The Leader News
BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුව මුළු සමාජය ම මිනිමරුවන් අතට පත්කරලා - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

August 15, 2025 • 12:05 PM

ආණ්ඩුව මුළු සමාජය ම මිනිමරුවන් අතට පත්කරලා - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග පැවති හමුවක දී ය.
  • අවසානයේ මොවුන් මරණාධාර සමිතියේ බලය ද, දායක සභාවේ බලය ද බලහත්කාරයෙන් ලබා ගෙන පන්සලේ ඉන්න ඕනි හාමුදුරුවෝ කවුද කියා තීරණය කරන්නත් පුළුවන්.
  • එදා බඳවා ගත් උපාධිධාරින්ගෙන් සංවර්ධන නිලධාරින් 16200ක් මේ පාසල්වල ගුරු සේවයට යොමු කළත් අද මේ අය අමතක කරලා.
  • ඡන්ද කාලයේ යුතුකම් ඉටු කරන්න පොරොන්දු වුනත් අද වන විට ගුරු හිඟය මැඩපවත්වා ගන්න හයියක් වුණ මේ සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් වීමේ අවස්ථාව නැති කරලා."
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග පැවති හමුවක දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

පන්සලක සිටිය යුතු හිමි නමත් ආණ්ඩුව ම තීරණය කරයි ද...?

''අද පවතින්නේ දුර්වල, අකාර්යක්ෂම, අදක්ෂ ආණ්ඩුවක්. දිනපතාම රට පුරා වෙඩි තැබීම් සිදුවෙනවා. දිනපතාම මිනිස් ඝාතන සිදුවෙනවා. රටේ නීතිය හා සාමය, මහජන ආරක්ෂාව තහවුරු වෙලා නෑ. මැර කල්ලි, පාතාල කල්ලි, කුඩු කල්ලි, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජයේ බලය අත්පත් කරගෙන. රජයට මේවා පාලනය කරන්න කිසිදු වැඩපිළිවෙළක් විධිමත් සැලසුමක් නෑ. යන යන හැම තැනම සිවිල් ආරක්ෂක කමිටු, ප්‍රජා පොලිස් කමිටු දේශපාලනීකරණය වෙලා.

කිසිදු දිනක මෙවැනි දෙයක් සිදුවෙලා නෑ. යෞවන සමාජ වැඩසටහනට ද ඒ දේම සිදුවෙලා. මොවුන්ගේ ඊළඟ උත්සාහය ගොවි සමිතියේ, ධිවර සමිතියේ, කාන්තා සමිතියේ බලය ලබා ගැනීම යි. අවසානයේ මොවුන් මරණාධාර සමිතියේ බලය ද, දායක සභාවේ බලය ද බලහත්කාරයෙන් ලබා ගෙන පන්සලේ ඉන්න ඕනි හාමුදුරුවෝ කවුද කියා තීරණය කරන්නත් පුළුවන්. මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ඒකාධිපතීත්වය රජකරවන්න ඉඩ දිය නොහැකි යි.

පිටරැටියන් මෙරට සංචාරක ඒජන්සි ආරම්භ කරයි ද...?

මෙරට සෑම ගැටලු‍වකට ම ලොකු ම හඬ ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගය යි. විශ්‍රාමිකයාගේ, උපාධිධාරියාගේ, කම්කරුවාගේ, ගොවියාගේ, ධීවරයාගේ සෑම ගැටලු‍වක් පිළිබඳව ම ඉදිරියෙන් සිට කටයුතු කරන්නේ සමගි ජන බලවේගය යි.

සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ යාම ගැන අවංකවම සතුටු වෙනවා. රටේ ජනතාවගේ ජන ජීවිතය පහළ දමා බලය ලබා ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයත් සමග මේ ක්ෂේත්‍රයේ සිටින පාර්ශ්වකරුවන්ට එහි ප්‍රතිලාභ ලබා දිය යුතු වුවත් මේ රජය සංචාරකයන්ට ගුවන්තොටුපොළේ සිටම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව ලබා දීම නිසා අප රටේ රථවාහන රියදුරන්ට විශාල බලපෑමක් වෙනවා. මේ නිසා පිටරැටියන් අප රටට පැමිණ සංචාරක ඒජන්සි ආරම්භ කළ හැකි යි.

රජය ගන්නෙ ම අමනෝඥ තීන්දු

රජය මෙවැනි අමනෝඥ තීන්දු තීරණ ගෙන තිබෙනවා. කොවිඩ් සමයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතළ කඩාවැටීමක් සිදුවුණා. එදා බඳවා ගත් උපාධිධාරින්ගෙන් සංවර්ධන නිලධාරින් 16200ක් මේ පාසල්වල ගුරු සේවයට යොමු කළත් අද මේ අය අමතක කරලා. ඡන්ද කාලයේ යුතුකම් ඉටු කරන්න පොරොන්දු වුනත් අද වන විට ගුරු හිඟය මැඩපවත්වා ගන්න හයියක් වුණ මේ සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් වීමේ අවස්ථාව නැති කරලා."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...