2008 වසරේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස චෝදනා ලබා සිටින සහ 2009 වසරේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු කළ නීති විරෝධී හමුදා කණ්ඩායමට නායකත්වය දුන් මේජර් ප්‍රහාත් බුලත්වත්ත නැවතත් සක්‍රිය සේවයේ පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිය බලවත් විරෝධය පළ කර සිටියි.
සැලකිල්ලට ගත යුතු බරපතල කරුණු රැසක් මතු කරන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මාධ්‍ය නිදහස අගයන හා යුක්තිය වෙනුවෙන් පෙනීසිටින තම සංවිධානය තරයේ විරුද්ධ වන අතර බලධාරීන් වහා එම වරද නිවැරදි කිරීම සඳහා කටයතු නොකළ හොත් එය මෙරට මාධ්‍ය නිදහසට කරන තද බල හානියක් වන බවත් අපරාධකරුවන් වෙනුවෙන් දණ්ඩ මුක්තිය නිමා නොකිරීමට රජය විසින්ම කරනු ලබන අනුබල දීමක් ද වනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් 2017 වසරේදී අත්අඩංගුවට පත්ව ඇප මත සිටින මේජර් බුලත්වත්ත නැවතත් හමුදා බුද්ධි අංශය තුළ සක්‍රිය සේවයේ පිහිටුවීම තුළින් මේ විටත් සිදු කෙරෙමින් පවතින මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉල්ලක කර සිදු කරන ලද අපරාධ පිලිබඳ විමර්ශනය කටයුතු සඳහා බලපෑම් සහ බාධා එල්ල විය හැකි බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සැකකළ කර සිටියි.
එමෙන්ම මෙම විමර්ශන සඳහා සාක්ෂි දුන් හා දැක්වූ නිලධාරින් හා පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිතාරක්ෂාව පිළිබඳවද මෙවන් පත්කිරීම් හරහා සැක සංකා මතු වන බව පවසන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය, එබැවින් මෙම වරද නිවැරදි කිරීමට ජනාධිපතිවරයා සහ රජය ක්‍රියාකරනු ඇතැයි බලාපොරොත්තු වේ.
බරපතල චෝදනා ලත් මේජර් බුලත්වත්ත නැවතත් සක්‍රිය සේවයට
T
The Leader Desk
May 16, 2019 • 5:54 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


