The Leader News
BREAKING
Top Ad
පුවත්

සෙවණගල සහ පැල්වත්ත ප්‍රශ්න රැසක: රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

August 13, 2025 • 3:47 PM

සෙවණගල සහ පැල්වත්ත ප්‍රශ්න රැසක: රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොමැති බැවින් මේ මොහොත වන විට නිෂ්පාදනය කරන සීනි සහ එතනෝල් අලෙවි කරගත නොහැකි නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
  • වොයිස්කට් දේශපාලනය හොඳට ම ඇති සෙවණගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රීය වී මාස හතරක් ගතවෙලත් අලුත්වැඩියා කරල නෑ.
  • දැනට ක්‍රියාත්මක මෝටර් යන්ත්‍රයත් වසර 35ක් පැරණියි.
  • දැනට ඇති එකම හඬත් සමගි ජන බලවේගයේ හඬ යි.
අකුරු ප්‍රමාණය (Font Size):

නොමැති බැවින් මේ මොහොත වන විට නිෂ්පාදනය කරන සීනි සහ එතනෝල් අලෙවි කරගත නොහැකි නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද සෙවණගල සීනි කර්මාන්තශාලාවේ උක් ගොවීන්ගේ ගැටලු සොයා බැලීමට ගිය ගමනේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස...

 

වොයිස්කට් දේශපාලනය හොඳට ම ඇති

සෙවණගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රීය වී මාස හතරක් ගතවෙලත් අලුත්වැඩියා කරල නෑ. දැනට ක්‍රියාත්මක මෝටර් යන්ත්‍රයත් වසර 35ක් පැරණියි. ඒ නිසා එහි ක්‍රියාකාරීත්වයත් අවිනිශ්චිතයි. නිෂ්පාදන අංශයේ රික්ත උදුන් හතරෙන් දෙකක් ඉවත් කිරීම නිසා නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වෙලා. යන්ත්‍ර සූත්‍ර අක්‍රීය වුණාට පස්සෙ ඒවා අලුත්වැඩියා කරල භාවිතයට ගන්නෙ නෑ. මෙවැනි තත්ත්වයක් තුළ සෙවණගල සහ පැල්වත්තේ සේවය කරන සියලු දෙනා ම අසරණ වෙලා.

ගොවි ජනතාව වෙනුවෙන් වැඩිම හඬක් නැගුවේ සමගි ජන බලවේගය යි. දැනට ඇති එකම හඬත් සමගි ජන බලවේගයේ හඬ යි. වොයිස්කට් දේශපාලනය නොකර අවංකව ම දුක, කඳුළ, වේදනාව ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගෙන ප්‍රශ්න හඳුනා ගෙන තිබුණත් වත්මන් රජයට මේවා ඉදිරිපත් කරන විට ඒවා ගණන් ගන්නෙ නෑ. වත්මන් රජයට දැන් ගොවියාගේ කම්කරුවාගේ දුක, කඳුළ, වේදනාව තේරෙන්නෙ නෑ.

විෂය බාර ඇමතිවරයා කියන්නෙ බොරු

මේ වන විට සෙවණගල ගොවියන්ට රු. ලක්ෂ 2050ක් ගෙවීමට තිබෙනවා. අර්ථසාධක ලෙස රු. ලක්ෂ 150ක්, සැපයුම්කරුවන්ට රු. ලක්ෂ 1000ක් සහ වැට් බදු රු. ලක්ෂ 4000ක් ගෙවීමට තිබෙනවා. සේවකයන් 1400කට ආසන්න ප්‍රමාණයක් සහ ගොවි ජනතාව 4500ක් හිටියටමේ අය ගැන අඹමල් රේනුවක හැගීමක් රජයට නෑ. විෂය බාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ඉඳගෙන බොරු කිය කිය පච දේශපාලනය නොකර මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩල සමග සෙවණගල සහ පැල්වත්තට ඇවිත් ඡංගම සේවාවක් පවත්වලා මේ ගැටලුවලට විසඳුම් දිය යුතු යි.

පසුගිය කාලෙ රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රමුඛ සමගි ජන බලවේග පළාත් හා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය විසින් මේ ගැටලුවලට විසඳුම් දුන්නා. අපි ජනතාවගෙන් පැනලා ගියේ නෑ.

 

සැනසීමක් නැති කම්කරු ජනතාව සහ පීඩිත පන්තිය

අද මේ ගොවියන්ගේ කම්කරුවන්ගේ දුක, කදුළ, වේදනාව අහන්න රජයේ කවුරුත් නෑ. කර්මාන්තශාලාවේ සේවකයන්ගේ කම්කරු අයිතිය ගැන කතා කරපු වත්මන් රජය බලයට පත්වුණාට පස්සෙ මේ සියල්ල අමතක කරලා. කම්කරු ජනතාවට පීඩිත පන්තියට කිසිදු සැනසීමක් නෑ. හැකියාවක් නොමැති මේ රජය නිසා කම්කරුවන් අසරණ වෙලා.

සෙවණගල වගේ ම පැල්වත්තෙත් මේ ගැටලු තියෙනවා. අර්ථ සාධක නොගෙවීම, බැංකු ණය නොගෙවීම, ගොවීන්ට හා සැපයුම්කරුවන්ට මුදල් නිසි පරිදි නොගෙවීම, සේවක වැටුප් නොගෙවීම ආදී ගැටලු රැසකුත් තියෙනවා. අද වන විට මේ කර්මාන්තශාලා අඩපණ වෙලා කඩා වැටෙනවා."
gfsdfsfwerwe4
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...