The Leader News
BREAKING
Top Ad
පුවත්

ආර්ථික අභියෝග ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

T

The Leader Desk

August 13, 2025 • 4:11 PM

ආර්ථික අභියෝග ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මතුව ඇති අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
  • ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති බවය.
  • ඒ අනුව මෙහිදී පසුගිය සභා වාරයේදී ගනු ලැබූ තීන්දු තීරණ සමාලෝචනය කිරීම, ඊට අදාළ යෝජනා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීම සිදුකර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මතුව ඇති අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති බවය.

ඒ අනුව මෙහිදී පසුගිය සභා වාරයේදී ගනු ලැබූ තීන්දු තීරණ සමාලෝචනය කිරීම, ඊට අදාළ යෝජනා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීම සිදුකර තිබේ.

අපනයන ක්ෂේත්‍රයේ දියුණුවට අදාළ අත්‍යවශ්‍ය කරුණු රැසක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීම, රේගු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව ස්කෑන් යන්ත්‍රයක් ස්ථාපනය, ඖෂධ අපනයන කර්මාන්තය, කුකුළු මස් අපනයනය, තේ අපනයන සංවර්ධනය, කුළුබඩු අපනයනය, Export Hub සංකල්පය, ත්‍රිකුණාමල වරාය සංවර්ධනය, අපනයන ආශ්‍රිත ආයෝජන වර්ධනය, ඉලෙක්ට්‍රොනික අපනයන අංශයට අමුද්‍රව්‍ය සැපයීම, නව තීරු බදු ගිවිසුම්වලට අවතීර්ණ වීම සහ තීරු බදු පිළිබඳවද සාකච්ඡා වී තිබේ.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, කර්මාන්ත අමාත්‍යාංයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්වී සිටියහ.

 chthtyrhdf

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...