The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

මුස්ලිම් විරෝධී ප්‍රහාර : 'පොහොට්ටුවේ මන්ත්‍රීවරු සම්බන්ධයි'

T

The Leader Desk

May 18, 2019 • 3:10 AM

මුස්ලිම් විරෝධී ප්‍රහාර : 'පොහොට්ටුවේ මන්ත්‍රීවරු සම්බන්ධයි'  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රා දේශීය සභාවල පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙහෙයවා ඇතැයි වාර්තා වේ.
  • වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ප්‍රධානියෙක් සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිරිසක් මෙම ප්‍රහාර මෙහෙයවා ඇතැයි දැනගන්නට ලැබෙන අතර ඔවුන් එම ප්‍රහාර මෙහෙයවන ආකාරය සී.සී.ටි.වී.
  • ඉන් අනතුරුව කොට්ටාරමුල්ල වැනි ප්‍රදේශවලට එම ප්‍රහාරය ව්‍යාප්ත කර ඇතැයි ද ප්‍රකාශ වේ.
  • මෙහිදී කොට්ටාරමුල්ල ප්‍රහාරයෙන් එක් මුස්ලිම් ජාතිකයකු මියගොස් ඇත. පසුව මෙම පිරිස බුත්ගම්පොළ මුස්ලිම් ගම්මානයට සහ දංකොටුව නගරයට ප්‍රහාර එල්ල කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රා දේශීය සභාවල පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙහෙයවා ඇතැයි  වාර්තා වේ.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ප්‍රධානියෙක් සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිරිසක් මෙම ප්‍රහාර මෙහෙයවා ඇතැයි දැනගන්නට ලැබෙන අතර ඔවුන් එම ප්‍රහාර මෙහෙයවන ආකාරය සී.සී.ටි.වී. දර්ශනවල සටහන් වී ඇතැයි දැනගන්නට ලැබේ. 

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ ප්‍රධානියා යතුරුපැති 100 ක පමණ කණ්ඩායමක් මෙම ප්‍රහාරය සඳහා මෙහෙයවා ඇතැයිද ඔවුන් නාත්තන්ඩිය නගරය වටා තිබෙන ගම්මානවලින් පැමිණ ඇතැයි ද වාර්තා‌ වේ. 

මෙම පිරිස තුන්මෝදර මුස්ලිම් ගම්මානයට මුලින් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් අනතුරුව කොට්ටාරමුල්ල වැනි ප්‍රදේශවලට එම ප්‍රහාරය ව්‍යාප්ත කර ඇතැයි ද  ප්‍රකාශ වේ. මෙහිදී කොට්ටාරමුල්ල ප්‍රහාරයෙන් එක් මුස්ලිම් ජාතිකයකු මියගොස් ඇත. 

පසුව මෙම පිරිස බුත්ගම්පොළ මුස්ලිම් ගම්මානයට සහ දංකොටුව නගරයට ප්‍රහාර එල්ල කර ඇත. මෙම පිරිස අතර වෙන්නප්පුව හා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවල සේවය කරන ඔවුන්ගේ ආධාරකරුවන්ද සිට ඇත. 


මහසෝන් බලකායේ සහයත් අරන් !


මිනුවන්ගොඩ ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අතර එහි පොදුජන පෙරමුණේ ප්‍රබලයකුගේ ආධාරකරුවන් සිට ඇත. ඊට අමතරව අමිත් වීරසිංහගේ මහසෝන් බලකා සාමාජිකයන්ද පොහොට්ටු සාමාජිකයන් සමග එකතුවී මිනුවන්ගොඩ ප්‍රහාරය මෙහෙයවා ඇත.

නාත්තන්ඩිය ප්‍රහාරයට සම්බන්ධවූවන් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් බව දැනගන්නට ලැබෙන බැවින් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි මෙම පරීක්ෂණ භාර ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ, තමන්ටත් එවැනි තොරතුරු ලැබි ඇති බවය. 

තව දින දෙක තුනක් යන විට සියලුම සී.සී.ටී.වී දර්ශන තමන් වෙත ලැබෙනු ඇතැයි ප්‍රකාශ කළ එම නිලධාරියා කියා සිටියේ ඒ අනුව අදාළ පුද්ගලයන් ඉදිරි කාලයේදී අත්අඩංගුවට ගන්නට කටයුතු කරන බවය.

මේ අතර ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 60 කට අධීක පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ඒකකයේ නිලධාරියෙක් පැවසීය. එම නිලධාරියා පැවසුවේ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හඳුනාගත් පිරිස් අත්අඩංගුවට ගැනීම ඉදිරියටත් කරන බවය. 

දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව තවමත් නිවැරදිව නොදන්නා බවත්, දැනට පොලිස් මාධ්‍ය ඒකකටය ලැබි ඇති තොරතුරු අනුව ඉහත ගණනය ඉදිරිපත් කළ හැකි බවත් ඔහු කීය.

(අනිද්දා) 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මුස්ලිම් විරෝධී ප්‍රහාර : 'පොහොට්ටුවේ මන්ත්‍රීවරු සම්බන්ධයි' | The Leader