මෙම හමුව ඉන්දිය නායකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයකයන් මුණ ගැසී ද්විපාර්ශ්වික වැදගත් කරුණු සාකච්ඡා කරනු ලබන පාත්ෆයින්ඩර් පදනමේ ක්‍රියාත්මක වැඩ පිලිවෙලෙහි කොටසක් වශයෙන් සිදුව තිබේ.
ලෝක ආර්ථීකය දැනට මුහුණ පා සිටින කැළඹිලිකාරී ස්වභාවය සහ එයින් පැන නැගෙන බාධා හේතුකොටගෙන දකුණු ආසියාවට ඇතිවිය හැකි බලපෑම ගැන මෙම හමුවේ දී අදහස් හුවමාරු කරගෙන ඇත.
ගෝලීය අභියෝග ඉදිරියේ ඉන්දීය ආර්ථීකය ස්ථාවර කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි සහ මුදල් ඇමැතිනිය ගෙන යන ක්‍රියාමාර්ග අගය කරන ලද මිලින්ද මොරගොඩ එම ක්‍රියාමාර්ග කලාපයේ ස්ථාවරත්වය හා ආර්ථීක වර්ධනයට ධනාත්මක වශයෙන් බලපා ඇති බව ද මෙහි දී ප්‍රකාශ කර තිබේ.




