The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

වයඹ කෝලාහලවලට ආරක්ෂක භටයන් හවුල් වූ සැටි !

T

The Leader Desk

May 16, 2019 • 5:25 AM

වයඹ කෝලාහලවලට ආරක්ෂක භටයන් හවුල් වූ සැටි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රචණ්ඩ ක්‍රියා මගින් වැඩිම පීඩාවට පත් වයඹ පළාතේ සංචාරය කළ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරුන් දෙදෙනාම ප්‍රකාශ කර තිබුනෙත් ඇතැම් ස්ථානවල පහර දීම් සඳහා ආරක්ෂක සෙබළුන් සහභාගි වූ වගට විශ්වාස කළ හැකි සාක්ෂි තමන්ට ලැබී ඇති බවයි.
  • ලැබී ඇති CCTV පටිගත කිරීමක දැක්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ නාත්තන්ඩිය තුම්මෝදර මුහියදීන් ජුම්මා මස්ජීඩ් දේවස්ථානය ට පහරදෙන කැරලිකරුවන්ට සන්නද්ධ පොලිස් හා හමුදා භටයෝ එක්ව සිටිති.
  • බලධාරීන් විසින් වයඹ පලාතට 13 සඳුදා ඇඳිරි නීතිය පනවන ලද්දේ සවස 5 ටය.
  • CCTV දර්ශන වල දැක්වෙන වෙලාව අනුව 5.45 ට පමණ සන්නද්ධ හමුදා භටයකු විසින් අතින් සන් කිරීමකින් පසු පිරිසක් පැමිණ ගල් වැනි යමකින් දේවස්ථානයට පහර දෙනු දැකගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රචණ්ඩ ක්‍රියා මගින් වැඩිම පීඩාවට පත් වයඹ පළාතේ සංචාරය කළ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරුන් දෙදෙනාම ප්‍රකාශ කර තිබුනෙත් ඇතැම් ස්ථානවල පහර දීම් සඳහා ආරක්ෂක සෙබළුන් සහභාගි වූ වගට විශ්වාස කළ හැකි සාක්ෂි තමන්ට ලැබී ඇති බවයි.

ලැබී ඇති CCTV පටිගත කිරීමක දැක්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ නාත්තන්ඩිය තුම්මෝදර මුහියදීන් ජුම්මා මස්ජීඩ් දේවස්ථානය ට පහරදෙන කැරලිකරුවන්ට සන්නද්ධ පොලිස් හා හමුදා භටයෝ එක්ව සිටිති.

බලධාරීන් විසින් වයඹ පලාතට 13 සඳුදා ඇඳිරි නීතිය පනවන ලද්දේ සවස 5 ටය. CCTV දර්ශන වල දැක්වෙන වෙලාව අනුව 5.45 ට පමණ සන්නද්ධ හමුදා භටයකු විසින් අතින් සන් කිරීමකින් පසු පිරිසක් පැමිණ ගල් වැනි යමකින් දේවස්ථානයට පහර දෙනු දැකගත හැකිය.

ප්‍රහාරය දියත් කරන කල්ලිය අතර අඩුම වශයෙන් පොලිස් භටයන් දෙදෙනකු සහ හමුදා භටයන් තිදෙනකු දකින්නට ලැබේ.

එම ප්‍රහාරවලින් අනතුරුව ප්‍රචණ්ඩ පිරිස යාබද මුස්ලිම් ගම්මානයටත් තවත් දෙවස්ථානයකටත් පහර දුන් බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි මුහියදීන් ජුම්මා මස්ජීඩ් දායක සභිකයෙක් කියා සිටියේය.

“එතන හාරසීයක් විතර හිටියා. ඒ අය ජුම්මා පල්ලිය පිටිපස්සේ තියෙන ලේන් එකෙන් ගිහිල්ලා මස්ජිදුල් උමාර් පල්ලියට ගහලා ගෙවල් තුන හතරක් ගිනි තිබ්බා. තවත් ගෙවත් 14ක් 15ක් විනාශ කළා.”

නිවාස කිහිපයක්ම විනාශ වී සහ ගින්නට හසුවී තිබෙනු තුම්මෝදර බලා ගොස් සිටි ගගන වාර්තාකරු චමිල්ක සම්පත් දැක තිබේ.

“සෑහෙන කාලයක් යනතුරු මෙතන යථා තත්වයට පත්වෙයි කියා හිතන්න අමාරුයි. ගමේ ගෑනු, මිනිස්සු ළමයි තාම ජීවත්වෙන්නේ බයෙන්.”


''හැටක් අත් අඩංගුවේ''


මේ අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට වයඹ පළාතේ 60 දෙනකු අත් අඩංගුවට ගන්නා ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මාධ්‍ය වෙත ලබා දුන් වීඩියෝ පණිවිඩයකින් ප්‍රකාශ කර සිටී.

ඒ අතර යුද හමුදා හෝ පොලිස් නිලධාරීන් සිටී දැයි ඔහු ප්‍රකාශ කළේ නැත.

මීට වසරකට වැඩි කාලයකට ඉහතදී කන්ද උඩරට මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩතා දියත් වෙද්දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද වීඩියෝ දර්ශනයක පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (STF) සන්නද්ධ භට පිරිසක් මුස්ලිම්වරුන් දෙදෙනකුට පොලු වලින් පහර දෙන ආකාරය දැකගන්නට ලැබේ.

ඒ සම්බන්ධයෙන් කිසිදු ආරක්ෂක නිලධාරියකු නීතිය හමුවට ගෙනවිත් නැති අතර, තුන් දෙනකුට මරු කැඳවමින් 2018 මාර්තුවේ දියත්වූ කඳුරට මුස්ලිම් විරෝධී කැරැල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිදුකළ විමර්ශනයේ වාර්තාව අද වනතුරු ප්‍රසිද්ධියට පත් කර නැත.

(gagana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...