The Leader News
BREAKING
Top Ad
පුවත්

දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ලයිට් කපලා ! - විපක්ෂයේ නිරීක්ෂණ චාරිකාවක දී අනාවරණය වේ

T

The Leader Desk

August 15, 2025 • 10:55 AM

දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ලයිට් කපලා ! - විපක්ෂයේ නිරීක්ෂණ චාරිකාවක දී අනාවරණය වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අද හිටපු මන්ත්‍රීවරු පිරිසක් එහි සංචාරයක නියැලුණු අවස්ථාවේ දීය.
  • අදාළ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මේ වනවිට එම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ විදුලිය විසන්ධි කර ඇතැයිද වාර්තා වේ.
  • පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ගේ යෝජනාවකට අනුව මීට වසර කිහිපයකට ඉහතදී ඉන්දියානු රජයේ ආධාර ඇතිව මෙම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ඉදිකර තිබුණි.
  • ඒ අනුව එහි විවෘත කිරීම පසුගිය අප්‍රේල් මස 5 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආරාධනයෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් විවෘත කරන්නට යෙදුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අද හිටපු මන්ත්‍රීවරු පිරිසක් එහි සංචාරයක නියැලුණු අවස්ථාවේ දීය.

අදාළ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මේ වනවිට එම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ විදුලිය විසන්ධි කර ඇතැයිද වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ගේ යෝජනාවකට අනුව මීට වසර කිහිපයකට ඉහතදී ඉන්දියානු රජයේ ආධාර ඇතිව මෙම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ඉදිකර තිබුණි.

ඒ අනුව එහි විවෘත කිරීම පසුගිය අප්‍රේල් මස 5 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආරාධනයෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් විවෘත කරන්නට යෙදුණි.

පැපිලියාන සුනේත්‍රා‍දේවි රජමහාවිහාරාධිපති නාගරික මන්ත්‍රි පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන උදය ගම්මන්පිල, නිමල් පියතිස්ස, සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සහ නියෝජිතයින්ද මෙම දඹුල්ලේ ගමනට එක්ව සිටියේය.

එහිදී කෘෂිකර්ම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ගේට්ටු වසා දමා තිබෙනු දක්නට ලැබුණු අතර, පසුව එහි මුරකරු සම්බන්ධ කරගනිමින් හිටපු මන්ත්‍රී පිරිස ගබඩා පරිශ්‍රයට ඇතුළු වී තිබේ.

''ආහාර ගබඩාකිරීමේ ශිතාගාරය විවෘත කළදා සිට අක්‍රියයි''

WhatsApp Image 2025 08 15 at 2.20.21 PM
මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කළේ මීට මාස කිහිපයකට පෙර විවෘත කරනලද ආහාර ගබඩාකිරීමේ ශිතාගාරය විවෘත කළදා සිට අක්‍රියව පවතින බවයි.

මෙරටට පැමිණි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි විසින් මෙම ශීතාගාරය විවෘතකළ බව සඳහන් කළ සුගීෂ්වර බණ්ඩාර පවසා සිටියේ, ශීතාගාරය ක්‍රියාත්මක නොවීම නිසා එළවළු පළතුරු ඇතුළු ආහාර වර්ග තොග වශයෙන් ගබඩාකිරීමට නොහැකි වී ඇති බවයි.

විවිධ ආහාර වර්ග රැසක් අපතේ යන බවත් එම නිසා දඹුල්ල ඇතුළු ප්‍රදේශ රැසක ගොවි ජනතාව දැඩි අසරණතාවයකට පත්ව ඇති බව සුගීෂ්වර බණ්ඩාර පැවසිය.

මෙම කරුණු සියල්ල සොයාබලා අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකිරීමටත් රටට මේ බව ප්‍රකාශ කිරීම මෙම ගමනේ අරමුණ බව සුගීෂ්වර බණ්ඩාර වැඩිදුරත් පවසා සිටියේය.


dambulla 87y6

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...