The Leader News
BREAKING
Top Ad
පුවත්

'මහ හොරු ටික නිදැල්ලේ හොඳට ඉන්නවා' - ඩඩ්ලි සිරිසේනගෙන් බරපතල ප්‍රකාශයක්

T

The Leader Desk

August 13, 2025 • 10:22 AM

'මහ හොරු ටික නිදැල්ලේ හොඳට ඉන්නවා' - ඩඩ්ලි සිරිසේනගෙන් බරපතල ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය දිනක කුරුණෑගලදී පැවති වයඹ වෙළඳ සංගමයේ වාර්ෂික සුහද හමුව අමතමිනි.
  • එම සුහද හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන පැවසුවේ මහබැකුවේ ආර්ථික වැටීමත් එක්ක 2018 දිගන ඇතිවුණු සිංහල – මුස්ලිම් ප්‍රශ්නය හේතුවෙන් මේ රටේ සංචාරක ව්‍යාපාරය පහතට වැටිම ආරම්භ වු බවයි.
  • අනතුරුව 2019 ඇතිවුණු සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවත් සමග රටක් ලෙසඅපි තවත් අසරණ අතර 2020 – 2021 ලෝකයක් වශයෙන්ම පැතිරුණු කොවිඩ් රෝගයත් සමග ඒ අසරණ භාවය දෙගුණ තෙගුණ වූ බවයි.
  • මේක එක එක්කෙනා එක එක විදිහට කියනවා, මම මෙව්වා බොහොම ප්‍රසිද්ධියේ කියන්නෙ, මේ රටට වුණ හානිය පිළිබඳව, මේ රටට මේ කරපු හානිය පිළිබඳව අපි දැක්කෙ 2015දී.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය දිනක කුරුණෑගලදී පැවති වයඹ වෙළඳ සංගමයේ වාර්ෂික සුහද හමුව අමතමිනි.

එම සුහද හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන පැවසුවේ මහබැකුවේ ආර්ථික වැටීමත් එක්ක 2018 දිගන ඇතිවුණු සිංහල – මුස්ලිම් ප්‍රශ්නය හේතුවෙන් මේ රටේ සංචාරක ව්‍යාපාරය පහතට වැටිම ආරම්භ වු බවයි.

අනතුරුව 2019 ඇතිවුණු සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවත් සමග රටක් ලෙසඅපි තවත් අසරණ අතර 2020 – 2021 ලෝකයක් වශයෙන්ම පැතිරුණු කොවිඩ් රෝගයත් සමග ඒ අසරණ භාවය දෙගුණ තෙගුණ වූ බවයි.

ඔහු එහිදී මෙසේද පැවසිය.

මේ රට බංකොලොත් වෙන්න පටන් ගත්තේ මහබැංකු මහා මංකොල්ලයෙන් පසුවයි! 

 
”අද අපි රටක් වශයෙන් මුහුණ දීලා තියෙන මේ ආර්ථික අර්බුදය, මේක හරි බැරෑරුම් ප්‍රශ්නයක් සහෝදරවරුනි. මේක එක එක්කෙනා එක එක විදිහට කියනවා, මම මෙව්වා බොහොම ප්‍රසිද්ධියේ කියන්නෙ, මේ රටට වුණ හානිය පිළිබඳව, මේ රටට මේ කරපු හානිය පිළිබඳව අපි දැක්කෙ 2015දී.

2015දී මම හිතුවා, මගේ අයියා පිළිබඳව මම හොඳටම දන්නවා. මේ කරපු හානියෙන් මේ ප්‍රතිඵල එන බව මට එදා තේරුණා. මම ඒක දැකලා මගේ ජීවිත පරිත්‍යාගයෙන්, මගේ ඔය දේපොළද, මිල මුදල්ද, පවුලද, දරුවොද සියල්ල පැත්තකින් තියලා 2015 අපි මේ සටන කළා මේ රටට යහපතක් කරන්න. ඒ යහපතේ ප්‍රතිඵල ලැබුණා මාස එකහමාරෙන්.

අයියා ජනාධිපති වුණා ජනවාරි 08 වෙනිදා, පෙබරවාරි 27 වෙනිදා කෙළලා දැම්මා මහබැංකුවට. මම ඇහුවා, මම මෙව්වා ඔයාලා ඉස්සරහා විතරක් නෙවෙයි, මේ මාධ්‍ය තුළ ඕනෙ තැනක කියනවා, ඕනෙ කෙනෙකුට එන්න පුළුවන් නම් මගෙත් එක්ක මේවා කතා කරලා තේරුම් කරලා දෙන්න. අද ඔයාලා මේ අපි, මේ ආර්ථික වශයෙන් රට වැටිලා තියෙන තත්වයට පළවෙනි මේ රටේ වුණ ප්‍රශ්නය තමයි 2015 පෙබරවාරි 27 වෙනිදා මේ බැංකු ණයට කරපු මේ අපරාධය.
 
අපි ව්‍යාපාරිකයො වශයෙන් මම ඒ කාලෙ ණය ගත්තෙ 8% පොලියට. 8% කියපුවාම ඔයාලා හිතයි මේක විශේෂ දෙයක් කියලා, AWPR+ කියන ණයක් තියෙනවා, ඔයාලාත් ගිහිල්ලා මැනේජර් මහත්තුරුන්ගෙන් අහන්න, ඒ ණය අපට දෙන්න කියන්න, හැබැයි මාසෙන් මාසෙට සම්පූර්ණ පොලිය දාන්න ඕනෙ. අරක වාර්ෂිකව හදලා කොටස් කරලා දෙන එකක් වාගෙනෙ අපි ඔය මාසිකව ගෙවන එක. අපි ඒ පොලිය 8% ට ගනිද්දී ඔයාලා මේ සාමාන්‍ය ලෝන් එකක් ඔයාලා ගත්තෙ 12% – 14% ට.  ඔය කරපු අපරාධයෙන් 8% හිටපු අපි කෙළින්ම ආවා 14% ට. දාහතරයි දශම ගාණකටත් ගියා ඒ කාලෙ විදිහට. 12% - 14% ට ඉඳපු ඔයාලාට යන්න වුණා. 18% – 20% ට. 
 
ඔයාලාගෙ ඔය ව්‍යාපාර තුළත් අද මේ රටේ ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදය තුළත් අපේ ව්‍යාපාරිකයින්ට ආර්ථික වශයෙන් මුහුණ දීමට තිබ්බ ශක්තිය ප්‍රථමයෙන්ම විනාශ කළේ ඒ මහබැංකු ගනුදෙනුවෙන් කියන එක මම මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් වශයෙන් ඕනෑම කෙනෙක් එක්ක තර්ක කරන්න අවශ්‍ය නම් මම ලෑස්තියි කියන එක මම විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා.

ඒ ඇතිවුණු ආර්ථික වැටීමත් එක්ක 2018 දිගන ඇතිවුණු සිංහල - මුස්ලිම් ප්‍රශ්නෙත් එක්ක මේ රටේ සංචාරක ව්‍යාපාරය පහතට ඒම ආරම්භ වුණා. 2019 ඇතිවුණු සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවත් එක්ක අපි තවත් අසරණ වුණා. 2020 - 2021 ලෝකයක් වශයෙන්ම පැතිරුණු කොවිඩ් රෝගයත් එක්ක අපි තවත් අසරණ වුණා.

2022 – 2023 වෙද්දී මේ රටේ ලොකු අරගලයක් ඇවිල්ලා ප්‍රශ්න ඇතිවුණු ස්වභාවය ගැන මට කියන්න තියෙන්නෙ, රට ලොක්ඩවුන් වුණා. ඩීසල්, පෙට්‍රල්, කරන්ට් එක නැතිව රට නැවතුණා. 2015 පෙබරවාරි 27 වෙනිදා, අපි මේ රට බේරාගන්න පත් කරගත්තු නායකයින් විසින්. මම හිතන විදියට මෛත්‍රීපාල සිරිසේන ඒකට සම්බන්ධ නෑ. ඒ ඇති කරපු ආර්ථික තත්වය යටතේ අපි ආර්ථික වශයෙන් මහත් පරිහානියකට පත්වුණා. ඊළඟට නව රජයක් පත්වුණා මෑතකදී, ඒ රජය පත්වෙන්න පෙර තාවකාලික ජනාධිපතිවරයෙක් විදියට පත්වුණා රනිල් වික්‍රමසිංහ. එතුමා නම් මේකට වගකිව යුතුමයි.

''මේ ආර්ථික අභියෝගය මේ වත්මන් ජනාධිපතිවරයාගේත්, මේ පවතින රජයේත් ප්‍රශ්නයක් ගැටලුවක් විදියට සලකන්න එපා..''
 
 
ඒ පත්වෙච්ච ස්වභාවයත් එක්ක ඔය IMF එක කියන යෝජනාවලියක් මේ රට තුළ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒ යෝජනාවලියේ තියෙන මූලික ලක්ෂණය බදු ප්‍රතිශත වැඩිකරනු ලැබුවා. අර ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වාගේ අවුරුදු ගණනාවක් ආර්ථික වශයෙන් පරිහානියට පත්වුණු අපේ ව්‍යාපාරිකයින්ට මේ වාගෙ ප්‍රශ්නෙකුත් ඇතිවුණා. නමුත් දැන් කරන්න දෙයක් නෑ, මේ දේ කළ යුතුමයි. ඒක නිසා මේ ආර්ථික අභියෝගය මේ වත්මන් ජනාධිපතිවරයාගේත්, මේ පවතින රජයේත් ප්‍රශ්නයක් ගැටලුවක් විදියට සලකන්න එපා සහෝදරවරුනි, මේ ආර්ථික අභියෝගය ජයගත යුත්තේ අපි විසින්මයි.
 
 
මේ ආර්ථික අර්බුදය ජයගැනීමට නම් අපි අතිමහත් කැපකිරීමක් කළ යුතුමයි. වැඩකරන වැඩබිමක් විය යුතුයි මේ මුළුමහත් ලංකාවම. මේ රටම සංචාරක පුරවරයක් විය යුතුයි. එහෙම නැතිව තව කාගෙවත් දිහා බලාගෙන ඉඳලා මේ ආර්ථික අභියෝගය ජයගන්න බැරිවුණොත් ඔයාලාගෙ අපේ කාලය කෙසේවෙතත් අපි විසින් මේ ලෝකෙට දායාද කරපු දරුවන්ගෙ අනාගතය ගැනත් අතිමහත් ගැටලුවක් එනවා. ඒක නිසා මේ ආර්ථික අභියෝගය ජය අරගෙන මේ රට අපිට අහිමිවුණු ඒ වැදගත් අනාගතය අපේ දරුවන්ට අරන් දීමට අපි එක කණ්ඩායමක් විදියට එකතුවෙලා වැඩකරමු කියන යෝජනාව තමුන්නාන්සෙලා ඉදිරියේ තබනවා”

මතු පළ වන්නේ වර්තමානයේ රට මුහුණ පා ඇති අර්බුදයේ ආරම්භය සහ විකාශනය පිළිබඳ ඩඩ්ලි සිරිසේනගේ අදහස ඇතුලත් වීඩියෝව යි.



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...