The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

'සුළුතරය කරපු ක්‍රියාවෙන් බහුතර සිංහල ජනතාව මනින්නේ නැහැ'

T

The Leader Desk

May 17, 2019 • 8:00 AM

'සුළුතරය කරපු ක්‍රියාවෙන් බහුතර සිංහල ජනතාව මනින්නේ නැහැ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යවරයා ඒ අදහස් පළ කළේ බ්‍රහස්පතින්දා (මැයි 16) දහවල් මුස්ලිම් කවුන්සිලය සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමිනි.
  • "රටේ කලබලයක් ඇති කරන්න බොහෝ දෙනෙක් උත්සහ කළා.
  • "ඒ නිසා ඒ සුළුතරය නිසා ම කලබලයක් ඇති කරල කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ යම් යම් සිදුවීම් සිදු වන අවස්ථාවේදී මම හිතන්නේ නෑ ඒ සුළුතරය කරපු ක්‍රියාවෙන් අපි බහුතර සිංහල ජනතාව එයින් මැනිය යුතුයි කියලා.
  • ඒ වගේ ම තමයි මම කියන්නේ අප්‍රේල් 21 මේ ත්‍රස්තවාදී ක්‍රියාව ලංකාවේ සිදු කළේ ඉතා ම සුළුතරයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

අමාත්‍යවරයා ඒ අදහස් පළ කළේ බ්‍රහස්පතින්දා (මැයි 16) දහවල් මුස්ලිම් කවුන්සිලය සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමිනි.

"රටේ කලබලයක් ඇති කරන්න බොහෝ දෙනෙක් උත්සහ කළා. නමුත් අපි හිතනවා ඒක සුළුතරයක්," ඇමතිවරයා එහිදී පැවසීය.

"ඒ නිසා ඒ සුළුතරය නිසා ම කලබලයක් ඇති කරල කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ යම් යම් සිදුවීම් සිදු වන අවස්ථාවේදී මම හිතන්නේ නෑ ඒ සුළුතරය කරපු Caption 1ක්‍රියාවෙන් අපි බහුතර සිංහල ජනතාව එයින් මැනිය යුතුයි කියලා. බහුතර සිංහල ජනතාව ඒ ක්‍රියාවන් ප්‍රතික්ෂේප කළා.

ඒ වගේ ම තමයි මම කියන්නේ අප්‍රේල් 21 මේ ත්‍රස්තවාදී ක්‍රියාව ලංකාවේ සිදු කළේ ඉතා ම සුළුතරයක්. අපේ ධර්මය පාවිච්චි කරමින් කරපු ක්‍රියාවෙන් බහුතර මුස්ලිම් ප්‍රජාව ඒකෙන් මනින එක සාධාරණ නෑ."

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "හැම ජාතියකට ම ජාතිවාදීන්, අන්තවාදීන්, ත්‍රස්තවාදීන් ඉන්නවා. නමුත් ඒක ඉතා සුළුතරයක්. ඒ වගේ ම ඒ සුළුතරයේ මතය අරගෙන ප්‍රධාන ධාරාව නියෝජනය කරන බහුතරය මනින එක වැරදියි," යනුවෙන් ද සඳහන් කළේය.

"මේ ත්‍රස්තවාදීන් පිළිපදින ධර්මය මම පිළිපදින ධර්මය නෙවෙයි. ඒගොල්ලෝ පිළිපදින ධර්මය ඉස්ලාම් ධර්මයත් නෙවෙයි."

 "මුස්ලිම් සමාජය වෙනස් වෙමින් තියෙනවා" 

එහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කළේ, රට තුළ උද්ගත වී ඇති තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනා එක් විය යුතු බවය.

Caption 2මුස්ලිම් සමාජයේ වෙනස් විය යුතු දේවල් පිළිබඳව මුස්ලිම් ප්‍රජාව තුළ ම විවෘත සංවාදයක් නිර්මාණය වී තිබෙන බව ද ඔහු කියා සිටියේය.

"අපේ මුස්ලිම් සමාජය තුළ ඉතාමත් ම විවෘත අදහස් පළ කරමින් තිබෙනවා. විවෘත වශයෙන් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා."

ඔහු පැහැදිලි කළ ආකාරයට මුස්ලිම් සමාජය මේ වන විටත් අවධානය යොමු කර ඇති වෙනස්කම් පහත දැක්වේ.

- මද්‍රසා පාසල් නියාමනය කිරීම
- බුර්කාව ඇඳීම සුදුසු නැති බව තීරණය කිරීම (දැනටමත් පියවර ගෙන තිබේ)

ඉහත කරුණුවලට අමතරව මුස්ලිම් සමාජයෙන් ඉවත් කළ යුතු අංග මොනවා ද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද අලි සබ්රි සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ආගමික හෝ ජාතීන් අතර වෙනස නැති කිරීම පාසල් අධ්‍යාපනයේ සිට ආරම්භ කළ යුතු බවය.

"පාසල් ආගම් සහ ජාති අනුව වෙන් කරන්න හොඳ නෑ. ඒ වෙනුවට සියලු දෙනා එකට ඉගෙන ගන්න ජාතික පාසල් බිහි කළ යුතුයි. බෙදිලා මේ වැඩේ කරන්න බැහැ."

 

සැබෑ මුස්ලිම් ජනතාව:

මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ෆේරියල් අෂ්රෆ් ද සහභාගි වී සිටියාය.

ඇය එහිදී ඉල්ලා සිටියේ, "ත්‍රස්තවාදී ක්‍රියා කළ සුළු පිරිසක් එක්ක අපිව එක ගොඩකට දාන්න එපා," යනුවෙනි.Caption 3 

"මං ජනතාවත් එක්ක කතා කරනකොට ඒ ගොල්ලෝ අපටත් වඩා පුදුම වෙලා හිටියේ. මේ අපේ ගමේ ද මේ දේවල් වුණේ? කොහෙන් ද මෙච්චර ගොඩක් ඔය විදිහෙ ආයුධ ගෙනල්ලා තිබුණේ? කියලා. ඒ ගොල්ලෝ එහේ ඉන්නේ කොච්චර බයෙන් ද කිව්වොත් දැන් පොඩි සැකයක් තිබුණත් ඒ අය පොලිසියට භාර දෙන්න ඒ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවා. ඒ ගොල්ලෝ තමයි මේ රටේ මුස්ලිම් ජනතාව."

මෙහිදී ඇය පෙන්වා දුන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කාදිනල්තුමන් ක්‍රියා කළ ආකාරය අගය කරන බවය.

 

 

අභියෝගය:

 ImithiyasBM

මෙම මාධ්‍ය හමුවට එක් වූ හිටපු අමාත්‍ය ඉමිටියාස් බාකීර් මාකර් ඉතා හැඟීම්බරව අදහස් පළ කළේය.

"අපි අසමානකම් හොයාගෙන ගිහින් රණ්ඩු කරලා අපේ දරුවන්ට මේ වගේ ගැටුම් සහිත අනාගතයක් භාර දෙනව ද? එහෙම නැත්නම් මේ ආගම් හතරේ තියෙන සමානකම් හොයාගෙන ගිහිල්ලා මේ පින් බිම සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හැටියට අපේ දරුවන්ට භාර දෙනව ද? ඒක තමයි අපි ඉදිරියේ තියෙන අභියෝගය."

සත්‍යග්‍රහයක්:

මේ අතර, පසුගිය දා එල්ල වූ ප්‍රහාරවලට විරෝධය පළ කරමින් බ්‍රහස්පතින්දා සවස කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලදී සත්‍යග්‍රහයක් ද පැවැත්විණි. එය සංවිධානය කර තිබුණේ, '52% බලය' නමැති ස්ත්‍රී සංවිධානය විසිනි.

"සාගිනි නැති, යුද බිය නැති, මරා ගැනීම් නැති මනුෂ්‍යත්වයේ ජනරජයක් කරා," යන තේමා පාඨය සහිතව එම සත්‍යග්‍රහය පැවැත්විණි.

එහිදී '52% බලය' සංවිධානයේ සාමාජිකා ගීතිකා ධර්මසේන පැවසුවේ, "ඇති වී තිබෙන තත්ත්වය දඩමීමා කරගෙන සමාජය මිලිටරිකරණය කිරීමේ දිශාවකට ආණ්ඩුව ගමන් කරමින් සිටින," බවය.

Geethika

"අනෙක් ඛේදනීය තත්ත්වය නම් රටේ යම් ස්ථානවල මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ජාතිවාදී කෝලාහල පැතිර යාමේ තත්ත්වයයි. ඇඳිරි නීතිය ඇති තත්ත්වය හමුවේ පවා සමහර මුස්ලිම් කඩවලට පහර දීමටත් ජීවිත හානි කිරීමටත් අන්තවාදී කණ්ඩායම්වලට ඉඩ ලැබුණේ කෙසේ ද?" යන්න ඔවුන් නගන ප්‍රශ්නයයි.

(බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'සුළුතරය කරපු ක්‍රියාවෙන් බහුතර සිංහල ජනතාව මනින්නේ නැහැ' | The Leader