පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අපරාධ ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම් කර තිබෙන චෙම්මනි සමුහ මිනි වළ ඇතුළු ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරින් හමුවු සමුහ මිනි වලවල් සහ දෙමළ ජනතාවට එරෙහිව සිදුවු වර්ග සංහාරයට ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා මෙම අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය දියත් වන බවයි.
බලහත්කාරි අතුරුදහන් කරවීම් වලට ලක්වූ වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනයට පෙර දිනයේ ලබා ගත් අත්සන් සහිත එම ලිපිය සැප්තැම්බර් 8 සිට ඔක්තෝබර් 3 දක්වා ජිනීවාහිදී මුළු දෙන මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරය ඉල්කර කර ගනිමින් එක්සත් ජාතීන් වෙත යොමු කිරීමට නියමිතව තිබේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය, දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF), ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) යන පක්ෂ හා සන්ධාන වල නියෝජිතයන් ඒකාබද්ධව සකස් කළ ලියවිල්ලට උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුළ අද දිනයේ අත්සන් ලබා ගැනීම සදහා සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහාය හිමිව ඇත.
මන්නාරම බස් නැවතුම්පොළ, යාපනයේ බස් නැවතුම්පොළ, කිලිනොච්චිය පොදු වෙළද සංකිර්ණය, මුලතිව් මුහුදුබඩපත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට හා වව්නියාව නගරයේ දී අගෝස්තු 29 වැනි සිකුරාදා මෙම අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය දියත්ව තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් 17ක් හමුවී ඇතැයි පසුගියදා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් හෙළි කළ නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා මුල් වරට ඒවා නම් කර තිබුනේ මන්නාරම සතොස, මන්නාරම තිරුකේතිස්වරම්, පුදුකුඩිඉරිප්පු, සුදන්තිරපුරම් , මාන්කුලම්, ඔට්ටුසුඩාන්, කොක්කුතොඩුවායි, පලාලි, පලාලි 02, පළාලි 03, මුහමලෙයි 04, කුරුක්කල්මඩම්, මාතලේ , සුරියකන්ද, කොළඹ වරාය, සාම්පුර්, චෙම්මිනි යනාදි වශයෙනි.
වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් අගෝස්තු 20 වැනිදා හෙළි කර තිබුනේ යාපනයේ දුපත් කලාපයේ තවමත් කැනීම් නොකළ ස්ථාන පහක සමුහ මිනි වළවල් පවතින බවයි.
කයිට්ස්, අරාලි හන්දිය, මන්කුම්බාන් ගණ දෙවි කෝවිල අසල, අල්ලෙයිපිට්ටි සහ මණ්ඩතිව් යන ස්ථාන පහේ වල දමා තිබෙන බවට විශ්වාස කෙරන තිස් පස් වසරකට ඉහත දී අතුරුදහන් වු සිය ඥාතීන් දෙමළ ජනයා මුල්ම වතාවට 2025 අගෝස්තු 26 වැනි අගහරුවාදා මලින් පහනින් අනුස්මරණය කිරීමට කටයුතු කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.



සබැඳි ලිපි :
අතුරුදහන්වීම අතීත සිදුවීමක් පමණක් නොවෙයි, ජීවමානව පවතින තුවාලයක් - අධිකරණ ඇමති
අතුරුදහන් තැනැත්තන්ට අත්වූ ඉරණම සනාථ කිරීමට සෑම උත්සාහයක්ම දැරිය යුතු යි - ICRC




