The Leader News
BREAKING
Top Ad
පුවත්

නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ගෙන් රටටම සහතිකයක්

T

The Leader Desk

August 14, 2025 • 7:15 AM

නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ගෙන් රටටම සහතිකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමට පැමිණි අවස්ථාවේදී ය.
  • ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පති ලෙස ඔහු අද (අගෝස්තු 14) පොලිස් මූලස්ථානයේදී වැඩ භාර ගත්තේ, පොලිස් මූලස්ථානයේදී සිදු විය.
  • මෙහිදී සභාව අමතමින් නව පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ, තමාට අට ලෝ දහම හොඳින් හුරු පුරුදු බවත්, පොලීසියේ ගෞරවය හා ප්‍රෞඩත්වය රැකගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවත්ය.
  • පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බව ද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමට පැමිණි අවස්ථාවේදී ය.

ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පති ලෙස ඔහු අද (අගෝස්තු 14) පොලිස් මූලස්ථානයේදී වැඩ භාර ගත්තේ, පොලිස් මූලස්ථානයේදී සිදු විය.

 
පොලිස් උත්තමාචාර මධ්‍යයේ පොලිස් මුලස්ථානට පැමිණි පොලිස්පතිවරයාට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

මෙහිදී සභාව අමතමින් නව පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ, තමාට අට ලෝ දහම හොඳින් හුරු පුරුදු බවත්, පොලීසියේ ගෞරවය හා ප්‍රෞඩත්වය රැකගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවත්ය.

පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බව ද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පැවසීය.

විනයානුකූල පොලීසියක් සකස් කිරීම තම එකම අභිප්‍රාය බවත් එය තමා ඉහළින්ම සලකන බවත් පැවසු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, තමාව පොලිස්පති ධුරයට පත්කළ සියලුදෙනාට ස්තූතිය පළ කරන බවත් කියා සිටියේය.

නීතිඥ ප්‍රියන්ත වීරසුරිය, පොලිස් කොස්තාපල්, උප පොලිස් පරික්ෂක සහ සහකාර පොලිස් අධිකාරි ධුරවල සේවය කරමින්, පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට එක්වේ.



මෙම පුවතට අදාල වැඩි දුරටත් විස්තර

ප්‍රියන්ත වීරසූරිය ගැන ඔබ මේ තොරතුරු දන්නවද ?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ගෙන් රටටම සහතිකයක් | The Leader