ප්‍රබල පෙළේ අපරාධකරුවන් පස් දෙනෙකු ඊයේ (30) සන්ධ්‍යා කාලයේ ගුවන් මඟින් දිවයිනට රැගෙන ඒම සහ රාත්‍රී 9.30 ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපළින් පිටතට රැගෙන යාම ජනතා අවධානය ප්‍රවර්ධනය කරන අයුරින් ජන මාධ්‍ය මඟින් හුවා දැක්වීම මඟින් ජීවිතාවබෝධයෙන් පරිනත නොවූ ළමා සහ තරුණ පරපුර තුළ එම අපරාධ කරුවන් සම්බන්ධ වීරාභිවන්දනීය හැඟීමක් ඇති විය හැකි බවත් ඉන් ජාතික මානසික සෞඛ්‍යයට යම් අහිතකර බලපෑමක් ඇති විය හැකි බවත් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.
ඒවා ජන මාධ්‍ය ඔස්සේ විකාශනය කළ ආකාරය අනුව එම අපරාධ කරුවන් කිනම් අන්දමකින් හෝ සමාජයේ සුවිශේෂ අවධානයට ලක් වීම මඟින් ඔවුනට කිනම් හෝ සමාජයීය වැදගත් කමක් ආරෝපණය වී ඇති බව සිතන ජීවිතාවබෝධයෙන් තොරවූවන් ඒ මඟට පිවිසීමේ ස්වාභාවික නැඹුරුවක් පවතින බව ද විශේෂඥ මනෝ වෛද්‍ය වරයා කීය.
ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනුයේ එලෙස ළමා සහ යොවුන් මනැස් තුළ ඇති වන එම අපරාධ කරුවන් සම්බන්ධ වීරාභිවන්දනීය හැඟීම් මඟින් අනාගතයේ එම ළමා සහ යොවුන් පිරිස් ද එවැනි ක්‍රියාවන්ට පෙළඹීමේ පහසු අවකාශයක් පවතින බවකි.
| vinivida.lk




