The Leader News
BREAKING
Top Ad
පුවත්

මේ ආණ්ඩුවත් විරෝධතාකරුවන්ට පිළිතුරු දෙන්නෙ මැර බලයෙන් - නුවන් බෝපගේ

T

The Leader Desk

August 15, 2025 • 11:19 AM

මේ ආණ්ඩුවත් විරෝධතාකරුවන්ට පිළිතුරු දෙන්නෙ මැර බලයෙන් - නුවන් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ "අනුර - මෝදි හොර ගිවිසුම් ඉරා දමනු!
  • මැයෙන් අද (15) ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහයක් සහ අත්පත්‍රිකා බෙදා දීමක් මහරගම නගරයේ පැවති අවස්ථාවේ දී එම ක්‍රියාමාරගයට පොලිසියෙන් දැඩිව බාධා කරමින් අතර විරෝධතා බැනර් පවා ඉරා දැමීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
  • එකක් තමයි රටේ ජනතාවට හොරෙන් පසුගිය අප්‍රේල් 5වෙනි දා අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති මෝදි අතර අත්සන් කළ ජනතාද්‍රෝහී ගිවිසුම් වහාම අහෝසි කළ යුතුයි.
  • අප්‍රේල් 5 අත්සන් කළ ගිවිසුම් හොර ගිවිසුම් නෙවෙයි නම් ඇයි ආණ්ඩුව මෙහෙම කලබල වෙන්නේ?
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ "අනුර - මෝදි හොර ගිවිසුම් ඉරා දමනු! IMF මර උගුලට එරෙහිවෙමු! මැයෙන් අද (15) ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහයක් සහ අත්පත්‍රිකා බෙදා දීමක් මහරගම නගරයේ පැවති අවස්ථාවේ දී එම ක්‍රියාමාරගයට පොලිසියෙන් දැඩිව බාධා කරමින් අතර විරෝධතා බැනර් පවා ඉරා දැමීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එම අවස්ථාවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ නුවන් බෝපගේ...

පැරණි ආණ්ඩු තෝරාගත් මැර ක්‍රියා මේ ආණ්ඩුවෙනුත්...

 

bopage c8retනුවන් බෝපගේ
"අපි ජන අරගල ව්‍යාපාරය විදිහට මේ උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහය පවත්වන්නේ කාරණා දෙකක් මූලික කරගෙන. එකක් තමයි රටේ ජනතාවට හොරෙන් පසුගිය අප්‍රේල් 5වෙනි දා අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති මෝදි අතර අත්සන් කළ ජනතාද්‍රෝහී ගිවිසුම් වහාම අහෝසි කළ යුතුයි. අනිත් කාරණය තමයි රට ණය උගුලක හිර කරන IMF මර උගුලෙන් ඉවත් විය යුතුයි. නමුත් ආණ්ඩුව මැර පොලිස් කණ්ඩායමක් එවලා මේ සාමකාමී උද්ඝෝෂණයට මෙලෙච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. මේක ඉතාම පිළිකුල්සහගත තත්ත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන පුරසාරම් කියවගෙන බලයට ආව ආණ්ඩුවක් අද විරෝධතාකරුවන්ට පිළිතුරු දෙන්නේ මැර බලයෙන්.

මේ විරෝධය දක්වන්නේ අනුර මෝදි හොර ගිවිසුම් ඉරා දමනු කියලා. අප්‍රේල් 5 අත්සන් කළ ගිවිසුම් හොර ගිවිසුම් නෙවෙයි නම් ඇයි ආණ්ඩුව මෙහෙම කලබල වෙන්නේ? ආණ්ඩුවේ මේ ක්‍රියාකාලාපයෙන් ම පැහැදිලියි ආණ්ඩුව මේ ගමන් කරමින් ඉන්නේ රට මර උගුලා හිර කරන වැඩපිළිවෙළක කියලා. ඒ නිසා තමයි ආණ්ඩුවට අද බැරි වෙලා තියෙන්නේ තමන්ට විරුද්ධව එන බලවේගවලට දේශපාලනිකව උත්තරයක් දෙන්න. ඒ බැරි වීමත් එක්ක ආණ්ඩුව අර පරණ ආණ්ඩු තෝරපු මැර ක්‍රියාමාර්ගවලින්ම විරුද්ධ බලවේග මර්දනය කරන්න සූදානම් වෙනවා.

පොලිස් පහර දීම් පිටුපස ආණ්ඩුව

police bru9348
අපි දන්නවා බලයට එන්න කලින් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු හිටියේ අපි එක්ක අරගල බිම්වල. එදා IMF මර උගුලට එරෙහිව ඉන්දියානු බලහත්කාරයට එරෙහිව ඔවුන් සටන් කළා. නමුත් බලයට ආවට පස්සේ ඒ අරගල සියල්ලම අමතක කරළා දැන් ඉතාමත් වේගයෙන් නවලිබරල් වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියවා. ආණ්ඩුව මේ කරට අරගෙන තියෙන්නේ එදා රාජපක්ෂලාට රනිල්ලට ක්‍රියාත්මක කරගන්න බැරි වුණු ජනතාද්‍රෝහී වැඩපිළිවෙළේ ඉතිරි ටික සම්පූර්ණ කරන වැඩේ. විදුලිබල මණ්ඩලය කෑලි කරලා විකුණන වැඩේ, ගමේ  පාසල් ටික වහලා දාන වැඩේ, මුත්තු නගර්, මන්නාරම වගේ ප්‍රදේශවල ගොවි ඉඩම් ඉන්දියාවට විකුණන වැඩේ ආණ්ඩුව කිසි හිරිකතයක් නැතුව දැන් කරගෙන යනවා.                  

අපි දන්නවා පහුගිය කාලෙම රැකියා විරහිත තරුණ තරුණියෝ, ශිෂ්‍යයෝ,  ඒ වගේම මුත්තු නගර් ජනතාව ඇතුළු තමන්ගේ ප්‍රශ්නය අරගෙන මහපාරට ආවා; ඒ සියලු දෙනාට පොලිස් පහරදීම් බාධාකිරීම් ගණනාවක් සිදු වුණා. ආණ්ඩුවට බැහැ මේක පොලිසියේ පිටින් දාලා අත පිහදගන්න. මොකද දැන් මේ ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ පොලීසිය නෙවෙයි. දැන් පොලීසියට අණ දෙන්නේ වර්තමාන ආණ්ඩුව. ඒ නිසා මේ පොලිස් පහරදීම් පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවම තමයි.

police bru29385029
මුළු රට ම මර උගුලක හිර වෙන ලකුණු

අපි මේ රටේ ජනතාවට කියන්න ඕන ඔබට ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා සියල්ල විනිවිද භාවයකින් කරනවා කියලා බලයට ආව ආණ්ඩුවේ මේ ජනතාද්‍රෝහී හැසීරීම  දිහා නිහඬව බලාගෙන ඉන්න එපා. අද පාර්ලිමේන්තු විපක්ෂය මේවා දිහා බලාගෙන ඉන්නේ නිහඬව. මොකද ඔවුන්ට ඕන ආණ්ඩුව වැඩ වරද්දගන්නකල් ඉඳලා ඊටපස්සෙ බලය ඩැහැගන්න. ජනතාවත් අද නිහඬව හිටියොත් වෙන්නේ මේ නවලිබරල් වැඩපිළිවෙළ වේගයෙන් ඉදිරියට ගිහිල්ලා මුළු රටම මර උගුලක හිර වෙන එක. ඒ නිසා IMF මර උගුලටත් ඉන්දියානු හොර ගිවිසුම්වලටත් එරෙහිව එළියේ ජනතා බලයක් ගොඩ නගන්න එකතුවෙන්න කියලා අපි රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා."

police bru293821
(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...