව මඟින් පෙන්වා දෙයි.

තිරසර සංහිඳියාව සහ පුනරාවර්තනය වැළැක්වීම

ශ්‍රී ලංකාව තුළ මෙවැනි ජනවාර්ගික ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා නැවත කිසිදු දිනක සිදු නොවීම තහවුරු කිරීමත්, රටේ සියලුම ජන කොටස් අතර තිරසර සමාජ සමගිය හා සංහිඳියාව ගොඩනැඟීමත් කාලීන අවශ්‍යතාවක් බව යෝජනාවේ අවධාරණය කර තිබේ.

ඒ අනුව, 1983 ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පූර්ණ සත්‍යය අනාවරණය කර ගැනීම, සිදු වූ විනාශයන් නිවැරදිව තක්සේරු කිරීම සහ අනාගතයේදී එවැනි ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීම සඳහා වන ප්‍රතිපත්තිමය නිර්දේශ රජයට ලබාදීම වෙනුවෙන් පූර්ණ බලතල සහිත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළ යුතු බවට මෙම යෝජනාව මඟින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත.

gdhfgjn

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...