The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

උතුරේත්, දකුණේත් ජනතාවට සමෘද්ධිමත් රටක් ගොඩනගා දීමට රජය කැපවී කටයුතු කරනවා - ජනපති

T

The Leader Desk

September 1, 2025 • 2:21 PM

උතුරේත්, දකුණේත් ජනතාවට සමෘද්ධිමත් රටක් ගොඩනගා දීමට රජය කැපවී කටයුතු කරනවා - ජනපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහසුකම් ලබා දීමට මෙන්ම ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
  • ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (01) යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
  • උතුරේ නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම නිදහස් කරනවා ''පැවති රජයන් යුද්ධය අපේක්ෂාවෙන් වැඩ කළද, වත්මන් රජය කටයුතු කරන්නේ නැවත මේ රටේ කිසිදු ආකාරයේ යුද්ධයක් ඇති නොවන අන්දමින්.
  • ඒ, රට තුළ සාමය සහ සමගිය ගොඩනැගීමට.
අකුරු ප්‍රමාණය (Font Size):

පහසුකම් ලබා දීමට මෙන්ම ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (01) යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා...

උතුරේ නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම නිදහස් කරනවා

''පැවති රජයන් යුද්ධය අපේක්ෂාවෙන් වැඩ කළද, වත්මන් රජය කටයුතු කරන්නේ නැවත මේ රටේ කිසිදු ආකාරයේ යුද්ධයක් ඇති නොවන අන්දමින්. ඒ, රට තුළ සාමය සහ සමගිය ගොඩනැගීමට. පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ සඳහා පවරා ගත් උතුරේ නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම යළි ජනතාව වෙනුවෙන් නිදහස් කරනවා.

රට වටා ඇති මහ මුහුද, දූපත් මෙන්ම ගොඩබිමද ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර දීමට රජය කැප වී සිටිනවා. ඊට කිසිදු ආකාරයේ බලපැමක් එල්ල වීමට ඉඩ තබන්නේ නැහැ.''

මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාඳ ජලය, විදුලිය, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය පහසුකම්, ශීතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර තියනවා. මේ සඳහා රජය මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 298ක්..

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, උතුරු පළාත් රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  fyrtyrty

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...