අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (29) කොළඹ සිනමන් ලයිෆ්හි පැවති බලශක්ති කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ EnMS Forum 2025 එක් දින සමුළුව අමතමිනි.
බලශක්ති කළමනාකරණ සමුළුව හෙවත් කර්මාන්ත ආශ්‍රිත බලශක්ති කාර්යක්ෂමතාව වර්ධනය කිරීමටත්, කාබන් විමෝචනය අධික පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා වන හැකියාව සහ ධාරිතාව එකී කර්මාන්තශාලාවලට ලබාදීම මෙන්ම ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ගේ ඒ පිළිබඳව ක්ෂේත්‍රයේ දැනුම වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් බලශක්ති කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ EnMS Forum 2025 එක් දින සමුළුව ඊයේ (29) කොළඹ සිනමන් ලයිෆ්හිදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හා හරිතාගාර විමෝචනය අඩු කිරීම මගින් ශ්‍රී ලංකාවේ කාර්මික අංශයට එහි දේශගුණික විපර්යාස ඉලක්ක සපුරා ගැනීමට උපකාර කිරීමේ ව්‍යාපෘති අරමුණින් දේශගුණ විපර්යාස තත්වයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රතිචාර වේගවත් කිරීමේ ව්‍යාපෘතිය හෙවත් Accelerating Industries Climate Response සත්කාරත්වයෙන්, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව ඇමතූ බලශක්ති අමාත්‍යවරයා...
කාබන් විමෝචනය ....
“ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කරන්න ලාභදායී, විශ්වාසදායක හා ගුණාත්මක බලශක්ති සේවයක් ලබාදීම රජයේ අරමුණ යි. ලංකාව සිටින්නේ ලොව කාබන් විමෝචනය කරන රටවල් අතර 89 වැනි ස්ථානයේ. මෙරට ඒක පුද්ගල වායු විමෝචනය කාබන්ඩයොක්සයිඩ් ටොන් 0.88ක් වෙනවා.
කෙසේ වෙතත්, ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වන විට රටේ කාබන් විමෝචනයද ඉහළ යා හැකි යි. දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමට අත්සන් තැබූ රටක් ලෙස කර්මාන්ත අංශයේ හා බලශක්ති අංශයේ කාබන් විමෝචනය පිළිවෙළින් සියයට 13කින් හි 25කින් අඩු කිරීමට කටයුතු කරනවා.
කැපවීමකින් කළ යුතු ඉහත ඉලක්ක සැපිරීම සඳහා AICRSL – Accelerating Industries Climate Response ව්‍යාපෘතිය මගින් විශාල කාර්යභාරයක් ඉටු කරන බව පෙනෙන්නට තිබෙනවා. ඒ පිළිබඳව අපේ ස්තූතිය හා ගෞරවය අදාළ සියලු ම ආයතන හා නිලධාරීන්ට හිමිවෙනවා.
තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුකූලව ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ ලාභදායී ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදීමට සියලුම පුරවැසියන්ට විශ්වාසදායක, පහසු හා දැරිය හැකි සාධාරණ, ගුණාත්මක බලශක්ති සේවාවන් වෙත ප්‍රවේශය සක්‍රීය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.''
මෙම අවස්ථාව සඳහා යුරෝපීය සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින නියෝජිත වෛද්‍ය යොහාන් හෙසේ (Johann Hesse), එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) නියෝජිත හා දකුණු ආසියාව ආවරණය කරනු ලබන ඉන්දීය උප කලාපීය කාර්යාලයේ අධ්‍යක්ෂ වෛද්‍ය පසිනි ක්‍රිස්ටියානෝ (Pasini Cristiano), ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර ජේ. බණ්ඩාර, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ, ජාත්‍යන්තර බලශක්ති විශේෂඥයින් ඇතුළු ක්ෂේත්‍ර යේ ප්‍රවීණයින් රැසක් එක්ව සිටියහ.

(සටහන | ශාන් මොහොමඩ්)




