ගනිමින්, සෞඛ්‍ය අමාත්‍යවරයා එම ගැටලු මාරු මණ්ඩල සමග සාකච්ඡා කරමින් නිවැරදි ක්‍රමවේදයට අනුව සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් හට නියෝග කර ඇතැයි රජයේ වෛද්‍ය නිධාරින්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම නිවේදනයට අනුව මේ වන විට එම නියෝගයන්ට අනුකූලව, මාරු මණ්ඩලවල මැදිහත් වීම තුළ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම්, දුෂ්කර සේවා ස්ථාන මාරු යන කටයුතු සාධනීය ලෙස සිදු වෙමින් පවතී.
එමෙන් ම යම් ආකාරයකින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් අමාත්‍යවරයාගේ නියෝගයෙන් බැහැරව යමින් නිත්‍යානුකූල ක්‍රමවේදයට එරෙහිව මෙම මාරු මණ්ඩල වල දී කටයුතු කිරීමට සුදානම් වන්නේ නම් එසේ සිදු වන ඕනෑම මොහොතක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට අනුව වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට පසුබට නොවන බව අවධාරණය කරයි.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පුර්ණ මාධ්‍ය නිවේදනය යි.




