The Leader News
BREAKING
Top Ad
පුවත්

'සහරාන් ඉන්දියාවට පැන ගිහිං' - යුධ හමුදාපති (VIDEO)

T

The Leader Desk

May 17, 2019 • 4:24 AM

'සහරාන් ඉන්දියාවට පැන ගිහිං' - යුධ හමුදාපති  (VIDEO)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙසිය පනහකට අධික පිරිසක් මරුමුවට පත්වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් එකක් සිදුකෙරුනු ෂැන්ග්‍රිලා හෝටලයේදී ජාතික තව්හීඩ් ජමාත් (NTJ) ඉස්ලාමීය සංවිධානයේ නායක සහරාන් හෂීම් මවුලවි මියගිය බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුනි.
  • මං කියලා තියෙනවා කාශ්මීර් කියලා.
  • අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙම පරීක්‍ෂණය සිදු කෙරෙන අතර එහි වාර්තාව අද දිනයේදී හෝ ලබන සතියේදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බව 'නෙත් නිවුස්' වැඩිදුරටත් සඳහන් කරයි.
  • මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේදි මරාගෙන මැරුණු සෙසු බෝම්බකරුවන්ගේ ඞී එන් ඒ සාම්පල ද මේ වනවිට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර ඒ ඔස්සේද පරීක්‍ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දෙසිය පනහකට අධික පිරිසක් මරුමුවට පත්වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් එකක් සිදුකෙරුනු ෂැන්ග්‍රිලා හෝටලයේදී ජාතික තව්හීඩ් ජමාත් (NTJ) ඉස්ලාමීය සංවිධානයේ නායක සහරාන් හෂීම් මවුලවි මියගිය බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුනි.

කොළඹදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ එය ප්‍රතික්ෂේප කළ යුද හමුදාපතිවරයා පැවසූ පරිදි NTJ නායකයා ඉන්දියාවට පළා ගොසිනි.

“ඉන්දියාවේ ගියපු තැනක් ගත්තොත් මං කියලා තියෙනවා බැංගලෝර් කියලා. මං කියලා තියෙනවා කාශ්මීර් කියලා. මම දකුණු ඉන්දියාවේ කොටසක් කේරලය කියලා කියලා තියෙනවා,” යි 'ගගන' හා IBC මාධ්‍යවේදී ශ්‍රියාන් සුජිත් කළ විමසීමකට පිළිතුරු දෙමින් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසා ඇත. 


වීඩියෝ 

 


ෂැන්ග්‍රීලා බෝම්බකරුගේ හා සහරාන්ගේ දියණියගේ DNA සාම්පල සමග ගැලපේ:

 
මේ අතර නෙත් නිව්ස් අද (17) වාර්තා කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ෂැන්ග්‍රීලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුගේ ඞී එන් ඒ සාම්පල සහ එම ප්‍රහාරය මෙහෙය වූ බව කියන සහරාන් හෂිම්ගේ දියණියගෙන් ලබාගත් ඞී එන් ඒ සාම්පල එකිනෙක ගැලපෙන බවට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන පරීක්‍ෂණවලදී
තහවුරු වෙමින් පවතින බවයි.

අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙම පරීක්‍ෂණය සිදු කෙරෙන අතර එහි වාර්තාව අද දිනයේදී හෝ ලබන සතියේදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බව 'නෙත් නිවුස්' වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේදි මරාගෙන මැරුණු සෙසු බෝම්බකරුවන්ගේ ඞී එන් ඒ සාම්පල ද මේ වනවිට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර ඒ ඔස්සේද පරීක්‍ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තාවේ. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...