The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන ඇමරිකාවෙන් බරපතල චෝදනාවලියක් !

T

The Leader Desk

August 13, 2025 • 4:25 PM

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන ඇමරිකාවෙන් බරපතල චෝදනාවලියක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර සිටියේ, ලොවපුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳ 2024 වාර්තාව නිකුත් කරමිනි.
  • ‘අරගලයෙන්’ පසු පැවැති මැතිවරණවලින් විශිෂ්ඨ ලෙස බලයට පත් වත්මන් රජය, සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ගෙන ඇත්තේ අවම ක්‍රියාමාර්ග පමණක් බවද වාර්තාවේ සඳහන් වේ.
  • අන්තර්ජාල ආරක්ෂණ පනතද විරෝධතා මර්දනය කිරීමට යොදාගැනීමට ඉඩ ඇති බවටද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව කනස්සල්ල පළ කර ඇත.
  • වතුකර කාන්තාවන් වන්ද්‍යාකරණයට ලක්කිරීම ගැනත් අනාවරණයක් ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් ගබ්සා කිරීම් පිළිබඳ වාර්තා නොවන නමුත් ස්වේච්ඡාවෙන් සිදුවන වන්ධ්‍යාකරණයන් පිළිබඳ සිවිල් සංවිධාන මගින් වාර්තා කර ඇතැයි, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර සිටියේ, ලොවපුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳ 2024 වාර්තාව නිකුත් කරමිනි.

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇමෙරිකාව නිකුත් කළ මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පමණක් නොව, තවත් රටවල් කීපයක් සම්බන්ධයෙන් ද තොරතුරු අඩංගු වේ.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, 2024 වර්ෂය සඳහා නිකුත් කළ වාර්තාවක සඳහන් වන ආකාරයට පුද්ගලයන් අමු අමුවේ වෙඩි තබා ඝාතනය කිරීම, රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් ඝාතනය, මාධ්‍යවේදීන්ට සිදුවන අඩම්තේට්ටම්, ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම ආදිය සම්බන්ධයෙන් ඇමෙරිකා රජය දැඩි කනස්සල්ලෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් 2024 COUNTRY REPORTS ON HUMAN RIGHTS PRACTICES: SRI LANKA යන ශීර්ෂයෙන් යුතුව අද (අගෝස්තු 13) පළකර ඇති නිවේදනයක සඳහන් වේ.

ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් වාර්තා කරන ලද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී සිදුවූ මරණ හතක් පිළිබඳව එම වාර්තාවේ දැක්වේ.

2022 ‘අරගලයෙන්’ පසු පැවැති මැතිවරණවලින් විශිෂ්ඨ ලෙස බලයට පත් වත්මන් රජය, සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ගෙන ඇත්තේ අවම ක්‍රියාමාර්ග පමණක් බවද වාර්තාවේ සඳහන් වේ.

පාපොච්චාරණ ලබාගැනීම සඳහා වධහිංසා පැමිණවීම් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ගනිමින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ද උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම් ආදිය සම්බන්ධයෙන් පමණක් නොව, කම්කරු අයිතිවාසිකම් සහ වෙනත් ගැටලු සම්බන්ධයෙන් ද කාන්තාවන්ට බලහත්කාරයෙන් වඳ සැත්කම් සිදුකිරීම පිළිබඳ චෝදනා, යුද සමයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පවතින මන්දගාමී ප්‍රගතිය, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන තොරතුරු ද මෙම වාර්තාවට ඇතුළත් වේ.

අන්තර්ජාල ආරක්ෂණ පනතද විරෝධතා මර්දනය කිරීමට යොදාගැනීමට ඉඩ ඇති බවටද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව කනස්සල්ල පළ කර ඇත.

වතුකර කාන්තාවන් වන්ද්‍යාකරණයට ලක්කිරීම ගැනත් අනාවරණයක්
ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් ගබ්සා කිරීම් පිළිබඳ වාර්තා නොවන නමුත් ස්වේච්ඡාවෙන් සිදුවන වන්ධ්‍යාකරණයන් පිළිබඳ සිවිල් සංවිධාන මගින් වාර්තා කර ඇතැයි, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන උපුටා දක්වමින් මෙම වාර්තාව සඳහන් කර ඇත්තේ, ස්වේච්ඡාවෙන් සිදු කරන ලද වන්ධ්‍යාකරණය දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන සමහර ආන්තික ප්‍රජාවන්ට, විශේෂයෙන් දෙමළ වතු කම්කරුවන්ට බලපා ඇති බව යි.

රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු ළදරුවන් ප්‍රසූත කිරීමේදී සිසේරියන් සැත්කම් තෝරා ගන්නා අවස්ථාවේදී ම වන්ධ්‍යාකරණය සිදු කරන බවත් ඒ සඳහා අදාළ කාන්තාවගේ සැමියාගේ කැමැත්ත පමණක් ලබා ගන්නා බවත් වාර්තාවේ සඳහන් වෙයි.

මෙම වෛද්‍යවරුන් බොහෝ විට කාන්තාවගේ කැමැත්ත ලබා නොගන්නා බවට ද ඔවුන් වාර්තා කර ඇතැයි මානව හිමිකම් භාවිතයන් පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් සඳහන් කර තිබේ.

අනීතික ඝාතන
2024 වසර තුළ රජය හෝ එහි නියෝජිතයන් විසින් අත්තනෝමතික හෝ නීති විරෝධී ඝාතන සිදු කළ බවට වාර්තා කිහිපයක් පැවති බව ද වාර්තාව අනාවරණය කරයි.

පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණ කිහිපයක් සිදුව ඇත. බොහෝ මරණ සිදුවී ඇත්තේ පොලිසිය විමර්ශනයක කොටසක් ලෙස සැකකරුවන් අපරාධ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේදී හෝ ප්‍රශ්න කිරීම් අතරතුර සැකකරුවන් පොලිස් නිලධාරීන්ට පහර දුන් බව පවසමින් හෝ පැන යාමට උත්සාහ කිරීමේදී බව ද වාර්තාවේ දැක්වෙයි.

2024 ජනවාරි සහ අගෝස්තු අතර කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී සිදු වූ මරණ 7ක් පිළිබඳ සැප්තැම්බර් මාසයේදී, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) වාර්තා කර ඇතැයි ද එහි දැක්වේ.

2024දී ඉලක්කගත වෙඩි තැබීම් 103 ක් ගැන පොලිසිය වාර්තා කර ඇති බව ත් එය 2023 දී වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධි 120ට සාපේක්ෂව එය අඩුවීමක් බවත් වාර්තාවේ දැක්වෙයි.

ශාරීරික පහරදීම්, සිරගත කිරීම් සහ පීඩනයට ලක්කිරීම්
සංවේදී මාතෘකා ආවරණය කරන මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම සහ බිය ගැන්වීම් පිළිබඳ ද වාර්තා වී ඇත.

පුරවැසි මාධ්‍යවේදීන් ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත්වල සමහර මාධ්‍යවේදීන්, විශේෂයෙන් සිවිල් යුද්ධයට හෝ ඊට අදාළ මාතෘකා ගැන සහ අතුරුදහන් වූවන් පිළිබඳ වාර්තා කිරීමේදී ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් හිරිහැර, තර්ජන, බිය ගැන්වීම් සහ මැදිහත් වීම් පිළිබඳ වාර්තා කර ඇතැයි ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තෙම්න්තු වාර්තාවේ සඳහන් වෙයි.


අතුරුදහන් වීම් සහ පැහැර ගැනීම්
2024 වර්ෂය තුළ රජයේ බලධාරීන් විසින් හෝ ඔවුන් වෙනුවෙන් සිදුකරන ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ වාර්තා වී නොමැති බව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි.

එහි දැක්වෙන්නේ, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) වාර්තා කර ඇති පරිදි 2024 වසර තුළ ඔවුන්ට අතුරුදහන් වූවන් හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කිසිදු නව පැමිණිල්ලක් ලැබී නොමැති බව යි.

2008 සහ 2009 දී කොළඹ දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සම්බන්ධ "Navy 11" නඩුවේ කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබුණු බව ද වාර්තාවේ සඳහන් ය.

ශ්‍රී ලංකාවෙන් සමූහ මිනී වළවල් 15ක් පිළිබඳ වාර්තා වී ඇති අතර ඒවා තවමත් විමර්ශන මට්ටමේ ඇතැයි එහි සඳහන් වේ.

ඉන් වැඩි ප්‍රමාණයක් උතුරු සහ නැගෙනහිර පළාත්වලින් වාර්තා වී ඇත.

චෝදනා නොමැතිව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම්
අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීති මගින් තහනම් කරන ලද අතර ඕනෑම පුද්ගලයෙකුට තමන් අත්අඩංගුවට ගැනීමේ හෝ රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය ගැන අභියෝග කිරීමේ අයිතිය ලබා දෙන ලදී. රජය සාමාන්‍යයෙන් මෙම අවශ්‍යතා පිළි පදින්නේ නොමැති බව ද වාර්තාවේ දැක්වෙයි.

ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මාධ්‍යවේදීන් සහ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම් ඇතුළුව අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හෝ රඳවා තබා ගැනීම් පිළිබඳ පැමිණිලි 838 ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව(HRCSL) වෙත ලැබී ඇත. එම කොමිසමට අනුව, 2023 ජනවාරි සිට 2024 මාර්තු දක්වා කාලය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් 46 ක් පිළිබඳව බලධාරීන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

2022 සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය සම්බන්ධයෙන් නිල නොලත් තහනමක් පවත්වාගෙන යාමේ රජයේ ස්ථාවරය නොතකා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවම වශයෙන් අත්අඩංගුවට ගැනීම් 10 ක් වාර්තා වී ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

පෙබරවාරි 8 වන දින වන විට, මියගිය එල්ටීටීඊ සාමාජිකයින් සැමරීමේ වාර්ෂික උත්සවයක් වන එල්ටීටීඊ මහා වීර දිනයට සහභාගී වීමේදී එල්ටීටීඊ සංකේත හෝ රූප භාවිතා කළ බවට චෝදනා එල්ල වූ 2023 නොවැම්බර් මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13 දෙනාම අධිකරණය විසින් නිදහස් කර ඇතැයිද වාර්තාවේ සඳහන් වේ.

සිවිල් සමාජ ආරංචි මාර්ගවලට අනුව, වසර තුළ අවම වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සිරකරුවන් තිදෙනෙකු අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇති අතර, ඔවුන්ට එරෙහි චෝදනා ඉවත් කර ඇති අතර නැතහොත් නිදොස් කොට නිදහස් කර තිබේ.

සැප්තැම්බර් වන විට, සිවිල් සමාජ කණ්ඩායම් ඇස්තමේන්තු කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගතව සිටි පිරිසට එල්ටීටීඊයට සම්බන්ධ වැරදි සඳහා දෙමළ ජාතිකයින් 14 දෙනෙකු සහ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මුස්ලිම් ජාතිකයින් 28 දෙනෙකු ඇතුළුව වරදකරුවන් වූ සහ නඩු විභාගයට පෙර රඳවා තබා ගත් රැඳවියන් 42 දෙනෙකු සිටින බව යි.

2023 ජනවාරි සිට 2024 මාර්තු දක්වා කාලය තුළ, මානව හිමිකම් කොමිසම විසින් වධහිංසා පැමිණවීම් 2,845 ක් සහ අමානුෂික සැලකීම් පිළිබඳ පැමිණිලි 675 ක් ලේඛනගත කර ඇතැයි ද වාර්තාවේ දැක්වෙයි.

දඬුවම් නොලැබීම සැලකිය යුතු ගැටලුවක් වි තිබේ. රජයේ නිලධාරීන්, හමුදා, අතුරු හමුදා, පොලීසිය සහ අනෙකුත් ආරක්ෂක අංශ නිලධාරීන් මෙම සිද්ධි සඳහා වගවීමට ලක්කර නොමැත.

මානව හිමිකම් උල්ලංඝනය කළ නිලධාරීන් හඳුනාගෙන දඬුවම් කිරීමට රජය ගෙන ඇත්තේ අවම පියවරක් බව ද මෙම මානවහිමිකම් වාර්තාවේ සඳහන් වේ.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල )


මුලාශ්‍රය :

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන ඇමරිකාවෙන් බරපතල චෝදනාවලියක් ! | The Leader