The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

රනිල්ට එරෙහිව ගොනුකළ තවත් පෙත්සමක් විභාගයට අවසර

T

The Leader Desk

September 1, 2025 • 12:08 PM

රනිල්ට එරෙහිව ගොනුකළ තවත් පෙත්සමක් විභාගයට අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, ඉකුත් රජය සමයේ එප්පාවල පොස්පේට් නිධියෙන් ලබා ගන්නා පොස්පේට් තොග සම්මත මිල ගණන්වලට වඩා අඩු මිල ගණන්වලට තමන්ට හිතවත් සමාගම් කිහිපයකට අපනයනය කිරීම සඳහා නිකුත් කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස යි.
  • පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු තිස් දෙදෙනෙකු නම් කර තිබේ.
  • පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 2000 වසරේදී තිබෙන නියෝගයකට පටහැනි ලෙස ලංකා පොස්පේට් සමාගම, පොස්පේට් තොග ලබා ගැනීම සිදුකරන බව සඳහන් කළේ ය.
  • එමෙන් ම ලෝක වෙළෙඳපොළේ පොස්පේට් මෙට්‍රික් ටොන් එකක් සඳහා නියමිත මිලට වඩා ඉතා ම අඩු මිලකට පොස්පේට් තොග තමන්ට හිතවත් සමාගම් කිපයකට අපනයනය කිරීම සඳහා ලබාදීමට වග උත්තරකරුවන් කටයුතු කළ බවටත් ඔහු චෝදනා කර සිටියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, ඉකුත් රජය සමයේ එප්පාවල පොස්පේට් නිධියෙන් ලබා ගන්නා පොස්පේට් තොග සම්මත මිල ගණන්වලට වඩා අඩු මිල ගණන්වලට තමන්ට හිතවත් සමාගම් කිහිපයකට අපනයනය කිරීම සඳහා නිකුත් කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස යි.

පරිසරය යුක්ති කේන්ද්‍රය පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු තිස් දෙදෙනෙකු නම් කර තිබේ.

ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම සලකා බැලිණි.

 

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 2000 වසරේදී තිබෙන නියෝගයකට පටහැනි ලෙස ලංකා පොස්පේට් සමාගම, පොස්පේට් තොග ලබා ගැනීම සිදුකරන බව සඳහන් කළේ ය.

 

එමෙන් ම ලෝක වෙළෙඳපොළේ පොස්පේට් මෙට්‍රික් ටොන් එකක් සඳහා නියමිත මිලට වඩා ඉතා ම අඩු මිලකට පොස්පේට් තොග තමන්ට හිතවත් සමාගම් කිපයකට අපනයනය කිරීම සඳහා ලබාදීමට වග උත්තරකරුවන් කටයුතු කළ බවටත් ඔහු චෝදනා කර සිටියේ ය. මේ තුළින් රජයටත්, මහජනතාවටත් විශාල ආර්ථිකමය පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු චෝදනා කළේ ය.

 

මෙම ක්‍රියාවලියේදී විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක පොස්පේට් නිකුත් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කරන ලෙස භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වලට බලපෑම් කර තිබෙන බවට තොරතුරු හෙළිවී ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම මාර්තු මස 09 වන දා විභාගයට ගැනීමට ද දින නියම කළේ ය.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල )

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...