පැය කිහිපයක ප්‍රමාදයකින් අනතුරුව අද (30) පස්වරු 3.30ට පමණ දැඩි ආරක්ෂාවක් මධ්‍යයයේ ජකර්තා අගනුවරින් පිටත් වූ ගුවන් යානය රාත්‍රී 7.20ට පමණ ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.
මේවනවිට කටුනායක ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ලෙස ආරක්ෂාව තර කර ඇති ආකාරයක් දැක ගන්නට තිබේ.
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් ඇතුළු පොලීසියේ, පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් මෙහිදී ඉන්දුනීසියානු පොලීසියට ශ්‍රී ලංකා රජයේ විශේෂ ස්තූතිය පළ කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව පැවසෙන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හෙවත් පිට්ටුවා ඇතුළු සැකකරුවන් පස්දෙනෙක් පසුගිය 27 වැනිදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගනු ලැබිය.
මෙම මෙහෙයුම සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මහින්ද ජයසුන්දර යන දෙදෙනා මෙරටින් සහභාගි වුණා.




