The Leader News
BREAKING
Top Ad
පුවත්

ජී එල් ගේ නිවසේ රහස් සාකච්ජාව ගැන අලුත්ම තොරතුරු මෙන්න

T

The Leader Desk

August 15, 2025 • 5:30 AM

ජී එල් ගේ නිවසේ රහස් සාකච්ජාව ගැන අලුත්ම තොරතුරු මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේ කෙටුම්පත් කෙරන පත්‍රීකාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය හා පොහොට්ටු පක්ෂවල නායකයින් සමග එළඹෙන සතියේ සිට සාකච්ඡා ඇරඹීමටද එම රැස්වීමේදී තීරණය වී තිබේ.
  • අනතුරුව මෙම හමුව පුළුල් කරමින් ස්ථිර දේශපාලන වේදිකාවක් ලෙස පවත්වාගෙන යාමට යෝජනා කර ඇත්තේ හිටපු අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩයි.
  • ඊයේ දිනයේ පවත්වා ඇත්තේ එම වේදිකාවේ තවත් හමුවකි.
  • අපි ආණ්ඩු විරෝධී සංධාන හදන්නෙ නෑ - පාඨලී චම්පික රණවක ඊයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය චම්පික රණවක පැවසුයේ, මෙම හමුව ආණ්ඩුව පෙරලීම සඳහා විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩනැගීමේ අරමුණින් සිදුවූ සාකච්ජාවක් නොවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එසේ කෙටුම්පත් කෙරන පත්‍රීකාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය හා පොහොට්ටු පක්ෂවල නායකයින් සමග එළඹෙන සතියේ සිට සාකච්ඡා ඇරඹීමටද එම රැස්වීමේදී තීරණය වී තිබේ.

වාර්තාවන අන්දමට මෙම රැස්වීම සඳහා මිලින්ද මොරගොඩ, චම්පික රණවක, දයාසිරි ජයසේකර, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රමේෂ් පතිරණ, ප්‍රේමනාත් දොලවත්ත, මයන්ත දිසානායක, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, අනුර ප්‍රියදර්ශනයාපා සහ ජී එල් පිරිස් ඇතුළු හිටපු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී තිබේ.

 

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට තීරු බදු පැනවීමේ යෝජනා ඉදිරිපත් කල මුල් අවස්ථාවේදී හිටපු මුදල් අමාත්‍යවරයකු වූ මහාචාර්ය ජී. එල්. පීරිස් අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධානි හා ආර්ථික විද්වතුන් පිරිසක් සමග ඊට අදාලව සාකච්ජා කර ඊට විසඳුම් පත්‍රීකාවක් සකසා තිබු අතර ඒ සම්බන්ධයෙන් වරින්වර විපක්ෂයේ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් කැඳවා අදහස් හුවමාරු කරගෙන තිබිණ.  අනතුරුව මෙම හමුව පුළුල් කරමින් ස්ථිර දේශපාලන වේදිකාවක් ලෙස පවත්වාගෙන යාමට යෝජනා කර ඇත්තේ හිටපු අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩයි. ඊයේ දිනයේ පවත්වා ඇත්තේ එම වේදිකාවේ තවත් හමුවකි.

 

අපි ආණ්ඩු විරෝධී සංධාන හදන්නෙ නෑ - පාඨලී චම්පික රණවක  

ඊයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය චම්පික රණවක පැවසුයේ, මෙම හමුව ආණ්ඩුව පෙරලීම සඳහා විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩනැගීමේ අරමුණින් සිදුවූ සාකච්ජාවක් නොවන බවයි.

කිසිදු දේශපාලන සංධානයක් හෝ ආණ්ඩු විරෝධී සන්ධානයක් ගොඩනැගිමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක එහිදී අවධාරණය කළේය.
                                                                                                                                                                                                                 

රට පෙළෙන සමාජ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් එකඟතා ඇතිකරගෙන ඉදිරියේ දී කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡා කළ බව ද හිටපු ඇමතිවරයා වැඩි දුරටත් පැවසිය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...