''ආණ්ඩුව බෙදෙනකම් බලන් ඉන්න විපක්ෂයේ සත පහේ ලොස් පොරවල් ෂෝෂල් මීඩියා ආතල් එකක් ගන්නවා'' යයි ද ඇමතිවරයා කියා සිටියි.
''මේ අයම තමයි 2005 ඇඩ්‍රස් නැති වුන වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යන ප්ලේන් එක කඩන් වැටිලා තමන්ට ආණ්ඩුව එයි කියලා හිතාගෙන හිටියේ'' ද ඔහු කියා සිටියි.
ආණ්ඩුව බෙදෙනකම් බලන් ඉන්න විපක්ෂයේ සත පහේ ලොස් පොරවල් ෂෝෂල් මීඩියා ආතල් එකක් ගන්නවා..
ඔහු පවසන්නේ මේ විපක්ෂයේ ඉන්නේ සත පහේ ලොස් පොරවල් බවය.
බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වීමෙන් පසු මාධ්‍ය නැගු පැනයකට පිළිතුරු දෙමිනි.
ආණ්ඩුව බෙදෙන තුරු බලා සිටීම මේ වනවිට විපක්ෂයේ ප්‍රධාන කාර්යය බවත්, 2005 වකවානුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලවත්ව තමන්ට එඩ්‍රස් නැතිව සිටි වකවානුවේ රනිල් - සජිත් ඇතුළු විපක්ෂය මහින්ද ගමන් ගන්නා ගුවන් යානයක් හෝ අනතුරට ලක් වී ආණ්ඩුව තමන් වෙත ලැබෙනු ඇතැයි බලා සිටි බවත් ඇමතිවරයා එහිදී සඳහන් කළේය.
එහිදී ඔහු මෙසේ පැවසීය.
''ජාතික ජන බලවේගය තුළ තමයි ජනතා විමුක්ති පෙරමුණ තිබෙන්නේ. අපි ඉතාමත් අවංකව කාලයක් වැඩ කරලා තමයි ජාතික ජන බලවේගය ගොඩනැගුවේ. ඒ එකට වැඩ කිරීම ඇතුළෙ අපි තේරුම් අරන් එකට සැලසුම් කරලා ඡන්ද පැරදිලා, ඒ පරාජයන් තුළින් ඉදිරියට ඇවිත් තමයි අපි වැඩ කරගෙන යන්නේ. අපි අතර කිසිම වෙනසක් නෑ. අපි එකට හොඳට මුහුවෙලා තියෙන්නේ. ඒ නිසා අනුර දිසානායක ජනාධිපති තුමා තරම්ම අපිට දේශපාලන අතින් ඉතාම වටිනා සම්පතක්ම තමයි ආචාර්ය හරිනි අමරසූරිය කියන්නේ. අපට තියන ඉතාම ඉහළ දේශපාලන සම්පතක් ඇය. ඒ නිසා අපි ඉතාම එකමුතු කමින්, ෆුල් ලව් එකෙන්, ෆුල් ෆිට් එකෙන් වැඩ කරනවා.
''සජිත්ලට නාමල්ලට අඬ අඬා ඉන්න පුලුවන් අපි බෙදෙනකම්. ඒ නිසා කැමතිනම් ඉතින් ඔය ෂෝෂල් මීඩියාවල පොඩි ආතල් එකක් ගත්තට කමක් නෑ. එහෙම කිසිම ගැටලුවක් ඇවිත් නෑ. ඕක මීඩියා ප්‍රබන්ධයක් විතරයි.
අනතුරුව ඇමතිවරයා මෙසේ ද කීවේය.
“ඔය සජිත්ලා රනිල්ලා බලන් හිටියානේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්ලේන් එකක් හරි මොකක් හරි වෙලා ආණ්ඩුව ලැබෙනකම්. ඇත්තටම මට එහෙම කියලා තියනවා. මහින්ද මහත්තයා 2005 දි මේ ආණ්ඩුව අරගෙන බලවත්ව යන කාලෙ සජිත්ලට ඇඩ්‍රස් නැති වෙලා රනිල්ලට ඇඩ්‍රස් නැති වෙලා ගිය කාලයක් තිබුණානේ අවුරුදු 10ක් විතර. ඒ කාලෙත් මොකක් දන්නවද ඒ ගොල්ල හිත හිත හිටියේ. ප්ලේන් එක හරි මොනවා හරි වෙලා ආණ්ඩුව හම්බවේවි කියලා.”
“ඒ වගේ ලොස් පොරවල් ටිකක්. ඇත්තටම ගත්තොත් සත පහේ පොරවල්. “
( උපුටා ගැනීම් - lankasara)




