The Leader News
BREAKING
Top Ad
පුවත්

නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බරබරයක්

T

The Leader Desk

August 14, 2025 • 6:03 AM

 නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බරබරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යම්කිසි විෂයක වගකීම දරන්නේ ඇමතිවරයා මිස නියෝජ්‍ය ඇමතිවරයා නොවන හෙයින් මෙවැනි චෝදනාවක් එල්ල කිරීමට හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලාගෙන යන බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
  • නියෝජ්‍ය අමාත්‍යවරයා සිටින්නේ ඇමතිවරයාට සහාය දැක්වීමට බවද ඔහු ප්‍රකාශ කළේය.
  • මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වූ දා සිට මේ දක්වාම නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත්වී නැති බව පවසන එම ප්‍රකාශකයා, අසල්වාසී ඉන්දියාව ඇතුළු රටවලද නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එවැනි යෝජනාවක් ඉදිරිපත්ව නැති බව ප්‍රකාශ කළේය.
  • ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් ජනරාල් අරුණ ජයසේකර ට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට 12 වැනිදා භාරදෙනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):


යම්කිසි විෂයක වගකීම දරන්නේ ඇමතිවරයා මිස නියෝජ්‍ය ඇමතිවරයා නොවන හෙයින් මෙවැනි චෝදනාවක් එල්ල කිරීමට හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලාගෙන යන බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සිටින්නේ ඇමතිවරයාට සහාය දැක්වීමට බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වූ දා සිට මේ දක්වාම නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත්වී නැති බව පවසන එම ප්‍රකාශකයා, අසල්වාසී ඉන්දියාව ඇතුළු රටවලද නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එවැනි යෝජනාවක් ඉදිරිපත්ව නැති බව ප්‍රකාශ කළේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් ජනරාල් අරුණ ජයසේකර ට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට 12 වැනිදා භාරදෙනු ලැබීය.

එම යෝජනාව හෙට (15) පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ අරුණ ජයසේකර නැගෙනහිර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ හෙයින් එම පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔහු නියෝජ්‍ය අමාත්‍ය තනතුරින් ඉවත් විය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කරති.


(lankadeepa |සුජිත් හේවාජුලිගේ)


මෙම පුවතට අදාල වැඩි දුරටත් විස්තර :

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය සිකුරාදා න්‍යාය පුස්තකයට?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...