The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

මෛත්‍රි සහ ගෝඨා අවදානමක ! - 'සිළුමිණ' අනාවරණයක්

T

The Leader Desk

August 30, 2025 • 4:20 PM

මෛත්‍රි සහ ගෝඨා අවදානමක ! - 'සිළුමිණ' අනාවරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට දූෂණයට සහ වංචාවට එරෙහි සිවිල් සංවිධාන කිහිපයක් සූදානම් වන බව රජයට අයත් 'සිළුමිණ' පුවත්පත වාර්තා කරයි.
  • එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
  • ''මේ සංවිධාන පසුගිය කාලයේදී අදාළ තොරතුරු සියල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මඟින් ලබාගෙන ඇත.
  • නීතිඥවරු මේ දිනවල මීට අදාළ තොරතුරු විශ්ලේෂණය කරමින් සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට දූෂණයට සහ වංචාවට එරෙහි සිවිල් සංවිධාන කිහිපයක් සූදානම් වන බව රජයට අයත් 'සිළුමිණ' පුවත්පත වාර්තා කරයි.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

''මේ සංවිධාන පසුගිය කාලයේදී අදාළ තොරතුරු සියල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මඟින් ලබාගෙන ඇත. එම තොරතුරු යොදාගනිමින් අදාළ පැමිණිලි කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

නීතිඥවරු මේ දිනවල මීට අදාළ තොරතුරු විශ්ලේෂණය කරමින් සිටිති.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මැදිහත් වීම මත සිදු කළ ඉදිකිරීම් කිහිපයක් සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව හරහා සිදු කළ කටයුතු කිහිපයකට අදාළ තොරතුරු මේ අතර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වන මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පවසන්නේ තොරතුරු සහිතව එවැනි පැමිණිලි ඉදිරිපත් වුව හොත්, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදු කොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කිසි සේත් පසුබට නොවන බවයි.

එවැනි නීතිමය ක්‍රියාවලියකදී අදාළ සැකකරු හෝ සැකකාරිය පෙර දැරූ තනතුරු අදාළ නොවන බවද ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.''

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...