The Leader News
BREAKING
Top Ad
පුවත්

බන්ධනාගාර තුළ බෝනොවන රෝග ඉහළයෑමට මානසික පීඩාකාරී තත්ත්වය ද හේතුවක් - අමාත්‍ය වෛද්‍ය නලින්ද

T

The Leader Desk

August 13, 2025 • 9:19 AM

බන්ධනාගාර තුළ බෝනොවන රෝග ඉහළයෑමට මානසික පීඩාකාරී තත්ත්වය ද හේතුවක් - අමාත්‍ය වෛද්‍ය නලින්ද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මෙරට ස්ථාපිත බන්ධනාගාර රෝහල් 24 තුළ බන්ධනාගාර නිලධාරීන්, රැදවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ඊයේ දින සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෛද්‍ය සායන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිණි.
  • උත්සවය වැලිකඩ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වූ අතර, වැඩසටහන ඊයේ (12) සිට සිට 16 වන දින දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර මෙම වැඩසටහන අගෝස්තු මස 10 වනදාට යෙදුන “සිරකරුවන්ගේ යුක්තියේ” දිනයට සමගාමීව ක්‍රියාත්මක වූවකි.
  • වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය අංශ මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බෝනොවන රෝග බව පෙන්වා දුන් අමාත්‍යවරයා අතීතයේ සිට අප රට බෝවන රෝග පාලනය කරමින් ආදර්ශයක් ලබාදුන් රටක් බව ද පෙන්වා දුන්නේ ය.
  • මෙරට සෞඛ්‍ය පද්ධතිය සකස් වී තිබෙන්නේ බෝවන සහ බෝනොවන රෝග පාලනය කිරිමට සහ තුරන් කිරීමට බවත්, අයහපත් ආහාර රටා, අයහපත් ජීවන රටා යනාදිය හේතුවෙන් බෝනොවන රෝග වැඩි වී තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මෙරට ස්ථාපිත බන්ධනාගාර රෝහල් 24 තුළ බන්ධනාගාර නිලධාරීන්, රැදවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ඊයේ දින සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෛද්‍ය සායන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිණි.

උත්සවය වැලිකඩ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වූ අතර, වැඩසටහන ඊයේ (12) සිට සිට 16 වන දින දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර මෙම වැඩසටහන අගෝස්තු මස 10 වනදාට යෙදුන “සිරකරුවන්ගේ යුක්තියේ” දිනයට සමගාමීව ක්‍රියාත්මක වූවකි.

 

WhatsApp Image 2025 08 12 at 11.37.35 bd69bdd6
බෝනොවන රෝග වර්ධනයට හේතු

 

බන්ධනාගාර රෝහල්වලට අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්, බන්ධනාගාර රෝහල් තුළ හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බවත්, බන්ධනාගාර රෝහල්වල කාන්තා වාට්ටුවල පවතින ගැටලු නිරාකරණයටත් කඩිනමින් කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

 WhatsApp Image 2025 08 12 at 11.37.34 d505d5af

 

වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය අංශ මුහුණ දෙන  ප්‍රධාන අභියෝගය බෝනොවන රෝග බව පෙන්වා දුන් අමාත්‍යවරයා අතීතයේ සිට අප රට බෝවන රෝග පාලනය කරමින් ආදර්ශයක් ලබාදුන් රටක් බව ද පෙන්වා දුන්නේ ය. මෙරට සෞඛ්‍ය පද්ධතිය සකස් වී තිබෙන්නේ බෝවන සහ බෝනොවන රෝග පාලනය කිරිමට සහ තුරන් කිරීමට බවත්, අයහපත් ආහාර රටා, අයහපත් ජීවන රටා යනාදිය හේතුවෙන් බෝනොවන රෝග වැඩි වී තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

බන්ධනාගාර නිලධාරීන්ට සහ රැදවියන්ට ප්‍රශස්ත සෞඛ්‍ය රැකවරණයක්

WhatsApp Image 2025 08 12 at 11.37.35 8ebf4ddb


මෙරට ජනතාව අතරින් දියවැඩියා රෝගීන්  සියයට 21 ක් පමණක් අඛණ්ඩව රෝගය පාලනය කිරීම සඳහා ප්‍රතිකාර ලබා ගන්නා බවත්, අධික රුධිර පීඩනය රෝගයෙන් පෙළෙන රෝගීන්‌ගේ ප්‍රතිශතය සියයට 25 ක් පමණ මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.

රෝග පාලනයේ දී අඛණ්ඩ ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් වන බවද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශයේ වාර්තා අනුව කාන්තාවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් රෝග පරීක්ෂාවට ලක් කළ ද විවිධ වෘත්තිල යෙදෙන පිරිස්  සහ පුරුෂයින් යන කොටස් දෙක මෙම සායන සදහා යොමු කර ගැනීම අභියෝගයක් බව ද පැවසීය.

බන්ධනාගාර නිලධාරීන්ට සහ රැදවියන්ට ප්‍රශස්ත සෞඛ්‍ය රැකවරණය ලබාදීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගන්නා බව ද මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය අභියෝගයක් බවට පත්ව තිබෙන බෝනොවන රෝග කල්තියා හඳුනාගැනීම සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ කටයුතු මෙම සෞඛ්‍ය සායන වැඩසටහන මගින් සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කලේ ය.
 WhatsApp Image 2025 08 12 at 11.37.33 4c76d115
 
වර්තමානය වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ බන්ධනාගාර නිලධාරීන් 6000 කට ආසන්න පිරිසක් සේවය කරනු ලබන අතර, ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය මනා අයුරින් පවත්වා ගෙන යෑම මෙන්ම මෙරට ස්ථාපිත බන්ධනාගාර 36 තුළ රඳවා සිටින රැදවියන් 33,500 ගේ සෞඛ්‍ය තත්තවය යහපත් අයුරින් පවත්වා ගෙන යෑම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
 
 
මෙම සමාරම්භක උත්සව අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකොන්, විශේෂඥ වෛද්‍ය  අර්ජුන තිලකරත්න, අධ්‍යක්ෂ (බන්ධනාගාර සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය එච්. ලියනගේ, බන්ධනාගාර කොමසාරිස් (පාලන) අජිත් බස්නායක, බන්ධනාගාර කොමසාරිස් ප්‍රසාද් හේමන්ත කුමාර, ගාමිනී දිසානායක (සැපයුම් හා සේවා) බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ යන අය ඇතුළු ව  ජේෂ්‍යඨ බන්ධනාගාර කොමසාරිස්වරුන්, බන්ධනාගාර කොමසාරිස්වරුන්, ප්‍රධාන ජේලර්වරුන්, ජේලර්වරුන් වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.
 
WhatsApp Image 2025 08 12 at 11.37.34 9c03c037
(සටහන |  දීප්ති විජේතුංග)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...