The Leader News
BREAKING
Top Ad
පුවත්

මුදාහළ කන්ටේනර්වල ඖෂධ තිබුණාදැයි විමර්ශනයක්

T

The Leader Desk

August 14, 2025 • 2:57 AM

 මුදාහළ කන්ටේනර්වල ඖෂධ තිබුණාදැයි විමර්ශනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව මේ පිළිබඳව ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
  • මේ පිළිබඳව වෛද්‍ය හා සිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
  • ( aruna | ගයත්‍රී ගීගනආරච්චි).
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය වසරක පමණ කාල සීමාවේදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඖෂධ තොග ඖෂධ නියාමන අධිකාරීයේ නිසි විමර්ශනයකින් තොරව මුදා හැරීමක් කර තිබේද, එසේ ගෙන්වන ලද සමාගම් සහ ඒවා නිසි පරිදි අදාළ ප්‍රසම්පාදන ආයතන මගින් නිසි ලේඛනවලට යටත්ව මුදා හැරීමක් සිදුවී ඇත්දැයි යන කරුණු සම්බන්ධයෙන්ද සොයා බලන ලෙස එම ලිපිය මගින් දන්වා තිබේ.

ඒ අනුව මේ පිළිබඳව ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

මේ පිළිබඳව වෛද්‍ය හා සිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

පසුගියදා වරාය පරිශ්‍රයෙන් මුදා හරින ලද ආන්දෝලනාත්මක කන්ටේනර් තුළ රටට හානිදායක සායනික අපද්‍රව්‍ය, ශල්‍ය උපකරණ, අන්තරාදායක ඖෂධ හෝ ලියාපදිංචියෙන් තොරව ගෙන්වන ලද ඖෂධ හෝ තිබේදැයි සැකයක් නිර්මාණය වන බැවින් ඒ සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසට සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගිය ජුනි මාසයේදී ඉල්ලීමක් කරනු ලැබීය.

( aruna | ගයත්‍රී ගීගනආරච්චි) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...