පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ පාකිස්තාන ප්‍රජාව සමඟ එක්ව පාකිස්ථානයේ 79 වැනි නිදහස් සංවත්සරය සමරනු ලැබීය.
අද (අගෝස්තු 14 දා) පෙරවරුවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ පැවති මෙම වසරේ උත්සවය, ඉන්දියාව සහ පකිස්ථානය අතර බුන්යන්-උන්-මර්සූස් මෙහෙයුමෙන් පසුව සිදුවීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් විසින් පාකිස්ථානයේ ජාතික ගීය වාදනය කරන අවස්ථාවේදී පාකිස්ථානයේ ජාතික ධජය ඔසවමින් උත්සවය ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාව අමතමින් පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස්, මෙම දිනයේ වැදගත්කම පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ද්විපාර්ශ්වික මට්ටමින් රාජ්‍ය තාන්ත්‍රික, ආරක්ෂක සහ සංස්කෘතික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගන්නා අතරම, නිදහස් වෙළඳ ගිවිසුමේ රාමුව තුළ වෙළඳාම සහ ද්විපාර්ශ්වික ආයෝජන ප්‍රවර්ධනය කිරීම තුළින් දෙරට අතර ආර්ථික සබඳතා පුළුල් කිරීමේ ක්‍රම පිළිබඳව ද අපි ගවේෂණය කරමින් සිටිමු” යයි පැවසීය.
මෙම අවස්ථාවට පකිස්ථානයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්, මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ප්‍රභූවරුන්, මාධ්‍යවේදීන් සහ හිතවතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
වාර්ෂිකව අගෝස්තු 14 දින පැවැත්වෙන නිදහස් දිනය (උර්දු: یوم آزادی; යෝම්-ඊ-අසාඩී) යනු, පකිස්තානයෙහි ජාතික නිවාඩු දිනයකි. 1947 දී බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලන තන්ත්‍රයෙහි අවසානයත් සමගම, පකිස්තානය නිදහස අත්පත් කරගෙන ස්වෛරී රාජ්‍යයක් ලෙසින් ප්‍රකාශයට පත්කිරීම මෙදින සමරනු ලැබේ.





