BREAKING
ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●
Top Ad
පුවත්

2022 ආර්ථික කඩාවැටීම හදිසි අනතුරක් නෙමෙයි, දශක හතක ස්වයං විනාශකාරී තේරීම්වල ප්‍රතිඵලයක්: මහාචාර්ය විමලරතන හිමියන්ගෙන් අනාවරණයක්!

T

The Leader Desk

August 4, 2026 • 4:31 PM

2022 ආර්ථික කඩාවැටීම හදිසි අනතුරක් නෙමෙයි, දශක හතක ස්වයං විනාශකාරී තේරීම්වල ප්‍රතිඵලයක්: මහාචාර්ය විමලරතන හිමියන්ගෙන් අනාවරණයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩපණ කළ 'තුවාල 64' සහ ණය අර්බුදයේ සැබෑ තත්ත්වය එළිදක්වයි
  • එම  ආර්ථික අර්බුදය අපරටේ  නිදහසින් පසු ගත වූ දශක හතකට අධික කාලයක් පුරා සිදු කරන ලද ස්වයං-විනාශකාරී තේරීම්වල සමුච්චිත ප්‍රතිඵලයක් බව ද  උන්වහන්සේ  කියා සිටිති.
  • ණය අර්බුදයේ මිත්‍යාවන් සහ වැරදි ප්‍රතිපත්තිමය තීරණ මහාචාර්ය විජිතපුර විමලරතන හිමියන්ගේ විග්‍රහයට අනුව, මෙම අර්බුදය පිටුපස ඇති සැබෑ කරුණු සහ ජනතාව අතර පවතින මිත්‍යාවන් හඳුනා ගැනීම රටේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය වේ.
  • මැතිවරණ ජයග්‍රහණ පමණක් අරමුණු කරගත් දේශපාලන පන්තිය, ජනප්‍රියවාදී පොරොන්දු ඉටු කිරීම සඳහා ආදායම් නොලැබෙන යටිතල පහසුකම් ව්‍යාපෘති වෙත අධික ලෙස විදේශීය ණය යොමු කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):


යැපුම් මානසිකත්වයෙන් මිදී අපනයන මූලික වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවකට යා යුතු බවට විද්වත් අවධාරණය


ආර්ථික අර්බුදයේ සැබෑ මුලාරම්භය සහ කෘති එළිදැක්වීම

වසර 2022 දී ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික කඩාවැටීම හුදෙක් හදිසි අනතුරක් නොවන බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ  හිටපු සභාපති සහ  කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ විසින් රචිත "ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩපණ කළ තුවාල 64" සහ මහාචාර්ය විමලරතන හිමියන් සහ ආචාර්ය පුෂ්පකුමාර විසින් රචිත "Debt Crisis in Sri Lanka: Facts and Fallacies" යන කෘතීන් එළිදැක්වීම වෙනුවෙන් කොළඹ වෘත්තීය සංගම් මූලස්ථානයේ (OPA) දී පසුගිය (30) වැනිදා පැවැති උත්සවයේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

මහාචාර්ය විමලරතන හිමියන්ගේ "තුවාල 64" කෘතිය මගින් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුබෑමට හේතු වූ ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම, යැපුම් මානසිකත්වය සහ දේශපාලන අනුග්‍රහය වැනි ප්‍රධාන සාධක 64ක් පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිදු කර ඇත.

එම  ආර්ථික අර්බුදය අපරටේ  නිදහසින් පසු ගත වූ දශක හතකට අධික කාලයක් පුරා සිදු කරන ලද ස්වයං-විනාශකාරී තේරීම්වල සමුච්චිත ප්‍රතිඵලයක් බව ද  උන්වහන්සේ  කියා සිටිති.

ණය අර්බුදයේ මිත්‍යාවන් සහ වැරදි ප්‍රතිපත්තිමය තීරණ

මහාචාර්ය විජිතපුර විමලරතන හිමියන්ගේ විග්‍රහයට අනුව, මෙම අර්බුදය පිටුපස ඇති සැබෑ කරුණු සහ ජනතාව අතර පවතින මිත්‍යාවන් හඳුනා ගැනීම රටේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකාව අගාධයට ඇද දැමූ ප්‍රධාන සාධකයක් වන්නේ "උපතේ සිට මරණය දක්වා" පවතින සුබසාධන මානසිකත්වය සහ පරම්පරාගත පරාධීන සංස්කෘතියයි.

මැතිවරණ ජයග්‍රහණ පමණක් අරමුණු කරගත් දේශපාලන පන්තිය, ජනප්‍රියවාදී පොරොන්දු ඉටු කිරීම සඳහා ආදායම් නොලැබෙන යටිතල පහසුකම් ව්‍යාපෘති වෙත අධික ලෙස විදේශීය ණය යොමු කළහ. මෙම තත්ත්වය "කතාව විතරයි - වැඩ නැත" යන වැඩ නොකරන සංස්කෘතියක් සමාජය තුළ මුල් බැස ගැනීමට ද හේතු විය.

සාම්ප්‍රදායිකව කතා කෙරෙන විදේශීය "ණය උගුල" පිළිබඳ පවතින්නේ මිත්‍යා මතයකි. ශ්‍රී ලංකාව මුහුණ දුන් බාහිර ණය අර්බුදයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) වැනි වාණිජ ණය සහ පෞද්ගලික වෙළඳපොළ ණය මිස හුදෙක් ද්විපාර්ශ්වික ණය පමණක් නොවේ. රජයේ වියදම් ආදායමට වඩා වැඩි වීම (රාජ්‍ය මූල්‍ය හිඟය) සහ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩි වීම (ජංගම ගිණුමේ හිඟය) යන "නිවුන් හිඟයන්" අඛණ්ඩව පැවතීම රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය දුර්වල කළේය.

ගෝලීය ආර්ථික කම්පන පැවතියද, ශ්‍රී ලංකාවේ බිඳ වැටීමට සෘජුවම බලපෑවේ දේශීය වශයෙන් ගත් වැරදි ප්‍රතිපත්තිමය තීරණයි. 2019 වසරේ සිදු කළ බදු කප්පාදුව, 2021 වසරේ අදූරදර්ශී පොහොර තහනම සහ ස්ථාවර විනිමය අනුපාතිකය රැක ගැනීමට ගත් නිෂ්ඵල උත්සාහයන් හේතුවෙන් රටේ විදේශ විනිමය සංචිත වේගයෙන් ක්ෂය විය.

 මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ රටට සිය බාහිර ණය වගකීම් ඉටු කර ගැනීමට නොහැකි වී, ස්වෛරී ණය ගෙවීම පැහැර හැරීමකට (Sovereign Default) මුහුණ දීමට සිදු වීමයි.

මෙම ආර්ථික කඩාවැටීමේ බර සාධාරණ ලෙස බෙදී නොගිය අතර, ඇති වූ අතිඋද්ධමනය හේතුවෙන් මධ්‍යම පන්තිය බිඳ වැටී ජාතික දරිද්‍රතා අනුපාතය දෙගුණ විය. මීට අමතරව, ආයතනික පද්ධතිය දේශපාලනීකරණය වීම සහ ආර්ථික පීඩනය හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් රට හැර යාම හෙවත් "බුද්ධිගලනය" රටේ අනාගත සංවර්ධනය අඩපණ කරන ප්‍රධාන තුවාලයක් බවට පත්ව තිබේ.

අතිඋද්ධමනය, බුද්ධිගලනය සහ ඉදිරි මග....

මෙම අගාධයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මූල්‍ය ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් වේ. එහෙත් දිගුකාලීන තිරසාරභාවය සඳහා පහත සඳහන් පියවර ගැනීම අත්‍යවශ්‍ය බව විද්වත් මතයයි.

* ප්‍රතිපත්තිමය ආරක්ෂණ (Policy Locks), මැතිවරණ චක්‍රවලින් ස්වාධීන වූ, වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් ස්ථාපිත කිරීම.
* අපනයන මූලික ආර්ථිකය, ආනයන මත පමණක් යැපීම වෙනුවට විදේශ විනිමය උපයන අපනයන ආර්ථිකයකට මාරුවීම.
* රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළඳපොළ ප්‍රායෝගිකත්වය මත පදනම්ව රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම.
* නීතියේ ආධිපත්‍යය සහ දක්ෂතාවයට මුල්තැන දීම (Meritocracy), දේශපාලන සම්බන්ධතා වෙනුවට දක්ෂතාවය මත පදනම් වූ පාලන තන්ත්‍රයක් සහ විනයගරුක සමාජයක් ගොඩනැගීම.


ශ්‍රී ලංකාවට සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගිය හැක්කේ පටු දේශපාලන අරමුණුවලින් බැහැරව, මෙවැනි ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා ජනතාව සහ පාලකයන් එකඟ වන්නේ නම් පමණි.

මෙම අවස්ථාවට සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා , හිටපු නියෝජ්‍ය ඇමති නියෝජ්‍ය නියෝජ්‍ය ඇමැති සහ වර්තමාන ක්‍රිකට් පුනර්ජීවන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්නය, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමය සභාපති මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, ලේකම් නිහාල් රුද්‍රිගු, ආචාර්යය සුරංග සිල්වා, මහාචාර්ය අතුරුපාන, මහාචාර්ය ප්‍රියංග දුණු සිංහ ඇතුළු ආචාර්ය මහාචාර්යවරු ප්‍රධාන විශාල පිරිසක් සහභාගී සිටියහ.

(සටහන | ජේ. මුණසිංහ )

 zdgsgdbdh

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

2022 ආර්ථික කඩාවැටීම හදිසි අනතුරක් නෙමෙයි, දශක හතක ස්වයං විනාශකාරී තේරීම්වල ප්‍රතිඵලයක්: මහාචාර්ය විමලරතන හිමියන්ගෙන් අනාවරණයක්! | The Leader