The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

ලංකාවේ තොටුපොළවල බලය ඇමරිකාවට දුන්, ගෝඨා - බ්ලේක් ගිවිසුම මෙන්න..!

T

The Leader Desk

May 17, 2019 • 5:41 AM

ලංකාවේ තොටුපොළවල බලය ඇමරිකාවට දුන්, ගෝඨා - බ්ලේක් ගිවිසුම මෙන්න..!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසින් 2007 මාර්තු 05 වෙනිදා අත්සන් කරන ලද “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිලිබඳ ගිවිසුම” (Acquisition and Cross-Servicing Agreement) සම්පූර්ණයෙන් පහත දැක්වේ.
  • මේ ගිවිසුම අත්සන් කර ඇත්තේ එවක ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් සහ එවක ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ධූරය දැරූ ඇමරිකානු සහ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි ගෝඨාභය රාජපක්ෂ දෙදෙනා විසිනි.
  • ආයුධ පද්ධති, මිසයිල, ටෝර්පිඩෝ, න්‍යෂ්ඨික අවි, රසායනික අවි ආදිය මෙකී ගිවිසුම අනුව හුවමාරු කර ගැනීම තහනම් යැයි සඳහන් නමුත් සැපයුම් සහාය, සැපයීම සහ සේවා මූලික වූ මෙකී ගිවිසුම අනුව උණ්ඩ, කඳවුරු ක්‍රියාන්විත සහාය අන්තර් ගතය.
  • උණ්ඩ යයි කී විට ටෝර්පිඩෝ ආදිය උණ්ඩ ලෙස අවශ්‍ය නම් ගිනිය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් 2007 මාර්තු 05 වෙනිදා අත්සන් කරන ලද “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිලිබඳ ගිවිසුම” (Acquisition and Cross-Servicing Agreement) සම්පූර්ණයෙන් පහත දැක්වේ.

මේ ගිවිසුම අත්සන් කර ඇත්තේ එවක ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් සහ එවක ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ධූරය දැරූ ඇමරිකානු සහ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි ගෝඨාභය රාජපක්ෂ දෙදෙනා විසිනි. මෙහිදී දෙදෙනාම ඇමරිකානු පුරවැසියන් වීමත් ඇමරිකාව තම පුරවැසියෙකුගේ ද්විත්ව පුරවැසිභාවය නොසලකන රටක් වීමත් සැලකුව මනාය.

මේ ගිවිසුමේ නමට ‘අත්පත් කර ගැනීම’ අරුත් දෙන Acquisition යන වදන යෙදුවේ ඇයිද යන්න ගැන ද සැලකිය යුතුය.

ආයුධ පද්ධති, මිසයිල, ටෝර්පිඩෝ, න්‍යෂ්ඨික අවි, රසායනික අවි ආදිය මෙකී ගිවිසුම අනුව හුවමාරු කර ගැනීම තහනම් යැයි සඳහන් නමුත් සැපයුම් සහාය, සැපයීම සහ සේවා මූලික වූ මෙකී ගිවිසුම අනුව උණ්ඩ, කඳවුරු ක්‍රියාන්විත සහාය අන්තර් ගතය. කඳවුරු ක්‍රියාන්විත සහායේදී කඳවුරු ඉදිකිරීමත් අන්තර්ගත කර තිබේ. උණ්ඩ යයි කී විට ටෝර්පිඩෝ ආදිය උණ්ඩ ලෙස අවශ්‍ය නම් ගිනිය හැකිය.

මූලික වශයෙන් රටවල් දෙක අතර ඒකාබද්ධ පුහුණුවීම් ආදී අවස්ථාවන් සඳහා පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් මේ ගිවිසුම අත්සන් කරනු ඇතැයි මුලින් සඳහන් වුවද ඊට යටින් ‘අනපේක්ෂිත අවස්ථාවන් හිදී’ සහ ‘හදිසි අවස්ථා වලදී’ ද ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ බලය ලබා දී තිබීම සැලකිය යුතුය.

රාජපක්ෂලා විසින් එක් අතෙකින් ගෙවා ගත නොහැකි ණය ගනිමින්, වෙනම භූමි භාග සින්නක්කරවම ලබා දෙමින් රට චීනයට ගොදුරු කරන ලද අතර අනෙක් අතින් මෙවන් ගිවිසුමකින් ඇමරිකාවටද ඔ්නෑම අවශ්‍ය අවස්ථාවක රටේ භූමිය තම යුද කටයුතු සඳහා භාවිතා කිරීමට ද අවස්ථාව සලසා දී තිබීමෙන් ශ්‍රී ලංකාව නමැති මාතෘභූමිය මහ බලවතුන්ගේ පන්දු පිටියක් බවට පත් කරන ලදී. ඉන් නොනැවතී මුස්ලිම් අන්තවාදී තව්හිද් ජමාද්ට ද, බෞද්ධ අන්තවාදී බොදුබල සේනාවට ද, හින්දු අන්තවාදී ශිවසේනා ටද එකම රහස්‍ය ගිණුමකින් මුදල් ආධාර ලබා දෙමින් රට තුල අන්තවාදය ආරම්භ කරමින් පෝෂණය කෙළෝය. ඒ සියල්ල අවසානයේ ව්‍යවස්ථාවද කඩමින් බලයක් නොමැතිව අගමැති ධූරයක් ලබා ගෙන රට කුමන්ත්‍රණයකට භාජනය කර අරාජික රාජ්‍යයක් බවටද පත් කරමින් දුර්වල රාජ්‍යයකට පාර කපා සතුරන්ගේ පහසු ඉලක්කයක් බවට ද පත්කෙළේය. අද අපගේ මාතෘභූමිය ගෙවමින් තිබෙන්නේ මේ සියල්ලේ වන්දියයි. එය තවම අහවර නැත.

ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු විසින් 2007 දී අත්සන් කරන ලද “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිළිබඳ ගිවිසුම” මගින් රට අනතුරකට තල්ලු කළාද? රටට වාසි ගෙන දුන්නාද ? යන්න පහත ගිවිසුම කියවා බැලීමෙන් පසක් කර ගත හැකිය.

ගෝඨා බ්ලේක් ගිවිසුම වසර 10 කදී එනම් 2017 දී අවලංගු විය යුතුව තිබිණ. යහපාලන ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශය විසින් 2017 අගෝස්තු 04 වෙනිදා එය තවත් වසර 10 කට අලුත් කරන ලදී.

Acquisition and Cross Servicing Agreement 1

Acquisition and Cross Servicing Agreement 2

Acquisition and Cross Servicing Agreement 3

Acquisition and Cross Servicing Agreement 4

Acquisition and Cross Servicing Agreement 5

Acquisition and Cross Servicing Agreement 6

Acquisition and Cross Servicing Agreement 7

Acquisition and Cross Servicing Agreement 8

(ලංකා ඊ නිව්ස්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...