ඒ සම්බන්ධයෙන් ඊයේ (14) පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසිය.
“සර්වජන බලය ලෙස අපි හැමදාමත් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. නියෝජ්‍ය ඇමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංගය ආරම්භ වන්නේ එතුමා නැඟෙනහිර ආඥාපතිවරයාව සිටියදී වූ සිදුවීමක් හා සම්බන්ධ කරලා.
දින 52 ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවේදී මේ පුද්ගලයා තනතුරට පත්කිරීම නිසා පාස්කු ප්‍රහාරය හා අදාළ සිදුවීම්වලට ඔහුගේ නොසැලකිල්ල හෝ ක්‍රියාත්මක වීම නිසා බලපෑමක් සිදුව ඇති බවයි එහි ආරම්භයේ සඳහන් වන්නේ. අපි තවදුරටත් පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවකු හෝ කුමන්ත්‍රණයක් තිබෙන බව සලකන්නේ නැහැ.
එය අපි දිගින් දිගටම එය පැහැදිලි කිරීම නිසා රටේ බොහෝ දෙනකුට ඒ පිළිබඳ සාධාරණ විග්‍රහයක් මේ වනවිට තිබෙනවා. ඒ නිසා අපි ඒ දෘෂ්ටිකෝණයෙන් බලන්න සූදානම් නැහැ.
මොහු අද නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා බව ඇත්ත. නමුත් විශ්වාසභංගයට පාදක කරගන්නේ ඉතා කීර්තිමත් යුද හමුදාවක් වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨයෙක් විදියට කටයුතු කරන සමයේ වූ සිදුවීමක් සම්බන්ධයෙන්.
මෙය අපේ කීර්තිමත් යුද හමුදාවේ කීර්ති නාමය කෙලෙසන්න විවිධ ආකාරයේ බලපෑම් එල්ල වෙමින් තිබෙන අවස්ථාවක්. ජිනීවාවල නාඩගමත් ආයෙත් ළඟදී තියෙනවා. මේ කරන්නේ, අපේ රටේ රණවිරුවකු පාර්ලිමේන්තුවේ සංවාදයට ලක්කරමින් යුද හමුදාවේ රණවිරුවන්ගේ කීර්ති නාමය නසන්න හැදීමක්. ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා ගෙදර යවන්න බැරි බව දැන දැනම අරගෙන එන විශ්වාසභංගයක්.
හරි නම් ඔහු නියෝජ්‍ය ඇමැතිවරයෙක් වශයෙන් කටයුතු කරමින් කිසිදා නොවූ විරූ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විශ්වාසභංගයක් ගේන්න ඕනෑ. මම දන්න තරමින් විපක්ෂය ලෙස ගන්න මේ ක්‍රියාමාර්ගවලින් වෙන්නේ, ආණ්ඩුවේ බෙදීමක් නොමැති බව තහවුරු කරන්න අවස්ථාවක් සැලසීමයි. රට අර්බුදයකට පත්ව තිබෙන මේ මොහොතේ විපක්ෂය ඉදිරියෙන් සිටිය යුතුයි. මෙරට විපක්ෂ දේශපාලනයෙහි නොදැනුවත්කම ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෙස සටහන් වෙයි.
කාදිනල් හිමිගේ කොන්ත්‍රාත්තුවක් ද ?
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ට එරෙහි විපක්ෂය ගෙනයන විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත පසුගියදා (අගෝස්තු 12) බාර දුන්නේය.
ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාල සීමාවේදී අරුණ ජයසේකර නැගෙනහිර පළාතේ යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළ බවත් ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන සිදුවන බැවින් ඔහු එම අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙති.
විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති ධූරයේ කටයුතු කිරීම 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නිසි පරීක්‍ෂණ සඳහා බාධාවක් විය හැකි බැවින් මේ පිළිබඳ සුදුසු තීරණයක් ගන්නා ලෙස කතෝලික සභාව ද ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයෙන් පසුගිය දා ඉල්ලා සිටියේ ය.
සබැඳි පුවත් :
නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බරබරයක්
අරුණ ජයසේකර කියන්නේ කව්ද ? විශ්වාසභංගයේ ඇති කරුණු මොනවා ද?
නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව බාරදේ - සහාය දෙන බව නාමල් කියයි




