The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

ගම්මන්පිලගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

T

The Leader Desk

September 1, 2025 • 3:42 PM

ගම්මන්පිලගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් අද (01) ගොනු කර ඇත.
  • හිටපු අමාත්‍යවරයා විසින් ගොනුකොට ඇති මෙම රිට් පෙත්සම උත්තරකරුවන් වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති.
  • ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් අරවින්ද අතුකෝරළ පවසන්නේ, තමන් නීති විරෝධි සහ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා තම පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල නඩුවක් ගොනු කර ඇති බවයි.
  • එම මාධ්‍ය නිවේදනයට අනුව, හිටපු කොටි ත්‍රස්තවාදි නායකයෙකුගෙන් ලබා ගත් ගොතන ලද සාක්ෂි මත හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ව අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් 2025 අගෝස්තු 5වන දින ගම්මන්පිල මාධ්‍ය හමුවක් පවත්වා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් අද (01) ගොනු කර ඇත.

හිටපු අමාත්‍යවරයා විසින් ගොනුකොට ඇති මෙම රිට් පෙත්සම උත්තරකරුවන් වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් අරවින්ද අතුකෝරළ පවසන්නේ, තමන් නීති විරෝධි සහ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා තම පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල නඩුවක් ගොනු කර ඇති බවයි.

එම මාධ්‍ය නිවේදනයට අනුව, හිටපු කොටි ත්‍රස්තවාදි නායකයෙකුගෙන් ලබා ගත් ගොතන ලද සාක්ෂි මත හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ව අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් 2025 අගෝස්තු 5වන දින ගම්මන්පිල මාධ්‍ය හමුවක් පවත්වා ඇත.

එකී ප්‍රකාශය තුළ කිසිම ජනවර්ගයක් පිළිබඳ කිසිම සඳහනක් නොමැති බවත්, එසේ ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තියෙන් තහවුරු කර ඇති භාෂණයේ නිදහස භුක්ති විඳීමක් වුව ද  එකී ප්‍රකාශය තුළින් ජනවර්ග අතර අසමගිය ඇති කරන හෙයින් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ (අයිසීසීපීආර් පනතේ) 3(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වරදක් කර ඇති බවට විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 අගෝස්තු 27 දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර ඇත.

අදාළ නිවේදනයේ තව දුරටත් සඳහන් වන අන්දමට උදය ගම්මන්පිල ජාතික යුතුකමක් ඉටු කිරීම මත අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට යන හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියි.

එසේම මර්ධනකාරී  ICCPR පනත දේශපාලඥයෙකු අත්අඩංගුවට ගැනීම සදහා යොදාගනු ලබන්නේ ඉතිහාසයේ පළමු වතාවට බව ද ඒම නිවේදනයෙන් අවධාරණයය කරයි.

 අරවින්ද අතුකෝරළ විසින් නිකුත්කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මතු පළවේ.


උදය ගම්මන්පිල ගොනු කර ඇති නඩුවේ පිටපත මෙතනින්.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගම්මන්පිලගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් | The Leader