The Leader News
BREAKING
කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●යුද සමයේ සහන සේවා ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න: UN ඉල්ලයි●ලාෆ්ස් ගෑස් අර්බුදය: පාරිභෝගිකයාටත් කොටස් වෙළෙඳපොළටත් තීරණාත්මක සතියක්●එයාර්බස් ගනුදෙනුවේ නඩුවට ප්‍රංශ මූල්‍ය විමර්ශිකාවක් ශ්‍රී ලංකාවට●සුරේෂ් සලේගේ පෙත්සම් නියෝගය ජනවාරි 28 දක්වා කල් යයි●
Top Ad
පුවත්

භාණ්ඩාගාර ඩොලර් මිලියන 2.5 සයිබර් වංචාව: රටවල් 5කින් තොරතුරු ඉල්ලයි

T

The Leader Desk

September 30, 2026 • 7:22 AM

භාණ්ඩාගාර ඩොලර් මිලියන 2.5 සයිබර් වංචාව: රටවල් 5කින් තොරතුරු ඉල්ලයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පොලිසිය විසින් මෙම විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලදී.
  • විදේශ රටවල් 5ක සහය පතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ අදාළ මුදල් හුවමාරුවට සම්බන්ධ ජාත්‍යන්තර ජාලයන් හඳුනා ගැනීම සඳහා අන්‍යෝන්‍ය ආධාර පනත ප්‍රකාරව රාජ්‍යයන් පහක විමර්ශන අංශ වෙත නිල ඉල්ලීම් යොමු කර ඇති බවයි.
  • කෙසේ වෙතත්, එම රාජ්‍යයන්ගෙන් මෙතෙක් අදාළ සංවේදී තොරතුරු සහ වාර්තා ලැබී නොමැති බවත්, ඒ පිළිබඳව අඛණ්ඩව පසු විපරම් කරමින් සිටින බවත් විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ.
  • ටෙරාබයිට් 16ක ඩිජිටල් දත්ත පරීක්ෂාවට මෙම මූල්‍ය ගනුදෙනුවට අදාළ ඩිජිටල් නඩු භාණ්ඩ සහ පරිගණක පද්ධති දත්ත විශ්ලේෂණය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ වෝහාරික අංශය වෙත යොමු කර ඇති බව පොලිසිය මෙහිදී සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):



ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් (රුපියල් කෝටි 80කට අධික) පරිගණක හැකර් පාර්ශ්වයක් වෙත බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය නීතිමය ආධාර පනත (MLA) යටතේ විදේශ රාජ්‍යයන් පහකින් තොරතුරු ඉල්ලා ඇතත්, එම තොරතුරු මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ කොට්ඨාශය අද අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පොලිසිය විසින් මෙම විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලදී.  

විදේශ රටවල් 5ක සහය පතයි  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ අදාළ මුදල් හුවමාරුවට සම්බන්ධ ජාත්‍යන්තර ජාලයන් හඳුනා ගැනීම සඳහා අන්‍යෝන්‍ය ආධාර පනත ප්‍රකාරව රාජ්‍යයන් පහක විමර්ශන අංශ වෙත නිල ඉල්ලීම් යොමු කර ඇති බවයි.  

කෙසේ වෙතත්, එම රාජ්‍යයන්ගෙන් මෙතෙක් අදාළ සංවේදී තොරතුරු සහ වාර්තා ලැබී නොමැති බවත්, ඒ පිළිබඳව අඛණ්ඩව පසු විපරම් කරමින් සිටින බවත් විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ.  

ටෙරාබයිට් 16ක ඩිජිටල් දත්ත පරීක්ෂාවට  

මෙම මූල්‍ය ගනුදෙනුවට අදාළ ඩිජිටල් නඩු භාණ්ඩ සහ පරිගණක පද්ධති දත්ත විශ්ලේෂණය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ වෝහාරික අංශය වෙත යොමු කර ඇති බව පොලිසිය මෙහිදී සඳහන් කළේය.  

විශාල දත්ත පරිමාවක්:
විමර්ශනයට අදාළව පරීක්ෂා කළ යුතු දත්ත ප්‍රමාණය ටෙරාබයිට් 16ක් (16 TB) පමණ වන අතර, එය ඉතා පුළුල් පරිගණක ක්‍රියාවලියකි.  

විශ්ලේෂණ වාර්තා:
එම දත්ත පිළිබඳ විශේෂඥ විද්‍යාත්මක විශ්ලේෂණ වාර්තා ද මෙතෙක් විමර්ශන අංශ වෙත ලැබී නොමැති බව අධිකරණයට වාර්තා විය.  

නඩුව දෙසැම්බර් 16ට කල් තැබේ  

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන, විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලා ඇති තොරතුරු සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වාර්තා කඩිනමින් කැඳවා ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.  

ඒ අනුව සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාව සලකා බැලීම සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 16 වනදා දක්වා කල් තැබිණි.  

පසුබිම් සටහන

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා විදේශීය ණය වාරිකයක් ගෙවීමට අදාළව ක්‍රියාත්මක වූ පරිගණක පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වී (Unauthorized Access) මෙම අරමුදල් වෙනත් ගිණුමකට හරවා යැවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කළ පැමිණිල්ලකට අනුව CID පරිගණක අපරාධ කොට්ඨාශය මඟින් මෙම විමර්ශනය ආරම්භ කරන ලදී.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...