The Leader News
BREAKING
Top Ad
පුවත්

2025 රාජ්‍ය ආදායම් ඉලක්ක ඉහළින්ම සපුරා තිබීම නිසා ලංකාව කළු ලේඛනයෙන් (Blacklist) බේරෙයි

T

The Leader Desk

June 7, 2026 • 4:57 AM

2025 රාජ්‍ය ආදායම් ඉලක්ක ඉහළින්ම සපුරා තිබීම නිසා ලංකාව කළු ලේඛනයෙන් (Blacklist) බේරෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භාණ්ඩාගාරයේ ‘කෝටි 75ක’ සයිබර් වංචාව මැද IMF වෙතින් ලංකාවට තාවකාලික නිදහසක්: ඩොලර් මිලියන 695ක වාරිකය අනුමතයි!
  • භාණ්ඩාගාරය තුළ සිදුවූ ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 75කට අධික) දැවැන්ත සයිබර් මූල්‍ය වංචාවක් (Phishing Scandal) හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජයට අයත් 'Export Finance Australia' ආයතනයට ගෙවිය යුතු ණය වාරිකයක් පැහැර හැරීමේ බරපතල අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටී.
  • කෙසේ වෙතත්, මෙම බිඳවැටීම සුළු පරිමාණයේ තාක්ෂණික දෝෂයක් ලෙස සලකා, ඊට අදාළ "නොපැවැත්වීමේ නිදහස් කිරීමක්" (Waiver of non-observance) ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පියවර ගෙන තිබේ.
  • මෙම සමාවත් සමඟ, විස්තීරණ අරමුදල් පහසුකමේ (EFF) 5 වන සහ 6 වන සමාලෝචන සාර්ථකව අවසන් කරමින්, ලංකාවට හිමි ඩොලර් මිලියන 695ක ඊළඟ ණය වාරිකය නිදහස් කිරීමට IMF විධායක සභාව අනුමැතිය ලබා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


*භාණ්ඩාගාරයේ ‘කෝටි 75ක’ සයිබර් වංචාව මැද IMF වෙතින් ලංකාවට තාවකාලික නිදහසක්: ඩොලර් මිලියන 695ක වාරිකය අනුමතයි!

*ඔස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය මුදල් ව්‍යාජ ඊමේල් හරහා හැකර්වරුන් කොල්ලකෑම නිසා ලංකාව තාක්ෂණික පැහැර හැරීමක (Technical Default).

*වංචාව සුළු එකක් සේ සලකා IMF විධායක සභාවෙන් විශේෂ නිදහස් කිරීමක් (Waiver); එහෙත් මූල්‍ය පද්ධතියේ ‘චෙක් ඇන්ඩ් බැලන්ස්’ ගැන බරපතල ප්‍රශ්න.


භාණ්ඩාගාරය තුළ සිදුවූ ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 75කට අධික) දැවැන්ත සයිබර් මූල්‍ය වංචාවක් (Phishing Scandal) හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජයට අයත් 'Export Finance Australia' ආයතනයට ගෙවිය යුතු ණය වාරිකයක් පැහැර හැරීමේ බරපතල අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටී.

කෙසේ වෙතත්, මෙම බිඳවැටීම සුළු පරිමාණයේ තාක්ෂණික දෝෂයක් ලෙස සලකා, ඊට අදාළ "නොපැවැත්වීමේ නිදහස් කිරීමක්" (Waiver of non-observance) ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පියවර ගෙන තිබේ.

මෙම සමාවත් සමඟ, විස්තීරණ අරමුදල් පහසුකමේ (EFF) 5 වන සහ 6 වන සමාලෝචන සාර්ථකව අවසන් කරමින්, ලංකාවට හිමි ඩොලර් මිලියන 695ක ඊළඟ ණය වාරිකය නිදහස් කිරීමට IMF විධායක සභාව අනුමැතිය ලබා දී ඇත.

ව්‍යාජ ඊමේල්වලට රැවටුණු භාණ්ඩාගාරයේ ‘කෝටි 75’ මංකොල්ලය

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේදී ද දැඩි ලෙස ප්‍රශ්න කරන ලද මෙම වංචාව සිදුව ඇත්තේ, හැකර්වරුන් විසින් එවන ලද ව්‍යාජ ඊමේල් පණිවිඩ (Fraudulent emails) මඟින් බැංකු ගිණුම් විස්තර වෙනස් කරමින්, වාර 10කදී මෙම ණය මුදල් වෙනත් ගිණුම් වෙත හරවා යැවීමෙනි. මේ හේතුවෙන් 2025 නොවැම්බර් මාසයේ සිට නව විදේශ ණය හිඟ හිඟ මුදල් රැස් නොකිරීමට ලංකාව එකඟ වී තිබූ මූලික IMF කොන්දේසිය උල්ලංඝනය වී තිබුණි.

මෙය රටක් ලෙස 'තාක්ෂණික ණය පැහැර හැරීමක්' (Technical Default) ද යන්න පිළිබඳව දේශපාලන කරළියේ දැඩි සංවාදයක් මතු වූ අතර, රජය ප්‍රකාශ කරන්නේ අදාළ මුදල ඔස්ට්‍රේලියාවට කඩිනමින් ගෙවීමට පියවර ගන්නා බවයි.

IMF දුන් කොන්දේසි සහ ඉදිරි දැඩි පියවර

මෙම වංචාව දදේනි (GDP) ප්‍රතිශතයක් ලෙස 0.002% වැනි සුළු අගයක් ගැනීම සහ රජය විසින් වහාම විමර්ශන ආරම්භ කිරීම හේතුවෙන් IMF මෙම නිදහස් කිරීම ලබා දුන්නද, මින් ඉදිරියට මෙවැනි වංචා වැළැක්වීම සඳහා දැඩි කොන්දේසි පනවා ඇත.

ඒ අනුව, ලබන ජූනි මස අවසන් වීමට පෙර විදේශ ණය ගෙවීම් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) සකස් කිරීමටත්, අගෝස්තු අවසන් වීමට පෙර නව 'Meridien' සහ 'ITMIS' ණය කළමනාකරණ තොරතුරු පද්ධති සම්පූර්ණයෙන්ම සක්‍රීය කිරීමටත් රජය එකඟ වී තිබේ.

2025 වසරේ රාජ්‍ය ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්ක ලංකාව ඉහළින්ම සපුරා තිබීම නිසා මෙම ණය වාරිකය බේරා ගැනීමට හැකි වුවද, භාණ්ඩාගාරයේ පවතින මෙවැනි අභ්‍යන්තර පාලන (Internal Controls) සහ සයිබර් ආරක්ෂණ සිදුරු වහාම වසා නොදැමුවහොත්, අපහසුවෙන් දිනාගත් ජාත්‍යන්තර මූල්‍ය විශ්වාසය බිඳවැටීමේ දැඩි අවදානමක් පවතින බව ස්වාධීන ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(වාර්තාව - සම්පත් ධීරසේකර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...