The Leader News
BREAKING
ඉන්දීය හමුදා ප්‍රහාරයකින් මරාදැමූ තවත් දෙමළ සමූහයක සමරුවක්●ඖෂධ නිෂ්පාදනයෙන් ඩොලර් බිලියන 10ක් උපයන මාවත●කෘෂි හා ජලජ නිෂ්පාදන නංවන්න ඩොලර් මිලියන 65ක ආයෝජන●ගල් අඟුරු නැව් අර්බුදය: පාඨලී කොමිසම හමුවේ වගකීම් බෙදයි●කස්සප හිමිගේ චෝදනාවට එරෙහිව නීතිය ක්‍රියාත්මකයි: සංස්කරණය නොකළ දර්ශන අධිකරණයට●ඥානසාර හිමි නිදහස් කිරීමට එජාපයෙන් ජනාධිපති සමාවක්●වනාතවිල්ලුව අවි රහස හෙළිවෙයි: නවුෆර් ඇතුළු දෙදෙනෙකුට වසර 12ක සිරදඬුවම්●හිටපු ජනපති දුන් පොදු සමාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්●වාණිජ මහාධිකරණයේ බලතල සීමාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්●ඉමියුනොග්ලොබියුලින් නඩුව තීරණාත්මක අදියරක: විත්තිවාචකය 29 දා කැඳවයි●
Top Ad
පුවත්

ඉන්දීය හමුදා ප්‍රහාරයකින් මරාදැමූ තවත් දෙමළ සමූහයක සමරුවක්

තිස්නම වසරකට පෙර ඉන්දීය හමුදා ප්‍රහාරයකින් පවුල් පිටින් මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ නිරායුද දෙමළ ජන සමූහයක් යාපනයේදී අනුස්මරණය කර තිබේ.

Pasan

Pasan

October 26, 2026 • 11:00 PM

ඉන්දීය හමුදා ප්‍රහාරයකින් මරාදැමූ තවත් දෙමළ සමූහයක සමරුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනය කොකුවිල් හින්දු විද්‍යාලයේ ගේට්ටුව ඉදිරිපිටදී 2026 ඔක්තෝබර් 24 වැනි සෙනසුරාදා අනුස්මරණය සිදු කර ඇත්තේ ඉන්දීය සාමසාධක හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් ඇතුළු දෙමළ පනස් පස් දෙනකුට වැඩි පිරිසක් සිහිකරමිනි.
  • ඝාතනයට ලක්වුවන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක සහභාගීත්වයෙන් කොකුවිල් අනුස්මරණය කමිටුව විසින් මෙම සමරුව සිදු කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • පාසල් භූමියේ වැළලූ අමිහිරි මතකය විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් ඉන්දීය භට පිරිසක් යාපනයේදී මිය යාමෙන් අනතුරුව ඉන්දීය හමුදා විසින් 1987 වසරේ ඔක්තෝබර් මාසයේදී සමූහ ඝාතන මාලාවක් සිදු කර තිබුනි.
  • ප්‍රදේශවාසීන් පවසන්නේ 1987 ඔක්තෝබර් මාසයේදී කොකුවිල් සහ ආනෙයිකෝට්ටේ ප්‍රදේශවල ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර ගැටුම් ආරම්භ වීමෙන් පසුව ප්‍රදේශයේ දෙමළ ජනයා ආරක්ෂාව පතා කොකුවිල් හින්දු විද්‍යාලයට පැමිණි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

යාපනය කොකුවිල් හින්දු විද්‍යාලයේ ගේට්ටුව ඉදිරිපිටදී 2026 ඔක්තෝබර් 24 වැනි සෙනසුරාදා අනුස්මරණය සිදු කර ඇත්තේ ඉන්දීය සාමසාධක හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් ඇතුළු දෙමළ පනස් පස් දෙනකුට වැඩි පිරිසක් සිහිකරමිනි.

ඝාතනයට ලක්වුවන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක සහභාගීත්වයෙන් කොකුවිල් අනුස්මරණය කමිටුව විසින් මෙම සමරුව සිදු  කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

මිය ගිය පිරිස සිහි කරමින් මලින් පහනින් උපහාර පිදීමට ඔවුන් කටයුතු කර තිබේ.


පාසල් භූමියේ වැළලූ අමිහිරි මතකය

විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් ඉන්දීය භට පිරිසක් යාපනයේදී මිය යාමෙන් අනතුරුව ඉන්දීය හමුදා විසින් 1987 වසරේ  ඔක්තෝබර් මාසයේදී සමූහ ඝාතන මාලාවක් සිදු කර තිබුනි.

ප්‍රදේශවාසීන් පවසන්නේ 1987 ඔක්තෝබර්  මාසයේදී කොකුවිල් සහ ආනෙයිකෝට්ටේ ප්‍රදේශවල ඉන්දීය සාම සාධක හමුදාව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර ගැටුම් ආරම්භ වීමෙන් පසුව ප්‍රදේශයේ දෙමළ ජනයා ආරක්ෂාව පතා කොකුවිල්  හින්දු විද්‍යාලයට පැමිණි බවයි.

1987 ඔක්තෝබර් 24 වැනිදා යුද ටැංකි පෙරටු කොටගෙන එම විද්‍යාලයට ඇතුල් වු ඉන්දීය හමුදාව පනහකට අධික සිවිල් වැසියන් ඝාතනය කළ බව පවසන ගම් වැසියන් වැඩි දුරටත් සඳහන් කරන්නේ ඝාතනයට ලක් වු පිරිස වෙනුවෙන් අවසන් කටයුතු සිදු කිරීමේ වාතාවරණයක් නොපැවති බැවින්  ප්‍රදේශවාදීන් විසින් ඔවුන්ගේ සිරුරු පාසලේ ක්‍රිඩා පිටිය තුළම වළ දැමු බවයි.

ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ ආරාධනයෙන් සාම සාධනය සඳහා යැයි  පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් එයින් නොනැවතී ඔක්තෝබර් මාසයේ සමූහ ඝාතන මාලාවක් සිදුකර තිබේ.

img-20261026-225522-mceclip0-2a3ItK.jpg

img-20261026-225522-mceclip1-JfJH54.jpg

img-20261026-225522-mceclip2-TaVSZz.jpg

img-20261026-225522-mceclip3-Xbr7y9.jpg

img-20261026-225523-mceclip4-jSWrcW.jpg

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...