The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

ලංකාවේ සමූහ මිනිවළවල් ගැන ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

T

The Leader Desk

September 1, 2025 • 4:10 AM

ලංකාවේ සමූහ මිනිවළවල් ගැන ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇටසැකිළි සහ පුද්ගලික බඩුබාහිර ආදියෙන් මෙරට මානව හිමිකම් අතීතයේදී දරුණු ලෙස උල්ලංඝනය වී ඇති ආකාරය මතක් කර දෙන බවත් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
  • තම ආදරණීයයන්ට අත්වූ ඉරණම පිළිබඳව කිසිම තොරතුරක් නොලැබීම හේතුවෙන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ පවුල් විඳින වේදනාව කාලයට සුවපත් කළ නොහැකි බවත් සත්‍ය සහ යුක්තිය ප්‍රමාද වීමෙන් එම වේදනාව තවත් වැඩිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
  • සමූහ මිනීවළවල්වලින් ගොඩ ගැනුණු ඇටසැකිළි පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමෙන් එම පවුල්වලට සහනයක්, යුක්තියක් සහ සංහිඳියාවක් ලබා ගැනීමට මාර්ගයක් විවර වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතයා පැවැසුවේය.
  • එසේම ඉන් ශ්‍රී ලංකාවට ඇතිවී තිබෙන තුවාලය සුවපත් කරගෙන ඉදිරිය දෙස බැලීමටද අවස්ථාවක් උදාවනු ඇතැයි ෆ්‍රැන්චේ ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇටසැකිළි සහ පුද්ගලික බඩුබාහිර ආදියෙන් මෙරට මානව හිමිකම් අතීතයේදී දරුණු ලෙස උල්ලංඝනය වී ඇති ආකාරය මතක් කර දෙන බවත් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

තවමත් පසුගිය කාලෙය්දී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට අත්වූ ඉරණම පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බවත් නිශ්ශබ්දතාව, ක්‍රියාමාර්ග නොගැනීම සහ බලය භාවිත කළ මානව හිමිකම් කඩකළ පුද්ගලයන් දඬුවම්වලින් පළා යාම හේතුවෙන් දහස් ගණනක් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇති වූ තුවාලය තවමත් සුවවී නොමැති බවත් ෆ්‍රැන්චේ පැවැසුවේය.

තම ආදරණීයයන්ට අත්වූ ඉරණම පිළිබඳව කිසිම තොරතුරක් නොලැබීම හේතුවෙන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ පවුල් විඳින වේදනාව කාලයට සුවපත් කළ නොහැකි බවත් සත්‍ය සහ යුක්තිය ප්‍රමාද වීමෙන් එම වේදනාව තවත් වැඩිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

සමූහ මිනීවළවල්වලින් ගොඩ ගැනුණු ඇටසැකිළි පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමෙන් එම පවුල්වලට සහනයක්, යුක්තියක් සහ සංහිඳියාවක් ලබා ගැනීමට මාර්ගයක් විවර වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතයා පැවැසුවේය. එසේම ඉන් ශ්‍රී ලංකාවට ඇතිවී තිබෙන තුවාලය සුවපත් කරගෙන ඉදිරිය දෙස බැලීමටද අවස්ථාවක් උදාවනු ඇතැයි ෆ්‍රැන්චේ  ප්‍රකාශ කළේය.

අනුස්මරණ කටයුතුවලදී ඇතුළුව වින්දිතයින්, ඔවුන්ගේ පවුල් සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් පිළිබඳව සිදු කෙරෙන නිරීක්ෂණය කිරීම්, තර්ජනය කිරීම්, බිය ගැන්වීම් සහ පළිගැනීම් පිළිබඳවද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමුව තිබෙන බව ඔහු පැවැසුවේය. තම අයිතිවාසිකම් භුක්ති විඳින්නන්ට දඬුවම් නොකළ යුතු බවත් ඔවුන් ආරක්ෂා කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ ප්‍රකාශ කළේය.

පෙරේදා (30) දිනට යෙදුණු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.


( lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)


සබැඳි පුවත් :

අතුරුදහන්වීම අතීත සිදුවීමක් පමණක් නොවෙයි, ජීවමානව පවතින තුවාලයක් - අධිකරණ ඇමති

අතුරුදහන් තැනැත්තන්ට අත්වූ ඉරණම සනාථ කිරීමට සෑම උත්සාහයක්ම දැරිය යුතු යි - ICRC

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...