එම කටයුතුවලදී සිදු වී ඇති දූෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය කිරීමටත් රජය තීරණය කර තිබේ.
මෙහි ආරම්භක පියවර වශයෙන් තෙල් කැණීම් ප්‍රවර්ධනය කිරීම සඳහා සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවා ඇත. එහි ටෙන්ඩර් කැඳවීමේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන් වුවද, යළිත් එය දීර්ඝ කර තිබේ.
මේ අතර තෙල් කැණීම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී, බලශක්ති අමාත්‍යාංශයේ හිටපු බලධාරීන් විසින් මන්නාරම් ද්‍රෝණියේ සහ කාවේරි ද්‍රෝණියේ එම කැණීම් කොටස් වෙන් කිරීමට කටයුතු කිරීම පිළිබඳව වෙනම විමර්ශනයක් පැවැත්වීමටද නියමිතය.
නඩුවට පෙර එහි පැවැති කොටස් 15 වෙනස් කොට, අතුරු තහනම් නියෝගයට පිටින් යමින් එය කොටස් 500කට ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩි කර ඇත.
ශ්‍රී ලංකාව අවට මුහුදේ තෙල් ඇති බවට දශක ගණනාවක් තිස්සේ වාර්තා පළ වූ අතර, පසුගිය කාලයේදී ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සම හිමිකාරිත්වය සහිත සමාගමක් මැදිහත් වී පර්යේෂණ පැවැත්වීය. ඉන් පසු එම සමාගමට ලබාදුන් අවසර පත්‍ර හදිසියේ වෙනස් කෙරිණි. මේ හේතුව නිසා අදාළ සමාගම අභියාචනාධිකරණයේ නඩුවක් පැවරූ අතර, එම නඩුවේදී අදාළ තහනම් නියෝගය දෙනු ලැබීය.
| silumina
තෙල් කැණීම් අලුත් පාරක ; ටෙන්ඩර් දික් කරයි - විමර්ශන අරඹයි
T
The Leader Desk
August 31, 2025 • 3:29 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එම කටයුතුවලදී සිදු වී ඇති දූෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය කිරීමටත් රජය තීරණය කර තිබේ.
- මෙහි ආරම්භක පියවර වශයෙන් තෙල් කැණීම් ප්‍රවර්ධනය කිරීම සඳහා සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවා ඇත.
- එහි ටෙන්ඩර් කැඳවීමේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන් වුවද, යළිත් එය දීර්ඝ කර තිබේ.
- නඩුවට පෙර එහි පැවැති කොටස් 15 වෙනස් කොට, අතුරු තහනම් නියෝගයට පිටින් යමින් එය කොටස් 500කට ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩි කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



